කොරෝනා අස්සේ : මහ මැතිවරණයට මතය සැකසේ !

කොරෝනා අස්සේ : මහ මැතිවරණයට මතය සැකසේ !

ඉතාලියෙන් පැමිණි පිරිස් නිසා මෙරට තුළ ඇතිවූ කොරෝනා අවදානම දැන් අවසන් භාගයට පැමිණ ඇති බවත්, මේ වන විට වාර්තා වන්නේ ඉන්දුනීසියාව, ඩුබායි සහ ඉන්දියාවේ සිට පැමිණි රෝගීන් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ උපුටා දක්වමින් ආණ්ඩුවට පක්ෂපාති පෞද්ගලික සමාජ මාධ්‍ය වාර්තා පළකරමින් සිටියි.

සමාජ මාධ්‍ය හරහා එවැනි මත පළකිරීමක් ඉස්මතු කරමින් සිටින්නේ, කොරෝනා ආසාදනයෙන් මුදා ගන්නා දිස්ත්‍රීක්කයන් හි කඩින් කඩ, මහ මැතිවරණයට අදාළ ඡන්ද විමසීම් සිදු කිරීමට රජය තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා පලවෙමින් තිබිය දිය.

''දැන් තත්වය යහපත්..’- කොරෝනා සටනේ මහ මොලකරුවන් කියයි''

''දැන් තත්වය යහපත්'' බව පවසමින් 'ලංකා සී නිව්ස්' වෙබ් අඩවියේ පලවී ඇති පුවත් වාර්තාවක මෙසේ සඳහන් වේ.

''අද වන විට මෙරට කොරෝනා රෝගීන් පරික්ෂා කිරීමේ ප්‍රමාණය වැඩි කර ඇතත් රෝගීන් ප්‍රමාණයේ වැඩිවීමක් සිදුව නැති බවත් එය හොඳ තත්ත්වයක් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි.

දැනට පවතින තත්ත්වය නරක තත්වයක් නොවන නමුත් පවතින තත්ත්වයන් ලිහිල් වුවහොත් නැවතත් වක්‍රය උස් වීම් ඇති විය හැකි බව ද ඔහු බව අවධාරණය කලේය.

එනිසා සමාජ දුරස්ථභාවය තවදුරටත් පවත්වා ගැනීම සඳහා ජනතාව උනන්දු විය යුතු බවද ඔහු සඳහන් කළේය.

ජාසිංහ ගේ හා ජයරුවන් බණ්ඩාර ගේ පුරෝකතන නිවැරදියි !

Anil Jayasin text 09                                                                      '' මොවුන්ගේ පුරෝකථනයන් ඉතා ආසන්න තත්වයකට සැසදුනේය.''

මේ අතර පසුගිය සතියේ දී ජාසිංහ පුරෝකතනය කරන ලද්දේ අප්‍රේල් 07 දා වන විට මෙරට කොරෝනා රෝගීන් 168ක් පමණ වාර්තා වනු ඇති බවයි. එය ඔහුගේ පුරෝකතනය වඩාත්ම නිවැරදිව පෙන්නුම් කරමින් ඊයේ දිනය වන විට මෙරට වාර්තා වූ රෝගීන් 180ක ප්‍රමාණයකි. එය ආසන්නම වශයෙන් නිවැරදිම පුරෝකථනය විය.

මේ අතර වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කරන්නේ අද වනවිට ශ්‍රී ලංකාව මේ තරම් හොඳ තත්වයක සිටින්නේ කොරෝනා පතුරුවන පිරිස් හඳුනාගෙන ඔවුන් මනා ලෙස කළමනාකරණය කර ඇති නිසා බවයි.

ඉතා සුළු පිරිසක් හැරුණු කොට මෙම රෝගය පරිසරයට මුදා හැරිය හැකි සියලු දෙනා මේ වන විටත් හඳුනාගෙන ඇති බවද ඔහු කියා සිටියේය. එම සුළු පිරිස නිසා යම් සැක සංකාවක් ඇති බව ද ඔහු පැවසුවේ උත්සව සභාවක් අමතමිනි.

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මෙරට කොරෝනා වසංගතය මර්ධනය මෙහෙයුමේ ඉතා ඉහල සහ භාරදූර වගකීම් දරමින් සිටී.

ඔවුන් විසින් දෙදෙනා විසින් මෑතකාලීනව සිදු කරන ලද බොහෝ පුරෝකථනයන් ඉතා ආසන්න තත්වයකට සැසදුනේය.

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා ගෙන් සහතිකයක් !

මේ අතර සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි සදහන් කරන ලද්දේ තවත් සති දෙකක් ඇතුලත මෙරට සිටින සියළු කොරෝනා ආසාදිතයන් හදුනාගත හැකි වනු ඇති බවයි.

ඔවුන් රෝහල්ගත කර සුවපත් කල පසු මෙරට කොරෝනා රෝගයෙන් නිදහස් කර ගැනීමට හැකි යයිද ඇය මාධ්‍ය අමතමින් කියා සිටියාය.''

(උපුටා ගැනීම අවසන්)

ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය :

111703823 83828c24 de89 406b 98ae 102358113567  වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි (Getty Images)

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිකුත් කළ දත්ත අනුව, ශ්‍රී ලංකාව තුළ බදාදා (අප්‍රේල් 08) කොරෝනාවෛරස් රෝගීන් 189 ක් සහ මරණ 07 ක් වාර්තා වී තිබේ.

එමෙන්ම, පුද්ගලයන් 44ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

බදාදා (අප්‍රේල් 8) වන විට කොරෝනාවෛරසය වැළදී ඇතැයි සැකකෙරෙන රෝගීන් 228 ක් රෝහල්ගත කර සිටිති.

වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

කොරෝනාවෛරස ව්‍යාප්තියේ ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතින බව රජය පවසයි. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න