ජනවාරි 08 ජනවරමට පිටුපානවට වඩා රෙදි නැතුව පාරේ යන එක නම්බුයි

ජනවාරි 08 ජනවරමට පිටුපානවට වඩා රෙදි නැතුව පාරේ යන එක නම්බුයි

කිසිම හේතුවක් හෝ කුමන බලපෑමක් යටතේ වුවත් 2015 ජනවාරි 08 ජනවරමට පිටුපාන තීන්දුවක් නොගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක සඳහන් කරන බව වාර්තා වෙයි.

ප්‍රතිපත්තිමය තීරණයක්

එසේම තමන් පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේ එවකට විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත්වූ මෛත්‍රීපාල සිරිසේන වෙත සහය පළකර රාජපක්ෂ ආණ්ඩුවෙන් එළියට බැස්සේ ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන බවත් ජීවිතය පවා අවධානමේ යොදවාගෙන ගනු ලැබූ එම ප්‍රතිපත්ති තීන්දුව සල්ලි වලට හෝ වෙනත් කිසිඳු වරප්‍රසාදයක් වෙනුවෙන් පාවා නොදෙන බවද අමාත්‍යවරයා සඳහන් කර ඇති බව වාර්තා වෙයි.

පෞද්ගලික කාර්ය මණ්ඩලය දැනුවත් කරලා

මේ බව newstube.lk වෙත අනාවරණය කර සිටියේ අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයකු වන අතර මෙම ප්‍රකාශය අද උදෑසන අමාත්‍යවරයා සිය පෞද්ගලික කාර්යමණ්ඩලය කැඳවා අවධාරණය කල බවද එම පාර්ශවය සඳහන් කරයි.

මහින්ද සරණ ගිය බහුතරයට : දුමින්දගේ අත්සන නෑ

ඒ මේ වන විට ශ්‍රීලනිප තනි ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් එම පක්ෂයේ මැති ඇමතිවරුන්ගෙන් අත්සන් එකතු කිරීමේ කටයුත්තට අමාත්‍ය දුමින්ද දිසානායක අත්සන් තැබීම ප්‍රතික්ෂේප කර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා වල සත්‍ය අසත්‍යතාව විමසීම සඳහා අමාත්‍යවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කල අවස්ථාවේදී ය.

පක්ෂය මාරු කරන්නෙත් නෑ

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එම පාර්ශවය සඳහන් කර සිටියේ, "2015 ජනවාරි 08 ජනවරම ආරක්ෂා කිරීම වෙනුවෙන් කොන්දේසි විරහිතව කටයුතු කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් ඒ වෙනුවෙන් තනිව හෝ සටන් කිරීමට තරම් අධිෂ්ඨානයක් තමන්ට ඇති බවද අමාත්‍යවරයා පැවසු බවය. එසේම කිසිම හේතුවක් මත තමන් පක්ෂයෙන් ඉවත්ව නොයන නමුත් කවර දුෂ්කරතාවකට මුහුණදීමට සිදුවූවද රාජපක්ෂවරුන් සමඟ එකට හිටගන්නේ නැති බවද අමාත්‍යවරයා අවධාරණය කර ඇති බවද පැවසේ.

රෙදි නැතිව පාරේ යනවා ඔයිට නම්බුයි

තවද දුෂිත රෙජීමයක් සමඟ යළිත් සන්ධාන ගතවීමකට කවර පාර්ශවයක් කටයුතු කලත් රාජපක්ෂලා තම දුෂිත ප්‍රතිපත්තිය වෙනස් කර නොමැති පසුබිමේ ජනවාරි 08 ජනවරමට පිටුපා ඔවුන් සමඟ හිටගැනීමට වඩා රෙදි නැතුව පාරේ යාම ඊටවඩා නම්බුකාර බව අමාත්‍යවරයා පැවසූ බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න