කොල්ලුපිටිය ප්‍රදේශයේදී චීන ජාතිකයකු සන්තකයේ තිබූ රුපියල් කෝටි දෙකක මුදලක් පැහැරගෙන යාමේ දී අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් සිව් දෙනා ලබන 23 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව පහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේ ය.
මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන කන්දගේ දොන් අජිත් ප්‍රියන්ත නැමැත්තා ලබන 23වන දා හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව පෙරට්ටුව කොටුව වැඩ බලන මහේස්ත්‍රාත් කිංස්ලි හෙට්ටිආරච්චි ගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහි දී සාක්ෂිකරුවන් තිදෙනෙකු සැකකරු විසින් හඳුනාගනු ලැබී ය.
එදින නොපැමිණි සාක්ෂිකරු සඳහා ඉදිරි දින හඳුනා ගැනීමේ පෙරට්ටුව පැවැත්වීමට නියමිත ය.
සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව කොල්ලූපිටිය පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
