ජනාධිපති නියමයෙන් නිල් ආණ්ඩුවේ වගකීම "සුසිල් - දිනේෂ්" කමිටුවට

ජනාධිපති නියමයෙන් නිල් ආණ්ඩුවේ වගකීම "සුසිල් - දිනේෂ්" කමිටුවට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත්කර ඇති බව වාර්තා වෙයි.

අන්තිම තීන්දුව ගන්න

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මෙම කමිටුව පත්කර තිබෙන්නේ ජනාධිපතිවරයා විසින් වන අතර ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් මෛත්‍රී- මහින්ද දෙපාර්ශවයේ යෝජනා සාකච්ඡා කර අවසන් තීන්දු ගැනීම ඔවුන්ගේ වගකීම වී තිබේ.

එසේම ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ මේ වන විටත් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පිරිසක්ද ශ්‍රීලනිප ආණ්ඩුවට සහය ලබාදීම සඳහා සුදානමින් සිටින බවය.

ඔවුන් සමඟ සිදුකළ සාකච්ඡා සාර්ථකව අවසන් වී ඇති බවත් කැඳවීම සිදුකළ සැනින් ඒ සියළු දෙනා ශ්‍රීලනිප පාර්ශවයට සහය දක්වමින් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට එක්වන බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

ජනාධිපතිගේ වැඩ ගැන නිවේදනය වෙල්ගමගෙන්

මේ අතර රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ඉවත්කර ඒ වෙනුවට වෙනත් අයෙකු පත්කිරීමට ඇති හැකියාව සොයාබලා වාර්තා කරන ලෙස ජනාධිපතිවරයා නීතිපතිවරයා ඇතුළු නීතිවේදීන් කණ්ඩායමකට දැනුම්දී ඇති බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සඳහන් කර තිබේ.

අරලියගහ මන්දිරයෙත් කැබිනට් ලැයිස්තුව සකසයි

කෙසේ වුවත් එක්සත් ජාතික පක්ෂය එළඹෙන අඟහරුවාදා සිදුකිරීමට නියමිත කැබිනට් සංශෝධනය සඳහා මේ වන විටත් අරලියගහ මන්දිරයේ සිය කැබිනට් සාමාජිකයන්ගේ විෂය පථ සකසමින් එම පක්ෂ ආරංචිමාර්ග සඳහන් කරයි.

එහිදී අමාත්‍යධුර සංඛ්‍යාව 30කට සීමා කර ඇති බවත් එසේම පසුගිය සමයේ දුෂණ චෝදනා ලැබූ කිසිවෙකුට අමාත්‍යධුර ලබාදීමක් සිදුනොවන බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න