එළවළු ගොවි අවනඩුව කියන්නේ කාටද ?

එළවළු ගොවි අවනඩුව කියන්නේ කාටද ?
ආර්ථික මධ්‍යස්ථාන වෙත ගෙන එනු ලබන  එළවළු විකිණීම සහ බෙදා හැරීම සම්බන්ධ විධිමත් වැඩ පිළිවෙළක් නොමැති බැවින් ගොවීන් පත්ව  ඇත්තේ බත් පතළ අපහසුතාවයකට ය.
 
පහත දැක්වෙන්නේ ඒ සම්බන්ධව ඌව පළාතේ හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් විසින් සිදුකර ඇති ආවරණයකි.
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට සිදු වු අකරතැබ්බය මේ වන විට බණ්ඩාරවෙල තොග පොල හා කැප්පෙටිපොල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයට ද සිදුව ඇත.  එළවළු විකුණා ගත නොහැකිව අන්ත අසරණ වී ඇති ගොවියාට යන එන මං නැතිවී ඇත.  මේ ඡායාරූපය සවස 5.40ට ගත්තකි.  මේ ගොවීන් තවමන් එතැන සිටී.  බෝංචි කිලෝව රු. 15 ට විකුණාගත නොහැකිව ඇත.
 
IMG 20200406 WA0000
(ඡායාරූපය උපුටා ගැනීම රජිත් කීර්ති තෙන්නකෝන් ගේ ෆේස්බුක් පිටුවෙනි.)
 
අද දවස පුරාම ඇදිරි නීති බලපත් නිකුත් කිරීම සිදු වූයේ නැත. හෙට ලංකාව පුරාම එළවළු විකුණනු ඇත්තේ රු.   250 ඉක්මවන මුදලකටය.  ඉස්තරම් බෝංචි රු. 15 ට, තක්කාලි රු. 10 ට, ගෝවා රු. 12-15 ට, පිපිංඤා රු. 8 ට, රාබු නිකං හෝ මිලදී නොගන්නා තත්වයකට, නෝකෝල් රු. 10 ට හෝ විකිණෙන්නේ නැත.  ඇදිරි නීති බලපත් ලබාදී, සතොස, සමුපකාර ලොරි ටිකකට බලපත් දී හෙට ඇදිරි නීතිය ඉවත් කිරීමට පෙර මෙම එළවළු රට පුරා බෙදන්නේ නම් ගොවියාටත්, පාරිභෝගිකයාටත් එයි වාසිය හිමිවනු ඇත.  
 
‍මේ අවනඩුව කියන්නට කෙනෙක් නැත. අසන්නට කෙනෙක් නැත.
 
රජිත් කීර්ති තෙන්නකෝන් 
හිටපු ඌව, මධ්‍යම ආණ්ඩුකාර

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න