කොරෝනා අස්සේ දේශපාලනය යවන්න එපා : මැකොගේ දෙවැනි ලිපියත් අගමැතිට !

කොරෝනා අස්සේ දේශපාලනය යවන්න එපා : මැකොගේ දෙවැනි ලිපියත් අගමැතිට !

පවතින වාතාවරණය මත ජනතාවට සහන සැලසීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේදි දේශපාලනඥයින් සම්බන්ධ නොකර රාජ්‍ය යාන්ත්‍රණය යොදාගෙන එය සිදු කරන ලෙස දන්වමින් ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය  දෙවන වරටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ලිපියක් යොමු කර ඇත.

එහි දැක්වෙන්නේ පවතින වාතාවරණය මත ජනතාවට සහන සැලසීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේදි විශේෂ වැඩපිළිවෙළක් අත්‍යාවශ්‍ය බවත් එම ක්‍රියාවලිය යටතේ ජනතාවට සහන සැලසීමේදී ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට නියමිත අපේක්ෂකයින් භාණ්ඩ බෙදාහැරීම මුවාවෙන් සිය අපේක්ෂකත්වය සහ දේශපාලන පක්ෂය ප්‍රවර්ධනය කිරීමේ උත්සහයක නිරතවන බවට පැමිණිලි ලැබී ඇති බවයි.

එම නිසා ආණ්ඩුකාරවරු, අමාත්‍යංශ ලේකම්වරු, ප්‍රධාන ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශිය ලේකම්වරු, පළාත් පාලන ආයතන වල කොමසාරිස්වරු සහ ක්ෂේත්‍ර නිලධාරීන් විසින් ආරක්ෂක අංශවල සාමාජිකයින්ගේ සහාය ඇතිව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ජනතාවට බෙදාදීමට පියවර ගන්නා ලෙසත් ඒ වෙනුවට ඇතැම් දේශපාලනඥයින් මේ අවස්ථාවේදී දේශපාලන වාසි ලබාගැනීමේ ප්‍රයත්නය වැලැක්වීමට පියවර ගන්නා ලෙසත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය යොමු කළ එම ලිපියේ සඳහන්ව ඇත.

මීට පෙරද එනම් පසුගිය මාර්තු 25 වනදාද මෙලෙසම ලිපියක් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ  වෙත යොමු කිරීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය  කටයුතු කර තිබිණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න