MSC මැග්නිෆිකා නෞකාවේ සිටි ශ්‍රී ලාංකික තරුණයා කොළඹ වරායට රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව අද (06) කටයුතු කර ඇත.
මේ වන විට විෂබීජ හරණ ක්‍රියාවලියකට ලක් කිරිමෙන් අනතුරුව ඔහු දින 21ක නිරෝධායන කාලසීමාවක් සදහා බූස්ස නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරිමට පියවර ගෙන තිබේ.
මේ සම්බන්ධව අදහස් දක්වමින් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කර්මාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර පවසන්නේ අදාළ තරුණයා සිදු කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් පරිදි මෙය සිදුකල බවය.
ඉතාලිය බලා යාත්‍රා කරමින් තිබූ මෙම නෞකාවේ රැදී සිටි අදාල තරුණයා කොළඹ වරායේදී තමා ලංකාවට භාරගැනිමට පියවර ගන්නා ලෙස සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විඩියෝ පටයක් නිකුත් කරමින් රජයේ බලධාරින්ගෙන් ඉල්ලීමක් සිදු කර තිබුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
