කොරෝනා එන්නේ ජාති බලලා නෙවෙයි : වෘත්තීය සමිති 26 ක් ජාතිවාදීන්ගේ කනටම ගහයි !

කොරෝනා එන්නේ  ජාති බලලා නෙවෙයි :  වෘත්තීය සමිති 26 ක් ජාතිවාදීන්ගේ කනටම ගහයි !

සුළු ජාතීන් හා සුළු ජන කොටස් කොරෝනා වෛරස වාහකයන් ලෙස හුවා දක්වමින් ජාතිවාදී හැගීම් උද්දීපනය වන ආකාරයෙන් බලධාරීන් හා මාධ්‍යවේදීන් කටයුතු කිරීම සම්බන්ධයෙන් දිවයිනේ මුල් පෙලේ වෘත්තිය සමිති විසි හයක්  දැඩි කනගාටුව පල කර තිබේ.

කොරෝනා වෛරස ආසාදිතයා කුමන ජාතියකට හෝ ආගමකට අයත් වුවත් ඔවුන් සිය කැමැත්තෙන් හා උවමනාවෙන් රෝගයට ගොදුරු නොවන බවයි එම  වෘත්තිය සමිති ‌පෙන්වා ‌දෙන්නේ.

රෝගය යම් ප්‍රමාණයකට ව්‍යාප්ත වන තෙක් නිරෝධායන කටයුතු ආරම්භ නොකිරීමෙන් මේ වන විට වෛරසය පැතිරී ඇති  බව නිවේදනයක් නිතුක් කරමින් එම සමිති පෙන්වා දී තිබේ.

 එය ජාතිය, ආගම අනුව නොව  ඕනෑම අයෙකු ගොදුරු කරගන්නා ලෝක පරිමාණව ව්‍යාප්ත වී ඇති වෛරසයක් බව අප සියලූ දෙනා විසින් හොදින් දන්නා කරුණක් බවද  එම නිවේදනයේ සදහන්ය.

සුව සේවා ප්‍රධානියාගේ නිර්දේශ :

එවැනි තත්වයක් තුළ ප්‍රමාද වී හෝ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ  මාධ්‍ය වෙත  නිර්ණායක ගණනාවක් නිර්දේශ කර තිබීම ඇගයීමට ලක් කරන වෘත්තිය සමිති අවධාරණය කර ඇත්තේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා  විසින්  හදුන්වා දුන් නිර්ණායක මාධ්‍ය පමණක් නොව  ප්‍රකාශ ලබාදෙන රාජ්‍ය නිලධාරීන් හා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කරන රජයේ ඇමතිවරු සහ සියලූ ම දේශපානඥයන් විසින් ද අනුගමනය කළ යුතු බවයි.

 නව කොරෝනා වෛරසයෙන් ආසාදිත වූවන් සහ ඉන් මියගිය පුද්ගලයන් පිළිබඳ තොරතුරු වර්තා කිරීමේදී ජාතිවාදී හැගීම් උත්සන්න වන පරිදි ආගම සහ ජාතිය අනුව වර්ගීකරණය කරමින් තොරතුරු වර්තා කරනු දක්නට ලැබෙන බව වෘත්තීය සමිති සිය නිවේදනය මගින් වැඩි දුරටත් දක්වා තිබේ.

 එම තත්වය වලක්වා ගැනීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මාධ්‍ය වෙත ඉදිරිපත් කළ නිර්දේශ සියලූ ම පාර්ශවයන් විසින් අනුගමනය කරන ලෙස ඉල්ලා සිටින්නේ පහත සඳහන් වෘත්තීය සමිති 26 විසිනි.

ලංකා ගුරු සංගමය, 
ලංකා වෙළද කාර්මික හා පොදු සේවක සංගමය, 
ලංකා බැංකු සේවක සංගමය, 
සමස්ත ලංකා රාජ්‍ය කලමනාකරණ නිළධාරීන්ගේ සංගමය, 
ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමය, 
වාරිමාර්ග පොදු සේවක සංගමය, 
ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනය, 
පළාත් කළමණාකරණ සේවා නිළධාරින්ගේ සංගමය, 
ජාතික තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමය, 
දුම්රිය ඒකාබද්ධ පෙරමුණ, 
තොරතුරු හා විදුලි සංදේශ සියලූ සේවක සංගමය, 
රජයේ කර්මාන්ත ශාලා සේවක සංගමය, 
එක්සත් ජාතික තැපැල් සේවක සංගමය, 
එක්සත් තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමය, 
ශ්‍රී ලංකා නිදහස් තැපැල් වෘත්තියවේදීන්ගේ සංගමය, 
ලංකා වාත්තීය සමිති සම්මේලනය, 
රජයේ ආහාර නිරීක්ෂිකා සංගමය, 
එක්සත් ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීන්ගේ සංගමය, 
ජාතික නිදහස් වෘත්තිය සමිති සම්මේලනය, 
ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ සේවක වෘත්තිය සමිතිය, 
මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය,
 වානිජ හා කාර්මික සේවක සංගමය, 
එක්සත් කම්කරු සම්මේලනය, 
ටෙලිකොම් සියලූ සේවක සංගමය, ලංකා වතු සේවා සංගමය, 
එක්සත් පොදු සේවක සංගමය 

මාර්ගෝපදේශ මොනවාද?

Facebook Google Virus tracking 591406019
 කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සහ නිරෝධායනයට ලක් වන පුද්ගලයන්ගේ ජාතිය ඉස්මතු වන අයුරින් ප්‍රවෘත්ති පල කිරීමේ ප්‍රවනතාව වැඩි වීමත් සමග කොවිඩ් 19 පිළිබඳ වාර්තාකරණයේ දී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ ඇතුළත් නිර්දේශ කීපයක් දිවයිනේ ප්‍රධානතම සෞඛ්‍ය බලධාරියා විසින්  පසුගියදා හදුන්වා දී තිබුනි.

#  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්  විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගේ අත්සනින්  යුතුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂ ජනරාල් වරයා වෙත යොමු කර තිබු නිවේදනයක් මගින් මුලිකවම ඉල්ලා තිබුනේ  නිරෝධායනයට ලක් කරන පුද්ගලයන්, රෝගීන් සහ මරණ වාර්තාකරණයේදී කිසිවිටකත් ජාතිය සහ ආගම සඳහන් නොකරන ලෙසයි.

#  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හදුන්වා දී ඇති  මාර්ගෝපදේශ පරිදි සෑම විටම කොවිඩ් 19 සම්බන්ධයෙන් වාර්තාකිරීම සඳහා සත්‍ය සහ තහවුරු කරන ලද මුලාශ්‍ර පමණක් භාවිත කළ යුතු අතර වෛරසය ආසාදිත පුද්ගලයන් "රෝගීන්" මිස අනෙක් අයට "රෝගය පතුරුවන පුද්ගලයන්" ලෙස හැදින්වීමෙන් වැළැකිය යුතුය.

 # අවදානමේ ප්‍රමාණය තාක්ෂණික සහ විද්‍යාත්මක කරුණු මත පමණක් පදනම් කරගෙන වාර්තාකරණයේ යෙදිය යුතු අතර විවිධ පුද්ගලයන්ගේ පෞද්ලගික මත සමාජ ගත කිරීමේන් වැළැකිය යුතුය.

 # නිරෝධායනයට ලක් කරන පුද්ගලයන් සහ රෝගීන්ගේ ඡායාරූප, වීඩියෝපට ඔවුන්ගේ අවසරයකින් තොරව ප්‍රදර්ශනය නොකළ යුතුය.

 #  මිය ගිය අයගේ අවසන් කටයුතු පිළිබද සංවේදී ඡායාරූප හෝ වීඩියෝ පට ප්‍රදර්ශනය කිරීමේදී එම දර්ශන බොද කොට භාවිතය වඩාත් යෝග්‍ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාට දන්වා  තිබේ.

 #  ජනතාව තුළ වෛරය ඇති වන ලෙස තොරතුරු වාර්තා කිරීමෙන් වළකින ලෙසද ඉල්ලා සිටින විශේෂඥ වෛද්‍යවරයා කොරෝනා වෛරස් තත්වය ජන මනසට ආතතිය සහ ඉච්ඡාභංගත්වය ඇති වන ලෙස නොව අනාගතය සම්බන්ධයෙන් ධනාත්මක බලාපොරොත්තු සහ එකිනෙකා අතර සහයෝගය ඇති වන ලෙස ප්‍රවෘත්ති සහ දැනුවත් කිරීම් ලබා දෙන ලෙසද ඔහු වැඩි දුරටත් ඉල්ලා තිබුනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න