හැම දවසක්ම අපට අලුත් පාඩමක් කියා දෙයි. වරද ඒ පාඩම් අප ගුරු කොට නො ගැනීමය. යටත් පිරිසෙයින් කොරෝනා ව්‍යසනය පාදක කොට මේ පාඩම අථත් කර ගැනීම ජාතියක් ලෙස අප අධිෂ්ඨාන කරගත යුතුවේ. කොරෝනා හරහා අප තේරුම් ගත යුත්තේ ගෝඨාභයගේ නායකත්වය නිසා තත්වය කළමනාකරණය කර ගත්තා කියා නොවේ. විනාසයක් හමුවේ හෝ අප එකිනෙකාට, අනෙකාට, අසල්වැසියාට ලෙන්ගතු නැති බවය. පාලකයා බලයෙන් මිස මොලයෙන් කි‍්‍රයා නොකරන බවය.
දේශපාලනය අපේ ආගම හා හෝ වෙනත් ගොන්කම් බිම තබා තනි පෙළට සිට ගැනීමට තරම් අප තුළ මනුස්සකම් නැත. මුස්ලිම් කී විට, දෙමළ කී විට රටේ බහුතරය හිතන විදිය වෙනස්ය. ආගම කී විට, අනෙක් මිනිසුන්ගේ ආරක්ෂාව අමතක කරන තැනට රට පත්ව ඇත. මේ දුර්වලකම ඇත්තේ සාමාන්‍ය ජනතාව තුල පමණක් නොවේ. රවුෆ් හකීම් අර මොට්ට ප්‍රකාශය කළේ වගකීමෙන් නොවේ. භික්ෂූන්, වෘතිකයන්, දේශපාලනඥයන් පවා හැසිරෙන්නේ බෙහෙවින් අමන ර`ථ ස්වභභාවයකිිනි.රටේ සෙඛ්‍ය ඇමති වරිය වෘතියෙන් නීතිඥයෙකි. ඇය අප දිනන නිසා, ඡුන්දය පවත්වන්න ඕනැ කීම ඊට උදාහරණයකි. ඩලස් අලහප්පෙරුම, ලක්ෂමන් යාපා අබේවර්ධන, චමල් රාජපක්ෂ සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ කළ ප්‍රකාශ ඊට නිදසුන් වේ. ලෝකයම මේ වසංගතයෙන් මිදෙන විදික් කල්පනා කරන විට රාජපක්ෂ කාණ්ඩය බලය ගැන කල්පනා කරති. විපක්ෂය පාර්ලිමේන්තුව කැඳවන්න කියන්නේ පාලකයාගේ මේ හැසිරීම නිසාය. පාලකයා ඒ ප්‍රශ්නයෙන් මගහැර බෞද්ධ භික්ෂුන් ලවා පාර්ලිමේන්තුව එපා කියවති.
කාලකන්නියෙකු රටේ පාලකයා වූ විට රටට සිද්ධ වන දේ යනුවෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි 2017දී ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ එල්ල කොට ය. ඒ රනිල් වික්‍රමසිංහ දෙමාපියන්ට පින් පිණිස තම ධනයෙන් කොටසක් කැලණි පංසලට පූජා කළ බව කියති? ජේ.ආර්.ජයවර්ධන සිය ධනස්කන්ධය පොදු දේපල බවට පත් කර මිය ගියේය. බණ්ඩාරනායක මැරුම් කෑ රෝස්මිඞ් පෙදෙසේ නිවෙස හරි නම් කෞතුකාගාරයක් කළ යුතුව තිබිණ. එහෙත් එය අද හෝටලයකි. රාජපක්ෂලා වැදූ හැදූ දෙමාපිය සොහොන රජයේ මුදල් යොදා වංචනිකව ඉදි කළ බවට චෝදනා කරති. රටක් ගැන රටක ප්‍රශ්න ගැන අප කල්පනා කළ යුත්තේ කෙසේද? ඊට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ප්‍රකාශය ප්රමාණවත්ය.
සුව සැරිය ගිලන් රථ ගැන රජයේ වෛද්‍ය නිලධාරි සංගමය කළ ප්‍රකාශය ගැන අද ඔවුන්ට උත්තර බැඳිය හැකිද? හොඳ නරක හමුවේ අප හැසිරෙන ආකාරය අප තේරුම්ගත යුතුව ඇත.
බොහෝ දෙනා කියන්නේ මෙවර රජයේ වෛද්‍ය නිලධාරි සංගමය බොක්කෙන් වැඩ කියාය. ඔවුන්ට කොරෝනා වසංගතයේ බරපතලකම විෂය බද්ධව තේරුම් ගැනීමට නාම යෝජනා දී අවසන් වන තෙක් සිටියේ නො දන්නාකම නිසා නොවේ. පවත්නා රජය වසංගතයට වඩා වැදගත් වූ නිසාය. විපක්ෂය පාර්ලිමේන්තුව කැඳවන්න කියන්නේ පාලකයාගේ මේ හැසිරීම නිසාය.
පාලකයන් තමන් හැසිරෙන්නේ සිංහලයන් ලෙස යයි උප කල්පනය කරනවා විය හැකිය. එහෙත් නගන නාදය, පා තබන රිද්මය තුළ සිංහ ගතියක් නැත. ඔවුන් මේ වැඩ කරන්නේ අවංකවද යන්න අප විමසිය යුතුවේ. සෞඛ්‍ය සේවා, ග්‍රාම නිලධාරි ආදි රජයේ අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව සේවය කරති. එහෙත් රජය සහ ඔවුන්ට ලෙන්ගතු මාධ්‍ය ඔසවා තබන්නේ පොලිසිය සහ හමුදාව පමණකි. සෞඛ්‍ය සේවා, ග්‍රාම නිලධාරි ආදි රජයේ සේවා ඛණ්ඩයන්ට අවශ්‍ය අවම පහසුකම් හෝ ලැබි නැති බවට මැසිවිල් නැගේ. මෙහිදී වඩාත් බලවත් රජයේ වෛද්‍ය නිලධාරි සංගමය ගොලූවී සිටි. ඒ ඇයි?
දේශපාලන න්‍යාය පත්‍රය අතහැර නැති බැවිනි. විපක්ෂය පාර්ලිමේන්තුව කැඳවන්න කියන්නේ පාලකයාගේ මේ හැසිරීම නිසාය.
මාර්තු 16 වෙනිදාට වාර්තාවූ කොරෝනා රෝගින් සංඛ්‍යාව 29කි. මාර්තු 16 වෙනිදාට රෝගීන් 42කි. මාර්තු 17 වෙනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රෝගීන් 28ක් නිසා රට වහන්න පු`ථවන්ද යනුවෙන් උපහාසයෙන් විමසීය. රට වහන්න අවශ්‍ය කොරෝනා ආසාදිතයන්ගේ හෝ් මියගිය ලෙඩුන්ගේ ගණන හෙවත් ගණ පූර්ණය කීීයද? ඔහු අවදානම භාරගත යුතු පාලකයා ලෙස අදටත් නිසි තීරණ ගෙන නැත. මාවිල්ආරු ගේ්ට්ටු විවෘත කළ බව කියන ගෝඨාභය රාජපක්ෂට බේරුවල පල්ලියේ ගේට්ටු ඇරිය නො හැකිය. හේතුුව බැරිකම නොවේ. ළ`ග එන ඡුන්දයයි. මේ උදාව ඇත්තේ ව්‍යාප්ත වන වසංගතයට වගකිව යුතු කාලකන්නියා හෝ අවුරුදු කුමාරයා තෝරණ අවස්තාව නොවේ. මේ ව්‍යසනය හරහා පෙළ ගැසෙන නව තේමාවක් වෙනුවෙන් පෙනී සිටිය යුතු මොහොත වේ. නො මැරී ඉතිරිවන මිනිසුන් ගැහැනුන්ගේ යහපත පිණිස පෙළ ගැසිය යුතු හෝරාව වේ. විපක්ෂය පාර්ලිමේන්තුව කැඳවන්න කියන්නේ පාලකයාගේ මේ හැසිරීම නිසාය.
එහෙත් ආණ්ඩුව හෙවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහු අගය කරන්නන් මේ වනවිට කොරෝනා වසංගතය ඔටුන්නක් කර ගනිමින් සිටිති. රට ලොක්අවුට් කිරිමට ආසාදිතයන් 28ක් මදි කී ජනාධිපති ගෝඨාභයගේ මාධ්‍ය සහ හිතවතුන් වසංගතය වර්ධනය වන තත්වය හමුවේ ඉතාලියේ සේවය කළ ලාංකිකයන් රෝගය බෝ කළා කියා චෝදනා කළහ.දෙවනුව ඒ චෝදනාව මුස්ලිම් ජාතිකයන් පිට පැටවූහ. තෙවනුව වසංගතය මත පාර්ලිමේන්තුවක අවශ්‍ය තාවයක් නැති බවට කරුණු කීහ.
එහෙත් පළමවෙනි කොරෝනා රෝගියා සංචාරක චීන කාන්තාවකි. එය නිවැරදිව අධ්‍යයනය කළා නම් බුද්ධිමත් පාලකයෙකු රට ලොක් කරන්නේ එදාය. චීනයේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුන් ගෙන්වූ ආණ්ඩුව ලංකාවට රට සල්ලි ගෙනා විදේශගත ශ්‍රමිකයන් අමතක කළහ. හේතුව චීනයේ සිටි සිසුන් අතර සිටි දේශපාලනඥයන්ගේ දරුවන් සිටීම මිස මානව දදයාවක් හෝ වසංගත තත්වය සැලකිල්ලට නො ගැනිමය. ඒ සියල්ල එසේ තිබියේවා. හපන්කම් මෝඩකම් සහ කපටිකම් කෙසේ වෙතත් මේ වසංගතයෙන් බෙරීමට අපට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග වැඩ කිරීමට සිදුව ඇත. අප මේ මතය ගොඩ නගද්දී සමහර හිතවතුන් මෙසේ කියති. අපි එහෙම හිතුවාට, මේ ව්‍යසනය අස්සේ මේ මිනිස්සු දිගින් දිගටම කරන තක්කඩිකම් නිසා මරාගෙන මැරෙන්නට සිතෙන්නේ නැද්ද අසති. ප5ශ්නය ඇත්තේ මෙතනය. හැම උර චක්රමාලයම පටවන්නේ ග්‍රාම නිලධාරිගේ කර මතය. එහෙත් සහන සේවා සැපයීමේදී ප්‍රාදේශීය සභා නියෝජිතයා මූලිකයා කරන රෙගුලාසි යනු එක්කෝ ගොන් කමකි. එක්කෝ තක්කඩිකමකි.
දැන් සහන බෙදීමේ කි‍්‍රයාවලියේ ඉහළින්ම බැසිල් රාජපක්ෂය. බැසිල් යනු ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බව පැත්තකින් තියමු. ලෝක ප්‍රකට උදයංග විරතුංග යන් රාජපක්ෂලාගේ අම්මා කුඩම්මාගේ දරුවන්ය. එයාර් ලංකා විනාස කළ නිසාන්ත වික්‍රමසිංහ මහින්දගේ මස්සිනාය. නාමල් බෑනාගේ පරිහරණයට එයාර් ලංකා වෙන් කෙල්ලක් නිදහස් කර අරලියගත මන්දියේ නේවාසික කරවන ලද්දේච මේ අපූරු මාමා විසිනි. ජාලිය වික්‍රමසූරිය කවුද? අමෙරිකා තාතානපත් ලෙස මහින්ද රාජපක්ෂ පත් කළ පවුලේ ළ`ග නෑ සහොරදයෙකි. විපක්ෂය පාර්ලිමේන්තුව කැඳවන්න කියන්නේ පාලකයාගේ මේ හැසිරීම නිසාය.
මිනිසුන් රෝ බියෙන් මරණ බියෙන් ගැහෙන වෙව්ලන මේ මොහොතේ එක්ව දුක සැප බෙදාගත යුතු මොහොතක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කරන මේ විගඩම රාජ්‍ය පාලනය ලෙස අප කල්පනා කළ යුතුද? මේ තත්වය කතා කිරිමට රටේ පැවති එකම ආයතනය පාර්ලිමේන්තුව වේ. එය නැවත කැඳවිය යුතු බවට මතයක් පළවී ඇත. ඊට එරෙහිව තවදත් රාජපක්ෂලා වෙනුවෙන් කඬේ යන භික්ෂුන් කිහිප දෙනෙකු පාවිච්චි කරමින් සිටියි. රටක ව්‍යසන අවස්ථාවක නියෝජිත ප්රජාතන්ත්රවාදය සකි‍්‍රයව තිබිය යුතු බව ප/ජාතන්ත්රවාදි ලෝකයේ භාවිතයකි. දෙවන ලෝක සංග්‍රාමය හවුවේ ලංකාවේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කාලය යුද්ධය අවසන් වන තෙක් දීර්ඝ කෙරිණ. ඒ ඓතිහාසික රාජ්‍ය භෘවිතය මෙසේ යටපත් කරන්නේ තක්කඩිකම නිසා මිස, රාජ්‍ය තාන්ති‍්‍රක පරිචය නිසා නොවේ.
රාජපක්ෂලා රටේ පාලනය ලබා ගත්තේ ඡන්ද හැට නව ලක්ෂයක කැමැත්ත ලබාගෙනය. එය දෙවැනි අපේක්ෂකයාට වඩා නව ලක්ෂයක වැඩි ඡුන්ද ප්රමාණයකි. එහෙත් පසුගිය නොවැම්බරයේ පැවති ජනාධිපති මැතිවරණයේදී එක් කෝටි පනස් නව ලක්ක්ෂයක් ලියා පදිංචි ඡුන්ද දායකයන් ගෙන් ගෝඨාභයට පක්ෂව ලැබුණේ ඡුන්ද හැට නව ලක්ෂයකි. එය ලංකාවේ ලියා පදිංචි ඡුන්ද දායක ප්‍රමාණයෙන් 43%කි.ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස කි‍්‍රයා කිරිමේදී මේ තත්වය අමතක කර ඇත. එහෙත් ඔහුට එරෙහිව පෙළ ගැසුණ ජනතාව ඒ ගැන සිටින්නේ මහත් උනන්දුවෙනි. ඒ උනන්දුව වෙනුවෙන් පාර්ලිමේන්තුව රැුස්විය යුතුවේ. ප්‍රධාන හේතුව විසුරුවා හැරිය පාර්ලිමේන්තුව රාජපක්ෂලාට බහුතරය නැති පාර්ලිමේන්තුවකි. නිසාම පාර්ලිමේන්තුව කැඳවිය යුතුවේ.
ලංකාවේ ලියා පදිංචි ජන්ද දායක ප්‍රමාණයෙන් 43%ක් කැමැත්තෙන් බලයට පත් ගෝඨාභය රාජපක්ෂට රට ලොක් අවුට් කිරිමට කොරෝනා රෝගීන් 28ක් ප්‍රමාණවත් නොවීය. අද ඔහු එදා කළ ප්‍රකාශය දැඩි විවේචනයට ලක් වේ. ඒ තත්වය නිසා ඔහු තමන් කරන කියන දේ විමර්ශණය කිරිම පිණීස පාර්ලිමේන්තුව කැඳවිය යුතුවේ.
නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි.

