ප්‍රසිද්ධ රැප් ගායකයාට වසර 12ක සිරදඬුවමක් !

ප්‍රසිද්ධ රැප් ගායකයාට වසර 12ක සිරදඬුවමක් !

තරුණයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රංශයේ ප්‍රසිද්ධ රැප් ගායකයකු වන MHD හෙවත් මොහොමඩ් සිල්ලා හට වසර 12ක සිරදඬුවමක් නියම කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට 2018 වසරේ පැරිසියේදී තවත් පිරිසක් සමඟ එක්ව 23 හැවිරිදි ලොයික් කේ නම් තරුණයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් එරට අධිකරණය ඔහුට මෙම දඬුවම ලබා දී ඇත.

එහිදී මොහොමඩ් සිල්ලා විසින් එම පුද්ගලයාව සිය මෝටර් රථයෙන් හප්පා බිම දමා පසුව තවත් දෙළොස් දෙනෙකු සමඟ එකතුව පහර දී තියුණු ආයුධයකින් ඇන මරා දමා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් ය.

කෙසේ වෙතත් ඔහු අධිකරණය ඉදිරියේ පවසා ඇත්තේ, තමන් නිර්දෝෂී බවත් තමා එම ඝාතනයට කිසිදු සම්බන්ධකමක් නොමැති බවත්ය.

ඔහු පවසා ඇත්තේ, මෙම නඩුව කටකතා මත පදනම්ව ගොනුකර ඇති බවය.

කෙසේ වෙතත්, මෙම ඝාතනය සිදු වූ අවස්ථාවේ දී එය ප්‍රදේශවාසියෙකු විසින් රූගත කර ඇති අතර මොහොමඩ් සිල්ලාගේ මෝටර් රථය එහි පටිගත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එමෙන්ම එම විඩියෝ පටයේ සිටින පුද්ගලයන්ගේ තොරතුරු අනුව, මොහොමඩ් සිල්ලාගේ කොණ්ඩ මොස්තරය සහ ඇඳ සිටි ඇඳුමින් ද ඔහු එම ස්ථානයේ සිට ඇති බව හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම ඝාතනයට සම්බන්ධ තවත් පස් දෙනෙකුට වසර 10ත් 18ත් අතර සිරදඬුවම් ද ලබා දී ඇති අතර තවත් තිදෙනෙකුව නිදොස් කොට නිදහස් කර ඇත.

මේ වන විට 29 හැවිරිදි වියේ පසුවන මොහොමඩ් සිල්ලා, රැප් ගායකයෙකු ලෙස ප්‍රසිද්ධ වීමට පෙර පැරිසියේ පීසා බෙදා හැරීමේ රැකියාවක් සිදුකර ඇති බව සඳහන් වේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න