Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

යොහානිගේ ‘‘මැණිකේ මගේ“ ලොව ජනප්‍රියම ගීත 10 අතරට

නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා ගායනා කරන ‘මැණිකේ මගේ හිතේ’ ප්‍රතිනිර්මාණය ගීතය අසා තමා මහත් සතුටක් ලැබූ බව ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකා තානාපතිනී ඇලෙයිනා බී ටෙප්ලිට්ස්  පැවසුවාය.

මෙම ගීතය ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ ජනාකීර්ණ වීදියක කැරොලිනා ප්‍රොටෙසෙන්කෝ නම් 13 හැවිරිදි වීදි වයලීන ශිල්පිණියක කළ අනුවාදන සංගීතය රස වීදීමේ පසු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව පැවසුවාය.

මේ පිළිබඳ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිට්ස් තැබූ සටහනේ මෙසේද සදහන් වේ.

''ශ්‍රී ලංකවේ ගීතයක් වූ ''මැනිකේ මගේ හිතේ ගීතය'' කැලිෆෝනියාවේ වීදියකදී කැරොලිනා වයලීනයෙන් වයනු අසා මම මහත් සතුටක් වින්දා. මම බලාපොරොත්තු වෙනවා ඔබත් ඒ අයුරින්ම සතුටු වෙයි කිය. සංගීතය විශ්ව භාෂාවක් බව මින් වඩ වඩාත් තහවුරු වූ යැයි ද තානාපතිවරිය සිය ට්විටර් සටහනේ සදහන් කර තිබිණි.

නව පරපුර් ගායකාවක වන යොහානි ද සිල්වා ගායනා කළ ''මැණිකේ මගේ හිතේ '' ප්‍රතිනිර්මාණ ගීතය මේ වන විට අන්තර්ජාලයේ යූ ටියුබ් මාධ්‍යය ඔස්සේ කෝටි 12 ක පමණ පිරිසක් නරඹා ඇති අතර ලොව ප්‍රසිද්ධ ගීත දර්ශකවල ජනප්‍රියම ගීත 10 අතර රැදී සිටී.