ආණ්ඩුව තෙල් මිල ඉහළ දැමුවේ ඇයි...?

ආණ්ඩුව තෙල් මිල ඉහළ දැමුවේ ඇයි...?

ඉරානයට එරෙහි ඇමරිකානු ඊශ්‍රායල යුද්ධය හමුවේ ලංකාවට බල පෑ හැකි බලශක්ති අර්බුදයට මුහුණ දීමට කල් තියා සූදානම් වීමට ගත යුතු පියවර සම්බන්ධ දැනුවත් සාකච්ඡාවක් ගොඩ නගනවා වෙනුවට දවස් 45 කට තෙල් තියෙනවා කියූ ආණ්ඩුව අන්තිම තෙල් බින්දුව ඉවර වෙන තෙක් නො සිට තෙල් මිල ඉහළ දැමීම ගැන චෝදනා කරන ඇතැම් දේශපාලනඥයින් ගේ අරමුණ ආණ්ඩුව කිච කිරීම පමණක් මිස විය හැකි දේ පිළිබඳ බරපතළ අවබෝධයකින් කටයුතු කිරීම නොවේ.flag1

බොර තෙල් බැරලයක මිල ඩොලර් දෙගුණයකින් ඉහළට

යුද්ධය අවසන් කිරීම තීරණය කරන්නේ ට්‍රම්ප් විසින් නොව තමන් විසින් බව කීමෙන් ඉරානය අදහස් කළේ බල ශක්ති අර්බුදය වඩාත් තීව්‍ර කොට ලෝක අපවාදය ඇමරිකානු ඊශ්‍රායල අක්ෂය වෙත යොමු කිරීම බව මේ වන විට ගල්ෆ් කලාපයේ තෙල් නැව් සහ ඉරාකයේ, ඕමානයේ සහ බහරේනයේ තෙල් ගබඩා සහ පිරිපහදු වෙත එල්ල කල විනාශකාරී ප්‍රහාරවලින් පැහැදිලි වේ.

බොර තෙල් බැරලයක මිල ඩොලර් 200 දක්වා එනම් දෙගුණයකින් ඉහළ නැංවීම තම අරමුණ බව ඉරානය කියා ඇත. ඉරානයේ යුද්ධෝපාය අප සියල්ලන්ට ම දැනෙන පරිහානිකාරී යුද්ධයක් (War of Attrition) බවට තමන්ට එරෙහි යුද්ධය පත් කිරීම මගින් ලෝකාපවාදය ඇමරිකා-ඊශ්‍රායල සන්ධානයට යොමු කිරීමයි.

iran

ආණ්ඩුවේ සහ විපක්ෂයේ කාර්ය භාරය

ආණ්ඩුව ද ඇතිවීමට හැකි බලශක්ති අර්බුදය ගැන ජනතාව දැනුවත් කරමින් ඒ සඳහා සූදානම් වීමට ගත හැකි ක්‍රියා මාර්ග ගැන විවෘතව සාකච්ඡා කළ යුතු ය. ඇතිවීමට හැකි තත්ත්වය සලකා නවසීලන්ත රජය සතියකට නිශ්චිත දින ගණනක් පුද්ගලික කාර් රථ පැදවිය නොහැකි දින වසයෙන් ප්‍රකාශයට පත් කිරීම සලකා බලන අතර කාර්යාලයට නො ගොස් නිවෙස් වල සිට මාර්ගගත ක්‍රමයට වැඩ කිරීම වැඩි කිරීම, බල ශක්තිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම යනාදි විධිවිධාන යොදමින් සිටී.

ඒ අතර මැද පෙරදිග වෙනුවට මැලේසියාව සහ වියට්නාමය යනාදි තෙල් නිපදවන ආසියාතික රටවලින් තෙල් ලබා ගැනීමට ද අප්‍රමාදව කටයුතු කළ යුතු ය. මෙවැනි තත්ත්ව වෙනුවෙන් ඔරොත්තු දීම සඳහා අවශ්‍ය තරම් තෙල් ගබඩා කර ගැනීමට පහසුකම් කල් තියා ඇති කිරීමට කිසිදු ආණ්ඩුවක් කටයුතු කර නැති බැවින් ඒ සඳහා කඩිනම් සහ විකල්ප ක්‍රියා මාර්ග ගැනීම අවශ්‍යය වේ. පූර්වාපේක්ෂාවට ඇති හැකියාව ආණ්ඩුව පමණක් නොව විපක්ෂය ද මහජනතාවට දැනෙන ලෙස පෙන්නුම් කළ යුතු ය.

vijaya1

 

විජයානන්ද ජයවීර

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න