ඇමරිකානු මැදිහත්වීම් තුළ ලෝක බලතුලනය වෙනස්කිරීමේ වැඩපිළිවෙලවල් කිහිපයක් 2026 ආරම්භයත් එක්කම දකින්න පුළුවන් වුණා. වෙනිසුවේලානු ජනාධිපති නිකලස් මදුරෝව ඇමරිකානු අත්අඩංගුවට පත්වුණා. ඔහු නිව්යෝක් නුවරටත් රැගෙන ගොස් අවසන්.
ට්‍රම්ප් ගෝල්ඩ් කාඩ් වීසා නමින් නවතම වීසා ක්‍රමයක් හරහා ග්‍රීන්කාඩ් ලට වඩා ශක්තිමත් හා වරප්‍රසාද සහිතව ඇමෙරිකාවේ පුරවැසිකම ලබා ගැනීමේ ක්‍රමයක් හදුන්වාදීමට ට්‍රම්ප් පාලනය පියවර ගෙන තිබේ.
එක්සත් ජනපදය ගෝලීය ඖෂධ මිල පිලිබඳ විශේෂ විමර්ශනයක් ඇරඹීමට සැරසේ. එක්සත් ජනපද ඖෂධ වෙළඳ හවුල් කරුවන් විසින් ඖෂධ මිල තීරණය කෙරෙන ආකාරය එහිදී විමර්ශනයට ලක් කෙරේ. ඒ මත නව බදු පැනවීම එහි අපේක්ෂාවයි.
ඩෙන්මාර්කය විසින් පාලනය කරනු ලබන ස්වයං පාලන ප්‍රදේශයක් වන ග්‍රීන්ලන්තය ඈඳා ගැනීමේ තම වැඩපිළිවෙලට එරෙහිව කටයුතු කරන රටවලට එරෙහිව නව තීරු බදු පනවන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.
එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන ආ කරුණු 20කින් යුත් සාම යෝජනාවලියට හමාස් සංවිධානය කොන්දේසි සහිතව ඊයේ (07) සිය ප්‍රසාදය පළ කළේය.
කටාර් අගමැති සහ එක්සත් ජනපද ජ්‍යෙෂ්ඨ සාම නියෝජිතයෝ, ඊශ්‍රායලය සහ පලස්තීන හමාස් සංවිධානය සමග වක්‍ර සාකච්ඡාවලට සහභාගී වීම පිණිස ඊයේ ඊජිප්තුව වෙත ලඟා වූහ.
ගාසා ගනුදෙනුව සාර්ථක වනු ඇතැයි ධනාත්මක මතයක පසු වන බව ජනපති ට්‍රම්ප් පැවසීය. එක්සත් ජනපද විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් (Steve Witkoff) සහ ජනපති ට්‍රම්ප් ගේ බෑණා වන ජෙරාඩ් කුෂ්නර් (Jared Kushner) ද ඊජිප්තුව බලා පිටත් වූ එක්සත් ජනපද නියෝජිත පිරිස අතර වෙති. කුෂ්නර්, ජනපති ට්‍රම්ප් ගේ පළමු ධුර කාලයේ ඔහුගේ මැද පෙරදිග විශේෂ නියෝජිත ලෙස ද කටයුතු කළේය.
සිය සාම සැලැස්ම හුදු ගාසා තීරය පමණක් නොව සමස්ත මැද පෙරදිග කලාපයම ඉලක්ක කර සකස් කළ එකක් බව වොෂින්ටනයේදී, මාධ්‍ය ඇමතූ ජනපති ට්‍රම්ප් කියා සිටියේය.
ඊජිප්තුවේ පැවැත්වෙන අද (08) සාකච්ඡා පෙර දෙදිනටම වඩා සාර්ථක වනු ඇතැයි අනුමාන කෙරේ. එක්සත් ජනපද ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් සහ කටාර් අග්‍රාමාත්‍ය, ෂෙයික් මොහම්මෙද් බින් අබ්දුල්රහ්මාන් අල්-තානි (Sheikh Mohammed bin Abdulrahman al-Thani) ද ඊට සහභාගී වීමට නියමිතය. ගාසා සාම සැලැස්ම සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම පිලිබඳ කරුණු අද සාකච්ඡාවන්ට ඇතුළත් වේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/8/2025
Hamas says on war anniversary it's ready to reach Gaza deal, but conditions remain
2021 ජනවාරි 6 වන දින ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ කතාවක් බීබීසී ආයතනය විසින් සංස්කරණය කොට ඉදිරිපත් කළ ආකරයෙන් ජනතාව නොමග යවනසුලු පුවතක් ප්‍රකාශවු බවට චොදනා කර තිබුණි.
ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වූ රයන් වෙස්ලි රවුත් හට පසුගියදා ඇමරිකානු අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරනු ලැබුවා.
අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඊයේ (15) කිසිඳු දුරකතන සංවාදයක් සිදු නොවූ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
අගමැති මෝදි සහ ජනාධිපති ට්‍රම්ප් අතර ඊයේ සංවාදයක් හෝ දුරකතන ඇමතුමක් සිදු වූයේද යන්න සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්ධීර් ජයිස්වාල්, සිය සතිපතා ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මේ බව පැවසීය.
"නායකයින් දෙදෙනා අතර ඊයේ කිසිඳු සංවාදයක් ගැන මම දැනුවත් නැත" විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා මෙහිදී සඳහන් කළේය.
මේ අතර ඉන්දීය රජයේ අඛණ්ඩ ප්‍රමුඛතාව අස්ථාවර බලශක්ති තත්ත්වයන් තුළ තම පාරිභෝගික ජනතාවගේ ඉන්ධන අවශ්‍යතාව ආරක්ෂා කිරීම බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
සිය ඉන්ධන ආනයන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන්නේ එම අවශ්‍යතාව අරමුණු කරගනිමින් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක රන්ධීර් ජයිස්වාල් ප්‍රකාශ කර ඇත.
ඉන්දියාව, රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම නතර කිරීමට පියවර ගන්නා බවට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තමා වෙත සහතික වූ බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව වැඩිදුරටත් සඳහන් කර තිබුණි.
රට තුළ ස්ථාවර මිල ගණන් හා සුරක්ෂිත බලශක්ති සැපයුමක් සහතික කිරීම සිය රජයේ බලශක්ති ප්‍රතිපත්තිය වන බව සඳහන් කර ඇති ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක රන්ධීර් ජයිස්වාල් අමෙරිකානු වත්මන් පරිපාලනය ඉන්දියාව සමග බලශක්ති සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමට උනන්දුවක් දක්වා ඇති බව ද ප්‍රකාශ කර තිබේ.
මේ අතර රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම ඉන්දීය ආර්ථිකයට ඉතා වැදගත් වන බව, ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් රුසියාව සඳහන් කර තිබුණි.
මුලාශ්‍රය :
'No call between them': India rejects Trump's claim of speaking to PM Modi about purchase of Russian oil
සබැඳි පුවත් :
රුසියානු තෙල් මිලදී ගැනීම නැවැත්වීමට මෝදි එකඟ වූ බව ට්‍රම්ප් පවසයි
Trump says Modi has agreed to stop buying Russian oil
ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුම්වලදී නේටෝ භටයින්ගේ කැපකිරීම් ගෞරවය ලැබිය යුතු හැරී කුමරු පවසයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එක්සත් ජනපදයේ දැවැන්ත විරෝධතා මාලාවක් නිර්මාණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
අමෙරිකාවේ නිව්යෝර්ක්, වොෂින්ටන් ඩීසි, චිකාගෝ, මියාමි සහ ලොස් ඇන්ජලීස් ඇතුළු අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත රැසක මෙම විරෝධතා පවත්වා ඇති අතර ඒ සඳහා දහස් ගණන් අමෙරිකානු ජනතාව එක්ව ඇති බවත් එම මාධ්‍ය වාර්තා කර ඇත.
ට්‍රම්ප් පරිපාලනය ෆැසිස්ට්වාදය සහ ඒකාධිපති රාජ්‍යක් කරා එක්සත් ජනපදය රැගෙන යමින් ඇති බවත් කොංග්‍රසය අනුමත කර ඇති අරමුදල් අවහිර කිරීම සහ ෆෙඩරල් රජයේ කොටස් විසුරුවා හැරීම, සංක්‍රමණිකයින් මර්දනය, පුළුල් තීරුබදු ක්‍රියාත්මක කිරීම, අමෙරිකානු නගරවලට ජාතික ආරක්ෂක භටයින් යෙදවීම අමෙරිකානුවන්ගේ සෞඛ්‍ය සේවා කප්පාදුව ඇතුළු කරුණු ගණනාවක් මුල් කර ගනිමින් විරෝධතාකරුවන් මෙහිදී විරෝධය දක්වා ඇත.
මේ අතර වාර්තා වනුයේ අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම වැඩපිළිවෙළ හේතුවෙන් ජනතාව අතර ඩොනල්ට් ට්‍රම්ප් අප්‍රසාදයට ලක් වෙමින් පවතින බවය.
දෙවැනි වරට බලයට පත්වීමත් සමග ට්‍රම්ප් පරිපාලනය විසින් ගනු ලැබූ ඇතැම් දැඩි තීන්දු තීරණ හේතුවෙන් ලොව පුරා රටවල් රැසක අවධානය දිනා ගැනීමටද ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළේය.
විශේෂයෙන් තීරුබදු පැනවීම මගින් ලොව පුරා රටවල් රැසකින් ට්‍රම්ප්ට විවේචන එල්ල වූ අතර එම තීරුබදු හේතුවෙන් අමෙරිකා එක්සත් ජනපදය විනාශයේ ගමන් මාර්ගයකට යොමු වෙමින් පවතින බව සඳහන් කරමින් එක්සත් ජනපදයේද විරෝධතා ව්‍යාපාරද නිර්මාණය විය.
(aruna)
'No Kings' protests draw huge crowds as anti-Trump rallies sweep across US
No Kings live updates: Demonstrators take to the streets nationwide to protest Trump administration
පාකිස්ථාන රජය ඊයේ (23) සිව් වසරක් තුළ දෙවන වරටත්, එරට මුස්ලිම් පක්ෂයක් තහනම් කිරීමට පියවර ගත්තේය. නොබෝදා, එහි සාමාජිකයින් සහ පොලිසිය අතර ගැටුමකදී පුද්ගලයින් පස්දෙනකු මරණයට පත්වීමෙන් අනතුරුව රජය විසින් එම තීරණය ගෙන තිබේ.
බ්‍රිතාන්‍යයේ තෙවන චාල්ස් රජු ලබන සතියේදී අමෙරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක නිරත වන බව බකිංහැම් මාළිගය නිල වශයෙන් නිවේදනය කර තිබේ.
රුසියානු තෙල් මිලදී ගැනීම නැවැත්වීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එකඟ වූ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
යුක්‍රේනයේ යුද්ධය අවසන් කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස අමෙරිකාව විසින් රුසියාවට ආර්ථික පීඩනය යෙදීමට දරන උත්සාහට සහයක් වශයෙන් තමා කළ විසින් කළ ඉල්ලීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මෙලෙස එකඟ වූ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
ට්‍රම්ප්ගේ පරිපාලනය බීජිං සහ අනෙකුත් වෙළඳ හවුල්කරුවන්ට රුසියාවෙන් තෙල් මිලදී ගැනීම නතර කරන ලෙස ද බල කරමින් සිටින අතර එය මොස්කව්හි බලශක්ති අරමුදල් කපා හැරීමේ පුළුල් තල්ලුවක කොටසකි.
තෙල් නැව්ගත කිරීම් "වහාම" නතර කිරීමට ඉන්දියාවට නොහැකි බව ට්‍රම්ප් පැවසූ අතර, මෙම මාරුව "ටිකක් ක්‍රියාවලියක්" වනු ඇති බවත්, නමුත් ක්‍රියාවලිය ඉක්මනින් අවසන් වනු ඇති බවත් පැවසීය.
ට්‍රම්ප් පරිපාලනය ඉන්දියාවෙන් ලැබෙන භාණ්ඩ සඳහා 50% ක තීරුබදු පනවා ඇති අතර, රුසියානු තෙල් සහ ආයුධ මිලදී ගැනීම සඳහා නවදිල්ලියට එරෙහිව ට්‍රම්ප් විසින් නියම කර ඇති දඬුවම් ඒවා වේ.
අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක වූ සහ ලෝකයේ ඉහළම තීරුබදු අතර - යුක්රේනයේ යුද්ධය සඳහා අරමුදල් සපයන ප්‍රධාන මූලාශ්‍රයක් වන රුසියාව සමඟ ගනුදෙනු සඳහා 25% ක දඩයක් ඇතුළත් වේ.
Trump says Modi has agreed to stop buying Russian oil
ගැටුම් නවත්වා ගාසා තීරය සාමකාමී තැනක් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත්වී සකස් කළ සාම මණ්ඩලයට, රුසියාවට මෙන්ම යුක්‍රේනයට ද ඇරැයුම් කර ඇත.
වෙනිසියුලානු විපක්ෂ නායිකා මරියා මචාඩෝ සිය නොබෙල් සාම ත්‍යාගය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනමා තිබේ.
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සාම ගිවිසුමේ පළමු අදියර සඳහා අත්සන් තබා ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඒ අනුව හමාස් භාරයේ පසුවන ඊශ්‍රායල ප්‍රාන ඇපකරුවන් කඩිනමින් නිදහස්වීමත් ඊශ්‍රායල එකඟ වූ සීමාවන් යටතේ ඔවුන්ගේ හමුදා ඉවත් කරගැනීමත් සිදුවනු ඇති බව ට්‍රම්ප් ජනාධිපතිවරයා පෙන්වාදෙයි.
2023 වසරේ දී හමාස් සටන්කාමීන් විසින් ඊශ්‍රායල ජාතිකයින් 1,200 දෙනෙකු ඝාතනය කර තවත් 251 දෙනෙකු සිය ප්‍රාන ඇපයට ගනු ලැබීය.
මේ හේතුවෙන් 2023 වසරේ ඔක්තෝබර් මාසයේ සිට ඊශ්‍රායලය විසින් ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලියින් 67,183 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මේ අතර ඉදිරි දිනවල දී අමෙරිකානු ජනාධිපතිවරයා මැද පෙරදිග සංචාරයක නිරත වීමට ද නියමිතව ඇති බව සඳහන් වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

