Language Switcher

V2025

යෝශිතගේ හෝටලයෙන් හා ගොංගල මාර්ග සංවර්ධනයෙන් සිංහරාජ අඩවියට දැඩි හානි

2019 වසරේ දී සිංහරාජ අඩවියේ වනාන්තර සුරක්ෂිත කිරීම සඳහා ඉතා ම වැදගත් තීරණයක් ක්රියාත්මක කෙරින. ඒ 1988 වසරේ ජාතික උරුම වන භූමි පනත යටතේ සිංහරාජ අඩවියේ වනාන්තර හෙක්ටයාර 11187 ක් සිංහරාජ ජාතික උරුම වන භූමියක් ලෙස ප්රකාශයට පත් කර ලබා දී තිබූ නීතිමය ආරක්ෂාව තව දුරටත් වර්ධනය කරමින් 2019 වසරේ දී වන සංරක්ෂණ ආඥා පනත යටතේ සිංහරාජ අඩවියේ වනාන්තර හෙක්ටයාර 36475 ක්, වන රක්ෂිතයක් ලෙස ප්රකාශයට පත් කර සිංහරාජ අඩවියේ පෙර පැවති රක්ෂිත වනාන්තර ප්රමාණයට තවත් දෙගුණයකට වඩා වැඩි වනාන්තර ප්රමාණයක් එක් කිරීම ය. නමුත් ඉන් පසු ව ගෙවී ගිය වසර දෙකකට වැඩි කාල පරාසය තුළ වත්මන් ආණ්ඩුව විසින් ගත් වැරදි තීන්දු තීරණවල ප්රතිඵලයක් ලෙස රක්ෂිත නොවන සුවිශේෂී වනාන්තර බිම් විශාල ප්රමාණයක් සිංහරාජ අඩවියට අහිමි වීම සිදු විය.

රක්ෂිත නොවන රජයට අයත් වනාන්තර ඉඩම් වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තියේ පාලනයට යටත් කළ 5/2001 අංක දරන චක්ර ලේඛය ඉවත් කර එම ඉඩම් ප්රාදේශීය ලේකම් හා දිස්ත්රික් ලේකම් යටතට පත් කිරීමේ 1/2020 අංක දරන චක්ර ලේඛය හා එම ඉඩම් මැනීම් කර සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට බලය පැවරූ 2/2021 අංක දරන චක්ර ලේඛය පදනම් කර ගෙන දේශපාලන බලය හා ව්යාපාරික බලය හිමි පුද්ගලයන් විසින් මහ පරිමාණයෙන් සිංහරාජ අඩවියේ පිහිටි රක්ෂිත නොවන වනාන්තර එළි කිරීම ආරම්භ කෙරින.yoshi map

මීට අමතර ව සිංහරාජ අඩවියේ පිහිටි සුවිශේෂී මාර්ග දෙකක් පුළුල් කිරීම ද සිදු කෙරිනි. ඒ අතුරෙන් ලංකාගම මාර්ගය පුළුල් කිරීම මගින් බොහෝ ජනතාවකට මාර්ග පහසුකම් ලැබීම තුළින් යහපත් කාර්යයක් ඉටු වුව ද එම මාර්ග සංවර්ධන ව්යාපෘතිය විධායක බලය භාවිත කර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් යුධ හමුදාව යොදවා බලහත්කාරයෙන් ඉදි කිරීම හා නිවැරදි සංරක්ෂණ උපායමාර්ග අනුගමනය නොකිරීම නිසා යම් යම් හානි කර තත්ත්වයන් උද්ගත ව තිබේ. එපමණක් නොව පාරිසරික අණ පනත් උල්ලංඝනය කරමින් බලහත්කාරය භාවිත කර සිදු කළ මෙම සංවර්ධනය හේතුවෙන් මෙරට නීතියේ ආධිපත්ය හා ප්රජාතන්ත්රවාදී ව්යුහය සම්පූර්ණයෙන් ම හෑල්ලුවට ලක් වී වැරදි පූර්වාදර්ශ සමාජගත වීම ද සිදු විය.

yoshi 2

දෙවන මාර්ග සංවර්ධන ව්යාපෘතිය සිදු කෙරෙමින් පවතින්නේ දෙනියාය - රක්වාන මාර්ගයේ හේයස් වත්ත හන්දියේ සිට ගොංගල කඳු මුදුන දක්වා ය. මෙම මාර්ගය සංවර්ධනය කිරීමේ ප්රධාන අරමුණ යෝශිත රාජපක්ෂට අයත් නමුත් ඔහු ගේ නමට නොමැති හෝටලයට පිවිසීමට ය. කාපට් අතුරා සකස් කරන කිලෝමීටර 7 ක් පමණ දිග මෙම මාර්ගයෙන් ගමන් කිරීමට ඇත්තේ ගොංගල කඳු මුදුනේ පිහිටි විවිධ මාධ්ය ආයතනවලට අයත් රූපවාහිනී හා ගුවන්විදුලි විකාශන කුළුණුවලට හා ආරක්ෂක අංශවල සංඥා කුළුණුවලට පමණි. මෙම මාර්ගයේ පහළ හේයස් වත්තේ කම්කරු ජනතාව පදිංචි ව සිටින වතු නිවාස සංකීර්ණයක් පමණක් පිහිටා තිබේ. ඊට අමතර ව මෙම මාර්ගයෙන් පිවිසිය හැකි වන්නේ මෙම හෝටලයට පමණි.

මෙම මාර්ගය සංවර්ධනය කරන බොහෝ ප්රදේශ සිංහරාජ වන රක්ෂිතයට අයත් වන අතර කිසිදු සංරක්ෂණ ක්රමවේදයක් හෝ පාරිසරික අනුමැතිය ලබා ගැනීමක් හෝ සිදු නොකර මෙම මාර්ගය ඉදි කෙරෙමින් පවතී.

මෙම මාර්ගය ඉදි වන හා යෝශිත රාජපක්ෂට අයත් හෝටලය පිහිටි සිංහරාජ අඩවියේ නැගෙනහිර කලාපය මුළු ලොවින් ම සිංහරාජ අඩවියට පමණක් ආවේණික සත්ත්ව විශේෂ අතුරෙන් වැඩි ම ප්රමාණයක් වාර්තා වන කලාපය යි. එම කලාපය හඳපාන් ඇල්ල, මෝර්නිග් සයිඩ්, ගොංගල හා එන්සල්වත්ත යන ප්රදේශවලින් සමන්විත වේ. මෙම කලාපයේ ජීවීන් වසර මිලියන ගණනක් හුදෙකලා ව පරිණාමය වී තිබේ.

yoshi 3

යෝශිත රාජපක්ෂට අයත් හෝටලය පිහිටා ඇත්තේ ගොංගල කන්දේ නැගෙනහිර බෑවුමේ සිංහරාජ වන රක්ෂිතයට ආසන්නයේ ය. රත්නපුර දිස්ත්රික්කයේ, කොළොන්න ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බොරළුවාගේ අයින ග්රාම නිලධාරී වසමේ මෙය පිහිටා තිබේ. අක්කර 12 ක පමණ භූමි ප්රදේශයක පිහිටා ඇති මෙම හෝටලයේ මුල් හිමිකරු වන්නේ දෙනියායේ, ආසිරි කේක් ව්යාපාරයේ හිමිකරු වන රොෂාන් විජේසිංහ මහතා ය. ඔහුගෙන් බලහත්කාරයෙන් යෝශිත රාජපක්ෂ විසින් රුපියල් කෝටි 4 කට මෙම හෝටලය මිල දී ගෙන තිබේ. එය මිල දී ගෙන ඇත්තේ රාජපක්ෂ පවුලේ සේවකයකු ලෙස කටයුතු කරන රවිදු සොයිසා ගේ නමට බව වාර්තා වේ. දැනට එම හෝටලයේ පාලන කටයුතු සිදු කරනු ලබන්නේ ද ඔහු විසිනි.

අක්කර 12 ක භූමියක පිහිටි මෙම හෝටලය ලබා ගැනීමෙන් පසු ව ඒ ආසන්නයේ පිහිටි පෞද්ගලික ඉඩම් කිහිපයක් ම යෝශිත රාජපක්ෂ විසින් මිල දී ගෙන තිබේ. ඊට අමතර ව මතුරට වැවිලි සමාගමට අයත් හේයස් වත්තෙන් මෙම හෝටලය හා සම්බන්ධ ව පිහිටි තේ ඉඩම් අක්කර 20 ක් මෙම හෝටලයට නොමිලේ ලබා දී තිබේ. ඊට හේතු ව හෝටලය හා සම්බන්ධ සම්පූර්ණ වතු යාය අත්පත් කර ගැනීමට යෝශිත රාජපක්ෂ උත්සාහ දැරීම ය. ඒ තත්ත්වය පිටුදැකීම සඳහා ඊට විරුද්ධ ව කටයුතු කළ මතුරට වැවිලි සමාගමේ අධ්යක්ෂවරයකු විසින් ගත් තීරණයක් මත මෙම ඉඩම් කොටස හෝටලයට ලබා දී තිබේ.

පසුගිය කාලය තුළ මෙම හෝටලයේ සිදු කළ සියලු අලුත්වැඩියා කටයුතු හා නව ඉදිකිරීම් සියල්ල හා හෝටලයට ආරක්ෂා ව සැපයීම සිදු කරන්නේ නාවික හමුදාවේ සෙබලුන් විසිනි. එපමණක් නොව යෝශිත රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ මෙම හෝටලයට පැමිණෙන විට නාවික හමුදාවේ නිලධාරීන් හා සෙබලුන් යොදවා විශේෂ ආරක්ෂාවක් ද ලබා දේ. මෙම හෝටලයේ හෙලිකොප්ටර් ගොඩබෑම සඳහා විශේෂ හෙලිකොප්ටර් අංගනයක් ද ඉදි කර තිබේ. එය ඉදි කර ඇත්තේ ප්ලාස්ටික් කාපට්ඇතිරූ පාපන්දු පිටියක ස්වරූපයෙනි.yoshi 5

යෝශිත රාජපක්ෂට අයත් මෙම හෝටලය මෑතක් වන තුරු ම පළමු හිමිකරු සඳහන් කර තිබූ සිංහරාජ ග්රීන් ඉකෝ ලොජ්(Sinharaja Green Eco Lodge) නාමයෙන් පවත්වාගෙන ගිය නමුත් අද වන විට එම නාමය සඳහන් පුවරුව ඉවත් කර හෝටලය දක්වා පිවිසීමට ඇති කිලෝමීටරයක් පමණ වන අතුරු මාර්ගය අලුත්වැඩියා කරමින් පවතී.

මෙම හෝටලයෙන් ඇති වෙමින් තිබෙන ප්රධාන අවධානම් තත්ත්වය වන්නේ ගොංගල කඳුවැටියට අයත් අක්කර 1000 ක වනාන්තර ප්රමාණයක් අත්පත් කර ගෙන මෙම හෝටලය හා සම්බන්ධ සමස්ත සංචාරක ව්යාපෘතිය ක්රියාත්මක කිරීමට සැලැසුම් සකස් කිරීමයි. ඒ යටතේ ගොල්ෆ් ක්රිඩාංගනයක් හා කේබල් කාර් ව්යාපෘතියක් ඇතුළත් වේ. 2011 මාර්තු 01 වන දින අංක 1695/16 දරන ගැසට් නිවේදනය මගින් එවකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ඔහුට ඇති බලතල භාවිත කර ජාතික රාජ්ය සභාවේ 1972 අංක 01 දරන ඉඩම් ප්රතිසංස්කරණ පනතේ 27අ(4) උප වගන්තියට අනුව හේයස් වත්තට පවරා දී තිබූ අක්කර 2210 ක භූමි ප්රමාණයෙන් අක්කර 1000 ක් නැවත ඉඩම් ප්රතිසංස්කරණ කොම්ෂන් සභාව වෙත පවරා ගෙන තිබේ. මෙම සමස්ත වනාන්තර ප්රදේශය දැනට සිංහරාජ වන රක්ෂිතයට අයත් වේ. නමුත් මෙම හෝටලය හා සම්බන්ධ ව මෙම වනාන්තරඉඩම් පිහිටා තිබීම නිසා රාජපක්ෂවරුන් ගේ බලය හා අධික කෑදරකම ඉදිරියේ එම වනාන්තර දැඩි අවධානම්කාරී තත්ත්වයක පවතී.

වැඩි කොටසක් සිංහරාජ වන රක්ෂිතය තුළින් විහිදී ඇති ගොංගල මාර්ගයේ සංවර්ධන කටයුතු හේතුවෙන් වනාන්තර පද්ධතියට හා ජෛව ප්රජාවට දැඩි බලපෑම් එල්ල වී තිබේ. මාර්ගය පුළුල් කිරීම හා පස් ලබා ගැනීම සඳහා කැනීම් කිරීම හේතුවෙන් වනාන්තර පද්ධතියට දැඩි හානි සිදු කර තිබේ.

ගොංගල වනාන්තරයෙන් මුළු ලොවින් ම මෙම කලාපයේ පමණක් ජීවත් වන උරග හා උභයජීවී විශේෂ ගණනාවක් වාර්තා වේ. එම විශේෂ සියල්ල ම වඳවීමේ තර්ජනයට ලක් වූ ඉතා ම සීමිත ව්යාප්තියක් ඇති විශේෂ වේ. මීට අමතර ව මෙතෙක් විද්යාත්මක ව නාමකරණයට ලක් නොකළ ගොන්ගල කන්ඳ ඇතුළු සිංහරාජඅඩවියේ නැගෙනහිර කලාපයේ පමණක් ජීවත් වන ලක් හීරළු :ඛ්බන්ිජසබජමි* ගනයට අයත් හිකනළුන් විශේෂයක් ද මෙම ප්රදේශයෙන් වාර්තා වේ.

මෙම කලාපයේ පමණක් වාර්තා වන ලංකාවට ආවේණික ගනයකට අයත් වන කරූ ගේ අඟ කටුස්සා :ක්ැර්එදචයදර් න්රම* සහ අර්ඩලන් ගේ අඟ කටුස්සා :ක්ැර්එදචයදර් ැරාැකැබස* ගොංගල කන්ඳෙන් වාර්තා වේ. මීට අමතර ව මෙම කලාපයට ආවේණික දසිල්වා ගේ පදුරු කටුස්සා :ක්්කදඑැි ාැිසකඩ්ස* හා මෝර්නිග් සයිඩ් මහ කැලෑ හූනා :ක්හරඑදා්ජඑහකමි ිමඉිදක්බමි* මෙම ප්රදේශයෙන් වාර්තා වේ. මෙරටට ආවේණික ගනයකට අයත් වන කුඩා මැඩිල්ලා :්ිචසාමර් ටමැබඑයැරස* ද මෙම වනාන්තරයෙන් වාර්තා වෙයි.

මෙම කලාපයට ආවේණික උභයජීවීන් වන පළා පඳුරු මැඩියා :ඡිැමාදචයසක්මඑමි fැපදර්කසි*, හඳපාන් ඇල්ල පඳුරු මැඩියා :ඡිැමාදචයසක්මඑමි කමබ්එමි*, රන්වන් ඇස් ඇති පඳුරු මැඩියා :ඡිැමාදචයසක්මඑමි දජමක්රසි* හා සිංහරාජ පඳුරු මැඩියා :ඡිැමාදචයසක්මඑමි ිසපඉ්* යන විශේෂ ඉතා ම සංවේදී ගොංගල කන්ඳේ උප කඳුකර වැසි වනාන්තර තුළින් වාර්තා වේ. මීදුමෙන් නිතර වැසී පවතින මෙම වළාකුළු වනාන්තර සහිත ප්රදේශ තුළ සිදු කෙරෙන මාර්ග සංවර්ධන ව්යාපෘතිය සඳහා කිසිදු අනුමැතියක් ලබා ගෙන නොමැත. ඒ නිසා ම කිසිදු සංරක්ෂණ ක්රමවේද අනුගමනය කිරීමකින් තොර ව ඉතා ම හානි කර ලෙස මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතී. නමුත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳ ව සොයා බැලීමක් මේ වන තුරුත් සිදු කර නොමැත.

මෙවන් තත්ත්වයක් තුළ අනාගතයේ දී ගොංගල කඳුවැටියට කුමන ඉරණමකට මුහුණ දීමට සිදු වේ ද යන්න සිතා ගැනීමට අපහසු ය. බෙවර්ලි වත්තේ සිට සූරියකන්ඳ දක්වා පැතිරුණු මෙම කඳුවැටිය මාතර දිස්ත්රික්කයේ, කොටපොල ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කන්දිල්පාන හා විහාරහේන යන ග්රාම නිලධාරී වසම් දෙකට හා රත්නපුර දිස්ත්රික්කයේ කොලොන්න ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් උල්ලිදුවාව හා බොරළුවාගේ අයින යන ග්රාම නිලධාරී වසම් දෙකට අයත් වේ. පනිල්කන්ඳ හා සම්බන්ධ ව ඇති මෙම කඳුවැටි පද්ධතියෙන් ගිං, නිල්වලා, වලවේ හා කළු ගංගා පෝෂණය වෙයි. මේ නිසා මෙම ප්රදේශයේ සමස්ත ආර්ථිකය රැදී ඇති තේ වගාව සුරක්ෂිත වී ඇත්තේ මෙම ජල පෝෂක වනාන්තර පද්ධතිය මත ය.

yoshi 6

නමුත් මේ සියල්ල දේශපාලන බලය මත සොබාදහමේ සියලු ජීවී ප්රජාවන්ට අහිමි කරමින් දේශපාලන බලය හිමි පුද්ගලයන් අතට පත් කර ගනිමින් තිබේ. වත්මන් හා අනාගත පරපුරේ පැවැත්ම වෙනුවෙන් මේ කඳුවැටිය, ජල පෝෂක වනාන්තර පද්ධතිය හා එහි ජෛව ප්රජාව ආරක්ෂා කර ගැනීමට කිසිදු රාජ්ය ආයතනයක් මැදිහත් වී නොමැත. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ මධ්යම පරිසර අධිකාරිය හෝ මේ විනාශය මැඩපැවැත්වීම සඳහා කිසිදු ආකාරයක මැදිහත්වීමක් සිදු කර නොමැත. මුළු ලොවින් ම සිංහරාජ අඩවියේ නැගෙනහිර කලාපයේ පමණක් දිවි ගෙවන ජීවීන්ට සිදු වන විනාශය පිළිබඳ ව සොයා බැලීමට රාජ්ය ආයතනයක් නොමැති තත්ත්වයකට අද වන විට අප රට පත් ව ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක් ලෙස ජෛව විවිධත්ව සම්මුතියට අත්සන් තබා ඇති අප, තිරසර සංවර්ධන ඉලක්ක වෙනුවෙන් කටයුතු කරන අප, ජල පෝෂක බිම්, වනාන්තර පද්ධති, එහි ජෛව විවිධත්වය හෝටලයකට පිවිසීමට හා එහි සංචාරක ව්යාපෘතිය සඳහා මාර්ග සකස් කිරීමට විනාශ කළ හැකි මට්ටමට පත් ව සිටීම කනගාටුවට කරුණකි. රටේ ජනතාවගේ මුදල් බිලියන ගණනින් කොල්ලකා, එම මුදල්වලින් හෝටල් මිල දී ගෙන, ඒවා පවත්වාගෙන යාමට ස්වාභාවික සම්පත් විනාශ කරමින් රජයේ බදු මුදල් වලින් එම හෝටල්වලට පිවිසීමට මාර්ග සකස් කර ගනිමින්, එම හෝටලය ඉදි කිරීමට හා ආරක්ෂාව සැපයීමට ජනතාව ගේ බදු මුදල් වලින් වැටුප් ලබන රාජ්ය සේවකයන් යොදා ගනිමින් සිදු කරන මෙම සමස්ත විනාශකාරී ක්රියාවලිය ම නතර කළ යුතු ව ඇත. එය පුරවැසියන් වන අප සැම ගේ යුතුකමකි.

සජීව චාමිකර
ඉඩම් හා කෘෂිකර්ම ප්රතිසංස්කරණ ව්යාපාරය