විනෝදාස්වාද

ගායන ශිල්පී ගාමිණි සුසිරිවර්ධන දිවියෙන් සමුගනී..
Sirasa Super Star හරහා ගායන ක්ෂේත්‍රයට පිවිසි ජනප්‍රිය ගායන ශිල්පි ගාමිණි සුසිරිවර්ධන මහතා අද(14) උදෑසන අභාවප්‍රාත්ත විය.
කලක් රෝගාතුරව පසුවූ ගාමිණී සුසිරිවර්ධන මහතා මියයන විට වයස අවුරුදු 58 කි.
සිරස සුපර් ස්ටාර් දෙවැනි අදියරේ අවසන් 12 දෙනා අතරට පිවිස ජනප්‍රිය ගීත රැසක් ගායනා කරමින් සුසිරිවර්ධන මහතා කෙටි කලකින්ම ජන හදවත් දිනා ගත්තේ, ඔහුටම ආවේණික වූ ශෛලියකින් ගීත රැසක් ගායනා කරමින් ය.
”දන්නවද මම දුකින්” , ”ආව ගිය තැන් මා හා” , ”සල්ලි සල්ලි” .. ආදී ගීත හරහා ඔහු සිය නාමය ලොවට ගෙන ගියේ ය.
ගාමිණි සුසිරිවර්ධන මහතා දෙදරු පියෙකි.
ඔහුගේ දේහය මහජන ගෞරවය සඳහා අද(14) සවස 4.00 සිට බෙන්තොට, ඊගල්ස්, යාත්‍රාමුල්ල නිවසේ තැන්පත් කිරීමට නියමිත ය.
අවසන් කටයුතු හෙට(15) සවස 5.00 ට බෙන්තොට ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය.

ප්‍රවීණ ගායන ශිල්පී ලක්ෂ්මන් විජේසේකර දිවියෙන් සමුගනී..
ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂවරයෙකු මෙන්ම ගායන ශිල්පියෙකු වූ ලක්ෂ්මන් විජේසේකර අද(12) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.
කලක් රෝගාතුරව සිටි විජේසේකර මියයන විට වයස අවුරුදු 73කි.
1975 වසරේ ගායන ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ලක්ෂ්මන් විජේසේකර රංගන ශිල්පියෙකු ලෙස ද සිය ප්‍රතිභාව ප්‍රකට කළ අයෙකි .
රේඛා ටෙලි නාට්‍යයෙන් රංගයෙන් කලා ක්ෂේත්‍රයට අවතිර්ණ වූ ලක්ෂ්මන් විජේසේකර ගංඟා සහ නිශ්ශංක , ඉර පායා සහ දත්කැකුළු පාලා ඇතුළු ටෙලි නාට්‍ය කිහිපයක ප්‍රධාන චරිතය නිරූපනය කළේය.
සඳ කිනිනි නැමී , ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු , දැල් වූ පහන් ඇතුළු ගීත 80 කට ආසන්න සංඛ්‍යාවක් ගායන ක්ෂේත්‍රයට දායද කර තිබේ.
ලක්ෂ්මන් විජේසේකරගේ දේහය හෙට(13) උදෑසන සිට මහජන ගෞරවය සඳහා ගල්කිස්ස, කලාපුරේ පිහිටි නිවසේ තැන්පත් කර තැබීමට නියමිතය.

ICC විශිෂ්ඨයන්ගේ ලැයිස්තුවට මහේලත් එක්වෙයි
ශ්‍රී ලංකා ලංකාවෙන් බිහිවූ විශිෂ්ට ක්‍රීඩකයෙකු වන මහේල ජයවර්ධන ක්‍රිකට් ක්‍රීඩාවේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින් ඇතුළත් ICC Hall of Fame ලැයිස්තුව සඳහා නම් කර තිබේ.
අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ලබාදෙන ඉහළම සම්මානය මෙයයි.
මහේල ජයවර්ධන මහතාට අමතරව දකුණු අප්‍රිකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ෂොන් පොලොක් සහ එංගලන්ත හිටපු ක්‍රීඩිකා ජනට් බ්‍රිටින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය අද නිවේදනය කළ ” හෝල් ඔෆ් ෆේම් ” ක්‍රීඩක ලැයිස්තුව ඇතුළත් වෙති.

ඇතුගල වෙඩි තැබීමේ ශූරතාවලිය 2021
Covid-19 වසංගතය හේතුවෙන් වසර දෙකක පමණ තරග නියඟය නිමා කරමින් 2021 වසරේදී මුල්වරට සංවිධානය කෙරුණු ඇතුගල වෙඩි තැබීමේ ශූරතාවලිය (යෞවන හා කනිෂ්ඨ) 2021 ඔක්තෝබර් 22 සිට 26 දක්වා කුරුණෑගල, උහුමීය ඇතුගල මීටර් 10 වෙඩි තැබීමේ ක්‍රීඩාංගණයෙදී පැවැත්විණි.
දිවයිනේ යොවුන් සහ කනිෂ්ඨ වෙඩි තැබීමේ ක්‍රීඩකයින් සඳහා වෙන් වූ මංගල තරගය වන මෙම තරගාවලියේ ප්‍රථම අවස්ථාව වන ඇතුගල වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන ලදී.
වයස අවුරුදු 18 න් පහළ වෙඩික්කරුවන් සඳහා වන වයස් කාණ්ඩ යොවුන් කාණ්ඩයට අයත් වන අතර වයස අවුරුදු 21 න් පහළ අය කනිෂ්ඨ අංශයට අයත් වේ. තරුණ හා කනිෂ්ඨ යන දෙඅංශයෙන්ම පිරිමි සහ කාන්තා සඳහා වායු රයිෆල් සහ පිස්තෝල ඉසව් මෙම තරඟාවලියට ඇතුළත් විය.
ශ්‍රී ලංකා ජාතික වෙඩි තැබීමේ ක්‍රීඩා සම්මේලනය (NSSF) සංවිධායකයින් විසින් නියම කරන ලද අවම සුදුසුකම් ලැබීමේ ප්‍රමිතීන් සාක්ෂාත් කර ගන්නේ නම්, එක් එක් කාණ්ඩ හතරෙන් ඉහළම වෙඩික්කරුවන් හය දෙනා ජාතික යොවුන් සහ කනිෂ්ඨ සංචිත සඳහා සලකා බලන ලදී.
Page 28 of 37