V2025

විනෝදාස්වාද

කලාසූරී ජයසිරි සේමගේ : දිවි සැරියට සමුදේ !

ප්‍රවීණ චිත්‍ර ශිල්පී කලාසූරී ජයසිරි සේමගේ අභාවප්‍රාප්තවී ඇති අතර දේහය මේ වනවිට මහජන ගෞරවය සඳහා කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇත.

කලක් රෝගාතුරව සිටි එතුමා ජිවන ගමනට සමු දුන්නේ ඊයේ (25) දෙහිවල පිහිටි සිය නිවසේ දී ය.

ශ්‍රී ලාංකික සිතුවම් කලාව ජාත්‍යන්තරට ගෙන ගොස් සම්මානයට පාත්‍ර වූ, මෙරට කීර්තියක්, ගෞරවයක් අත්කරදුන් මේ ප්‍රවීන සිතුවම් ශිල්පියා මිය යන විට 84 වැනි වියෙහි පසුවිය.

එතුමාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) පස්වරුවේ බොරැල්ල කනත්තේ දී සිදු කිරීමට නියමිත ය.

කලාකරුවන් රැසකට කොරෝනා !

මෙරට දක්ෂ මෙන්ම ජනප්‍රිය කලාකරුවන් රැසකට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක, සංගීත ශිල්පී සුනිල් පෙරේරා, රංගන ශිල්පිනියන් ශිල්පීන් වන ශ්‍රියානි අමරසේන, ගිරිරාජ් කෞෂල්‍ය, නිරෝෂන් විජේසිංහ, රන්ජන් රාමනායක, ජයසේකර අපොන්සු, ශලනි තාරකා, නයනතරා වික්‍රමාරච්චි, රොෂානා ඔන්ඩච්චි යන අය ඒ අතර වෙති.

මීට අමතරව, සම්මානනීය ලේඛකයකු වන මහින්ද ප්‍රසාද් මස් ඉඹුලටද කොවිඩ් ආසාදනය වී ඇති බවත් වාර්තා වෙයි.

මෙම පිරිස අතරින් ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියානි අමරසේන, රංගන ශිල්පී ජයසේකර අපොන්සු සහ ගායන ශිල්පී සුනිල් පෙරේරා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් දැනගන්නට ඇත.

කොරෝනා මැද ටෝකියෝ ඔලිම්පික් නිමාවට :අමෙරිකාව මෙවරත් පදක්කම් සටහනේ පෙරමුණට

කොරෝනා   වසංගතය මැද ආරම්භ වූ ටෝකියෝ ඔලිම්පික් ක්‍රිඩා උළෙල  නිමාවට පත් විය.

අමෙරිකාවයි මෙවරත් පදක්කම් සටහනේ පෙරමුණ ගත්තේය.

ඔවුන් රන් පදක්කම් 39ක්, රිදි පදක්කම් 41 සහ ලෝකඩ පදක්කම් 33ක් දිනා ගැනීමට සමත් වුණා.

අමෙරිකාව අවසන් වරට පැවති ඔලිම්පික් උළෙල තුනේදී පදක්කම් සටහනේ ප්‍රථමයා බවට පත්ව ඇත.

ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම වාර ගණනකදී පදක්කම් සටහනේ පළමුවන ස්ථානය හිමි කර ගෙන ඇත්තේද අමෙරිකාවයි.

මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙදී පදක්කම් සටහනේ ප්‍රථම ස්ථානය සඳහා චීනය සහ අමෙරිකාව අතර කරට කර සටනක් පැවති අතර,= මෙවර අමෙරිකාව පදක්කම් සටහනේ පෙරමුණ ගත්තේ එක් රන් පදක්කමකින් චීනය අභිබවමිනි.

චීනය රන් පදක්කම් 38ක්, රිදී පදක්කම් 32ක් සහ ලෝකඩ පදක්කම් 18ක් ලබා ගනිමින් දෙවන ස්ථානය හිමි කර ගත් අතර, සත්කාරක ජපානය රන් පදක්කම් 27ක් දිනා ගනිමින් තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය. මහා බි්‍රතාන්‍ය රන් පදක්කම් 22ක් දනා ගනිමින් සව් ස්ථානයේ දින ගත්හ.=

ඉන්දියාව පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ඊයේ දිනා ගත් රන් පදක්කම සමග මෙවර පදක්කම් සටහනේ 48වන ස්ථානය දිනා ගත්තේය. ඒ, රන් පදක්කමක්, රීදි පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් 04ක් දිනා දිනා ගනිමිනි. මෙය සැලකෙන්නේ ඉන්දියාව ඔලිම්පික් ඉතිහාසයේ දැක්වූ ඉහළ=ම දක්ෂතාව ලෙසයි.

මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රිඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රිඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙකු සහභාගී විය. කෙසේවෙතත් ඔවුන්ට කැපීපෙනෙන දක්ෂතා දැක්වීමට නොහැකි වු අතර සියලු දෙනා පළමු වටයෙන්ම ඉවත් වීමට සිදු විය.

ඔලිම්පික් ක්‍රිඩා උළෙලක වැඩිම රටවල් සංඛ්‍යාවක් පදක්කම් දිනා ගත් පළමු අවස්ථාව ලෙසයි මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල ඉතිහාස ගත වූ අතර, මීට පෙර 2008 බෙයිජින් ඔලිම්පික් ක්‍රිඩා උළේලේදී රටවල් 87ක් පදක්කම් දිනා තිබිණි.

මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල සැලකෙන්නේ ඉතිහාසයේ සංවිධානය කෙරුණු අසීරුතම ඔලිම්පික් ක්‍රීඩා උළෙල ලෙසයි.

ලොව පුරා පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් 2020 වසරේ පැවැත්වීමට නියමිතව තිබු ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල මෙම වසරට කල් දැමුණි.

මීළග ඔලිම්පික් ක්‍රීඩා උළෙල 2024 වර්ෂයේ ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වීමට නියමිතය.

ක්ලැරන්ස් විජේවර්ධන නමින් මාවතක්

ප්‍රවීණ ගායන ශිල්පියකු, ගී පද රචකයෙකු, තනු නිර්මාණ ශිල්පියකු වූ ක්ලැරන්ස් විජේවර්ධනගේ 78 වන ජන්ම දින සැමරුම ඊයේ ට (3) යෙදී තිබූ අතර ඒ නිමිති කරගනිමින් මහරගම, තලපත්පිටිය ප්‍රදේශයේ ඇති ඔහු ජීවත් වූ නිවස පිහිටි මාර්ගය ”ක්ලැරන්ස් විජේවර්ධන මාවත” ලෙස නම් කිරීම රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

එහිදී ප්‍රවීණ ගායන ශිල්පිනී ඉන්ද්‍රානි පෙරේරා  අතින් එම මාර්ගයේ නාම පුවරුව විවෘත කෙරිණි.

ක්ලැරන්ස් විජේවර්ධන  දැයෙන් සමුගෙන මේ වන විට වසර 25 කි.

ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ බිරිඳ වන ශීලා විජේවර්ධන  ද මෙම අවස්ථාවට අන්තර්ජාලය ඔස්සේ මෙම අවස්ථාවට එක්වූ අතර කලාකරුවන් වන රජීව් සෙබස්තියන්, ජානක වික්‍රමසිංහ, ලිලන්ති කරුණානායක, විජේ කොරයා, ආරියසිරි විතානගේ යන  මෙම අවස්ථාවට එක්ව සිටියහ.

lankadeepa

Page 30 of 34