Language Switcher

V2025

නවසීලන්තය හා පළමු T20 සටනේ ජය ශ්‍රී ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද (අප්‍රේල් 2) ඕක්ලන්ඩ්හිදී ආරම්භ වූ පළමු T20 තරගයෙන් ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කණ්ඩායම් දෙකෙහිම ලකුණු සම තත්ත්වයට පත්වීම හේතුවෙන් සුපර් ඕවරය ක්‍රීඩා කිරීමට සිදු වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තීරණාත්මක පන්දු ඕවරය මහීෂ් තීක්ෂණ විසින් යැවී ය.

එහිදී නවසීලන්ත කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 8ක් රැස් කළේ ය.

ඒ අනුව, ලකුණු 9 පන්දු 3ක් තුළදී ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජය වාර්තා කිරීමට සමත් විය.

තරගයේ කාසියේ වාසිය නවසීලන්ත කණ්ඩායමේ නායකයා දිනාගත් අතර ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දීමට ආරාධනා කළේ ය.

ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 196ක් රැස් කිරීමට සමත් විය.

ලකුණු 196ක ඉලක්කය හඹා ගිය නවසීලන්ත කණ්ඩායම ද නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 196ක් රැස් කළ අතර සුපර් ඕවරයෙන් තරගයේ ජය තීරණය විය.