Language Switcher

V2025

මයිකල් ස්ලේටර් අධිකරණයට !

චෝදනා එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

 
ඊට අනුව කුවීන්ස්ලන්තයේ පිහිටි ජනප්‍රිය නිවාඩු නිකේතන සහිත නගරයකදී ඔහු පොලිස් නිලධාරීන්ට පහරදී ඇත.

පොලිස් ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පසුගිය සිකුරාදා වාර්තා වූ එම පහරදීමේ සිදුවීමෙන් පොලිස් නිලධාරියෙකු හට  තුවාලද සිදුව ඇති බවයි. 

නූසා නම් ප්‍රදේශයේ සිදුවූ බව පැවසෙන ගෘහස්ත පහරදීමක් සම්බන්ධ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය විට පොලිස් නිලධාරීන් හා ස්ලේටර් අතර උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙන බවත් එහිදී අදාළ පහරදීම සිදුව තිබෙන බවද විදෙස් මාධ්‍ය හි සඳහන්ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් 53 හැවිරිදි ස්ලේටර් මැයි 2 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.