Image

මන්ත්‍රී කවින්ද ජයවර්ධන හදිසියේ බෙල්ජියමට ගියේ ඇයි ?

මන්ත්‍රී කවින්ද ජයවර්ධන හදිසියේ බෙල්ජියමට ගියේ ඇයි ?

සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කවින්ද ජයවර්ධන මහතා, බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරට ගොස් තිබෙනවා.

ඒ එළඹෙන සැප්තැම්බර් 29 වනදා බ්‍රසල්ස් නුවර පැවැත්වෙන දේශපාලන පක්ෂ කෙරෙහි විදේශීය මැදිහත්වීම් පිළිබඳ යුරෝපීය රටවල සහභාගීත්වයෙන් පැවැත්වෙන වට මේස සාකච්ඡාවට සහභාගී වීම සඳහායි.

මෙවර එම සමුළුවේ තේමාව වී ඇත්තේ, “පීඩනයට ලක්වන දේශපාලන පක්ෂ - තුන්වන පාර්ශ්වයන්ගේ අහිතකර බලපෑම්වලට එරෙහිව පක්ෂවල ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කරන්නේ කෙසේද ? “යන්නයි.

විදේශීය මැදිහත්වීම්, රහසිගත මූල්‍යකරණය, සයිබර් මෙහෙයුම් සහ ව්‍යාජ තොරතුරු ඇතුළු අහිතකර බලපෑම් හේතුවෙන් යුරෝපය තුළ සහ ඉන් පිටත දේශපාලන පක්ෂ මුහුණ දෙන අභියෝග පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරෙන අතර කාවින්ද ජයවර්ධන මහතා පැවසුවේ, සමාරම්භක සැසියේදී වර්ථමානයේ ශ්‍රී ලංකාව හමුවේ ඇති තර්ජන සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීම පිළිබඳ මෙරට දෘෂ්ටිකෝණය ඔස්සේ තමන් අදහස් දැක්වීමට නියමිත බවයි.

මෙම වට මේස සාකච්ජාවට යුරෝපයේ දේශපාලන පක්ෂ නියෝජිතයින්, යුරෝපා සංගමයට අනුබද්ධිත ආයතන සහ විවිධ කේෂ්ත්‍රවල විශේෂඥයින් රැසක් සහභාගීවනු ඇති.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න