රජයේ බලධාරීන් අත්තනෝමතික ආකාරයට නෙට් මීටරින් නෙට් එකවුන්ටින් ඉවත් කර නෙට් ප්ලස් ක්‍රමවේදය ඉදිරිපත් කිරීම නිසා ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට සුවිශේෂ ශක්තියක් ලබා දී ඇති බවත්, නමට පුනර්ජනනීය බලශක්තිය ගැන කතා කළත් ක්‍රියාව සෘජුව හා වක්‍රව තාප හා ඉන්ධන බලාගාර මාෆියාව ප්‍රවර්ධනය කරන්න රජය දරන උත්සාහයට විරුද්ධව සුනිත්‍ය බලශක්තිය රැක ගන්න මහජන උපයෝගීතා කොමිසම හමුවට පැමිණි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ වත්මන් රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම දැනුවත් කිරීමට එම කොමිසම හමුවට ගිය අවස්ථාවේදීය. මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය කේ.පී.එල්. චන්ද්‍රලාල්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කාංචන සිරිවර්ධන, කොමිසමේ ලේකම් නදීජා වරාපිටිය මිය සහ යසන්ත රතුවිතාන යනාදීන් හමුවිය.
සූර්ය බලශක්තිය තුළින් මෙගවොට් 2500ක් නිපදවීම නිසා රටට රු.බි.25ක් ඉතිරි කළ හැකිව තිබියදී බොරු තර්ක ඉදිරිපත් කර සූර්ය බලශක්ති ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා දීම අත්තනෝමතික ලෙස අමාත්‍යාංශය අත්හිටුවා ඇති බවත් මෙය අනීතික ක්‍රමවේදයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම සූර්ය බල ව්‍යාපෘති සඳහා මරු පහරක් එල්ල කරමින් ටැරිෆ් රේට් එක රු. 37 සිට 27 දක්වාත් ඉන් අනතුරුව රු. 20 දක්වා අඩු කර සූර්යබල ව්‍යවසායකයන් බිහි වීම අධෛර්යමත් කර බුද්ධි ගලනය වැඩි කර තරුණයන් රටින් යන තැනට පත් කර ඇති බවත් කම්බයින්ඩ් සයිකල් ප්ලාන්ට් වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවට ලොකුම බොරුව පවසා යුගදනවි සොබාදනවි සහස්දනවි ගැන පැවසුවත් මේවා ක්‍රියාත්මක වීමට LNG නැති බවත් මේවා ඩීසල් ඉන්ධන තුළින් ක්‍රියාත්මක වන නිසා ඩීසල් ඉන්ධන බලාගාර ක්‍රියාත්මක වන බවත් මේ නිසා ඉන්ධන බලාගාර ශක්තිමත් වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මෙරට පාරිභෝගික ජනතාවට පිරිසුදු හරිත බලශක්තිය අඩු මිලකට ලබා ගැනීමේ අයිතිය වෙනුවෙන් මහජන උපයෝගීතා කොමිසමට පැමිණි බවත් දැන්වත් ඉන්ධන තාප බලාගාර බලශක්ති මාෆියාවේ වහලුන් නොවී පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධන කරන ලෙසත් වහාම සූර්ය බලශක්ති ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
සූර්ව බලශක්තියට එල්ල කරන මේ මරු පහර පරාජය කරන්න දේශීයව හා ජාත්‍යන්තර වශයෙන් පියවර රැසක් ගැනීමට නියමිත බවත් මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පැවසීය.
මේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ සංක චන්දිම අබේවර්ධන, අසංක තෙන්නකෝන්, ආචාර්ය ශ්‍යාම් පතිරාජ, ආචාර්ය අර්ජුන පෙරේරා, ජාවිඩ් කමීල් සහ සංජීව ධම්මික යනාදීන් එක්විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
