ජවිපෙ යළිත් වෛරය වපුරවන්නේ යැයි සමගි ජනබලවේගය පක්ෂයේ ගම්පහ ආසන සංවිධායක වරුණ දීප්ත රාජපක්ෂ පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ අද (17) සමගි ජන බලවේගය කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් වරුණ පැවසුවේ 'ක්ලීන් ශ්‍රී ලංකා' ව්‍යාපෘතියට මුවා වී ආණ්ඩුව 'මහා භාණ්ඩාගාරය' ක්ලීන් කරන බවයි.
වතු කම්කරුවන් ගේ වැටුප් වැඩි කිරීමට සමග ජන බලවේගය විරුද්ධ වුවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් ද මෙහි දි වරුණ කරුණු පැහැදිලි කළේ ය.

