#sajith premadasa

  • ලැයිම් කාමරවල සිටින ජනතාව කුඩා තේ වතු හිමියන් ලෙස බල ගන්වන්න - සජිත් ප්‍රේමදාස

    අපේ රටේ ජාතික තේ නිෂ්පාදනයට 60%ක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක් කුඩා තේවතු හිමියන් දායකත්වය ලබා දෙන අතර ඔවුන්ට තේ වතු ඉඩම්වලින් 30%ක හෝ 40%ක හිමිකම් තිබෙන බවත්, මෙසේ අඩු ඉඩම් ප්‍රමාණයක් ඇති අය විශාල දායකත්වයක් ලබා දෙන විට වැඩි ඉඩම් අයිතියක් ඇති රාජ්‍ය සමාගම් හෝ පෞද්ගලික වතු සමාගම් ලබා දෙන්නේ අඩු දායකත්වයක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

  • වත්මන් සෞඛ්‍ය සේවාවේ ඇති විශාල ගැටලු නිසා රෝගීන් සහ සෞඛ්‍ය සේවකයින් දැඩි අපහසුතාවට පත් වෙලා - සජිත් ප්‍රේමදාස

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්වප්‍රකාශයට අනුව සෞඛ්‍ය මානව අයිතිවාසිකමක් ලෙස සලකන බැවින් කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ඇති කිරිමටත් ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල සෞඛ්‍ය සේවාවක් සැලසීමටත් රෝගීන්ගේ අයිතිය සහ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන බවට වත්මන් රජය සිය ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා පොරොන්දු වූ ඇති නමුත් වත්මන් සෞඛ්‍ය සේවාවේ ඇති විශාල ගැටලු නිසා රෝගීන් මෙන්ම සෞඛ්‍ය සේවකයන්ට දැඩි අපහසතාවට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

  • විදේශ ආධාර මත දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතිවල මුදල් දිට්වා සහන සලසන්න යොදා ගන්න එපා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

    මේ වන විට රට තුළ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල මුදල් දිට්වා සුළි කුණාටුවට සහන සහන දීම සඳහා භාවිත කරන නිසා එම ආධාර ලබා නොගෙන නව ආධාර ලබා දෙන ලෙස ඒ ඒ ආයතනවලින් ඉල්ලා සිටින ලෙසට රජයේ අවධානය යොමු කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලීමක් කළේ ය.

  • විපක්ශයේ මළගම - රාධිකා රත්නායක විසිනි

    ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන භූ දර්ශනය තුළ වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය වන්නේ ආණ්ඩුවේ ශක්තිය නොව, ශක්තිමත් විපක්ෂයක් තිබිය යුතු තැන පවතින ගැඹුරු රික්තකයයි.

     

    සමගි ජන බලවේගය (SJB) සහ එක්සත් ජාතික පක්ෂය (UNP) ප්‍රමුඛ විරුද්ධ පාර්ශ්වය, ආණ්ඩුවට අභියෝග කිරීමේ තම මූලික කාර්යභාරය ඉටුකිරීමට අපොහොසත් වී ඇති බව පොදු නිරීක්ෂණයකි.

     


    1732527192 sjb unp 6
    මෙය හුදෙක් දේශපාලන දුර්වලතාවයක් පමණක් නොව, රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයේ සමබරතාවයටද බලපාන තත්ත්වයකි.

     

     

    ප්‍රධාන විපක්ෂයේ ක්‍රියාකලාපය දෙස බලන විට, පැහැදිලි උපායමාර්ගික සැලැස්මක අඩුවක් පෙනෙන්නට තිබේ. සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ යන නායකයින්ගේ දේශපාලන ප්‍රවේශයන්, තමන්ගේම ඡන්ද පදනම ශක්තිමත් කරනවා වෙනුවට එය තවදුරටත් ඛාදනය වීමට හේතු වී ඇති බවක් පෙනේ.

     

     


    ජාතික වශයෙන් වැදගත් වන කරුණු සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක් ගැනීමට හෝ අඛණ්ඩ පීඩනයක් එල්ල කිරීමට ඔවුන් දක්වන මැලිකම, ඔවුන්ගේ අරමුණු පිළිබඳව ජනතාව තුළ සැක සංකා මතුකරවයි. මෙම ක්‍රියාකලාපය, දේශපාලනමය වශයෙන් ස්වයං-විනාශකාරී ගමනක යෙදෙන බවට හැඟීමක් ඇතිකරවයි.


    Sajith 1200x675px 10 10 25 1000x600
    මෙම අකර්මණ්‍යතාවයට ගැඹුරු හේතුවක් ලෙස ජනතා විශ්වාසය බිඳ වැටීම පෙන්වා දිය හැකිය. ප්‍රධාන විපක්ෂයේ නායකත්වය, මහජන අපේක්ෂා ඉටු කිරීමට අපොහොසත් වූ පෙර ආණ්ඩු සමග සෘජුවම සම්බන්ධ වීම, ඔවුන්ට ඇති ප්‍රධානතම බාධකයකි. එම නිසා, වත්මන් ආණ්ඩුව දූෂණය හෝ ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් විවේචනය කරන විට, ජනතාව ඔවුන් දෙස බලන්නේ ද එම දේශපාලන ක්‍රමයේම කොටස්කරුවන් ලෙසය.

    මෙය ඔවුන්ගේ විවේචනවලට ඇති විශ්වසනීයත්වය දැඩි ලෙස හීන කරන අතර, ඔවුන්ට නැවුම් විකල්පයක් ලෙස පෙනී සිටීමට ඇති ඉඩකඩ අහුරා දමයි.


    අරගලයෙන් පසු නිර්මාණය වූ දේශපාලන අවකාශය..



    278455098 524271569062466 7084128771706949428 n

    විශේෂයෙන්ම 2022 මහජන අරගලයෙන් පසු නිර්මාණය වූ දේශපාලන අවකාශය ප්‍රයෝජනයට ගැනීමට විපක්ෂය අපොහොසත් වීමද මෙහිදී කැපී පෙනේ. පද්ධතිමය වෙනසක් ඉල්ලා සිටි ජනතා රැල්ලට සැබෑ නායකත්වයක් හෝ නව දැක්මක් ලබා දීමට ඔවුන්ට නොහැකි විය.

    එම ඓතිහාසික මොහොතේදී, ජනතා බලය මෙහෙයවනවා වෙනුවට, ඔවුන් පසෙකට වී බලා සිටින පිළිවෙතක් අනුගමනය කළ බවට විවේචනයක් පවතී. මෙය, නව දේශපාලන සංස්කෘතියක් අපේක්ෂා කළ තරුණ පරපුර ඇතුළු විශාල පිරිසක් ඔවුන්ගෙන් තවදුරටත් දුරස් කිරීමට හේතු විය.



    මෙම අකර්මණ්‍යතාවය ප්‍රධාන පක්ෂවලට පමණක් සීමා වී නොමැත. විපක්ෂයේ අනෙකුත් පාර්ශ්වයන්ද විවිධ ආකාරයේ අකාර්යක්ෂමතාවන් ප්‍රදර්ශනය කරයි. නාමල් රාජපක්ෂගේ නායකත්වය යටතේ නැවත සංවිධානය වීමට උත්සාහ දරන පොදුජන පෙරමුණ, නව දැක්මක් ඉදිරිපත් කරනවා වෙනුවට තම පැරණි ඡන්ද පදනම නැවත එක්කර ගැනීමට උත්සාහ කරන බවක් නිරීක්ෂණය කළ හැකිය.

     




    දෙමළ ජාතික සන්ධානය තුළ, ශානකියන් රාසමාණික්කම් වැනි කිහිප දෙනෙකුගේ හඬ හැරුණු විට, සමස්තයක් ලෙස පක්ෂයේ ක්‍රියාකාරීත්වය අපේක්ෂිත මට්ටමක නොමැත. ඒ අතර, කඳුකරයේ සහ මුස්ලිම් ප්‍රජාවන් නියෝජනය කරන පක්ෂවල නායකයින්, ජාතික ප්‍රශ්නවලට වඩා පටු දේශපාලන අරමුණු වලට මුල්තැන දෙන බවට විවේචන පවතී.

    මෙම විපක්ෂ රික්තකය, ජාතික ජන බලවේගය වැනි විකල්ප දේශපාලන බලවේගයන්ට වර්ධනය වීමට සෘජු අවස්ථාවක් සලසා දී ඇත. ආණ්ඩුව සහ සාම්ප්‍රදායික විපක්ෂය යන දෙපාර්ශ්වය පිළිබඳවම කලකිරී සිටින ඡන්දදායකයින්, වෙනත් විකල්ප වෙත යොමු වීම ස්වභාවිකය.

     

    npp pic 2

    එබැවින්, එම පක්ෂවල ජනප්‍රියතාවය වර්ධනය වීමට ඔවුන්ගේම ප්‍රතිපත්ති මෙන්ම, ප්‍රධාන විපක්ෂයේ අකාර්යක්ෂමතාවය සහ අසාර්ථකත්වයද ප්‍රබල ලෙස ඉවහල් වී ඇති බව පැහැදිලිය.


    සම්ප්‍රදායික විපක්ෂය වෙනුවට ඩිජිටල් සමාජ මාධ්‍ය



    what is social media and purpose of social media technews lk
    මේ අතර, ශ්‍රී ලංකාවේ දේශපාලන කතිකාව පාර්ලිමේන්තුවෙන් පිටතට, එනම් සමාජ මාධ්‍ය වැනි ඩිජිටල් අවකාශයන්ට සංක්‍රමණය වීමද සුවිශේෂී ප්‍රවණතාවයකි. ආණ්ඩුව පවා විපක්ෂයේ විධිමත් විවේචනවලට වඩා සමාජ මාධ්‍ය තුළ මතුවන මහජන මතයට වැඩි ප්‍රතිචාරයක් දක්වන බවක් පෙනී යයි. මෙයින් ගම්‍ය වන්නේ, සාම්ප්‍රදායික විපක්ෂය විසින් නිර්මාණය කළ යුතු දේශපාලන පීඩනය, දැන් අවිධිමත් ලෙස ජනතාව විසින්ම නිර්මාණය කරමින් සිටින බවයි.



    ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය නිර්වචනය වන්නේ මෙම විපක්ෂ රික්තකය මගිනි. ශක්තිමත් සහ සංවිධානාත්මක අභියෝගයක් නොමැති වීම ආණ්ඩුවට පැහැදිලි වාසියක් සලසා දෙයි. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක නිරෝගී පැවැත්ම සඳහා, ආණ්ඩුවේ බලය තුලනය කිරීමට සහ වගකීමට ලක් කිරීමට හැකි ශක්තිමත් විපක්ෂයක් අත්‍යවශ්‍ය වේ. වත්මන් තත්ත්වය, එම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයේ අනාගතය පිළිබඳව බරපතල ප්‍රශ්න මතුකරයි.

     




    (රාධිකා රත්නායක)

  • විපක්ෂ නායකවරයා ප්‍රමුඛ විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ දී හමුවෙති

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමෙන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් සහ විපක්ෂයේ මන්ත්‍රීවරු හමුවූහ.

  • විපක්ෂයේ ප්‍රබලයින් අතර විශේෂ හමුවක්

    ඉදිරි දේශපාලන කටයුතු සහ නව සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (18) පැවැත්විණි.

  • විපක්ෂයේ මන්ත්‍රීවරුන් 5 ශ්‍රේණිය අසමත් යැයි පැවසීම අපහාසයක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

    පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කිසිදු මන්ත්‍රීවරයකුට සිය පාර්ලිමේන්තු කතාවක් තුළ තවත් මන්ත්‍රීවරුන්ට අපහාසාත්මක ලෙස කතා කළ නොහැකි බව සඳහන් වුව ද සභානායකවරයා ගේ කතාවේ දී විපක්ෂයේ මන්ත්‍රීවරුන් 5 ශ්‍රේණිය අසමත් යැයි පැවසූ බැවින් එය අපහාසයක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

  • සජිත් ගේ තේරීම් කාරක සභා යෝජනාවෙන් ආණ්ඩුවට තවත් තොණ්ඩුවක්

    ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් කියන්නේ සමාජයක විශේෂම කොටසක්. එහෙම වෙන්නේ සමාජය පිළිබද විනිශ්චයක් ලබාදෙන සමාජය සදාචාරාත්මක ලෙස හසුරුවන පිරිසක්වීම නිසයි.

  • සජිත් ගේ දේශපාලන සතිය - එකම විකල්පය සජිත් & Team

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මත පදනම්ව ගොඩනැගී ඇති ව්‍යාකූල තත්ත්වය හමුවේ විපක්ෂයක් ලෙස ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැන තීන්දු තීරණ රැසක් ගෙවුණු සතියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගනු ලැබූ අයුරු දැකගත හැකි විය.

  • සජිත් ගේ දේශපාලන සතිය - සමගියේ හැකියාව පෙන්නූ “සජිත් & Team” අනුරාධපුර මෙහෙයුම

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජනබලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන පසුගිය 22 සහ 23 දෙදින පුරා අනුරාධපුර දිස්ත්‍රීක්කය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක විය. එහි තේමාව වූයේ  “එකම විකල්පය සජිත් & Team” යන්න ය. පක්ෂයේ ඉදිරිපෙළ නායකයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකයින්, පළාත් පාලන මන්ත්‍රීවරුන් මෙන්ම පක්ෂ ක්‍රියාකාරීන් එකට එක්වූ මෙම වැඩසටහන සැබෑවට ම සජිත් සහ සජිත්ගේ කණ්ඩායමේ ශක්තිය එක්තැන් කළ අවස්ථාවක් විය. 

  • සජිත් ප්‍රේමදාස එක්සත් ජාතීන් ගේ සංවිධානයේ මෙරට සම්බන්ධීකාරක හමුවෙයි

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත්  ජාතීන් ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක Mark Andre Franche අතර සුවිශේෂ හමුවක් අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය.

  • සජිත් ප්‍රේමදාස කොරියානු තානාපතිනිය හමුවින් සහනාධාර ඉල්ලයි

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ කොරියානු ජනරජයේ මෙරට තානාපතිනිය වන ගරු මියෝන් ලී අතර සුවිශේෂී හමුවක් අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු කෙරිණ.

  • සජිත් සහ විපක්ෂයේ පක්ෂ නායකයින් අතර සාකච්ඡාව අද…

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්, මහලේකම්වරුන් ඇතුළු ප්‍රධානීන් සමග අද (23) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත ය.

  • සජිත්ගේ දේශපාලන සතිය - රනිල් ගේ නිවසට පැමිණි සජිත් කියූ සංවේදී කතාව

    ඇමරිකාව සහ ඉරානය අතර ඇතිකර ගත් සාම ගිවිසුම ප්‍රකාරව පසුගිය දින කිහිපයේ ලෝක වෙළඳපොළෙහි බොර තෙල් මිල ගණන් අඛණ්ඩව අඩුවනු දක්නට ලැබුණි. මෙම සටහන ලියන දිනයේ බ්‍රෙන්ට් වෙළඳපොළෙහි බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ, ඇමරිකානු ඩොලර් 80.57 ලෙස ය. WTI වෙළඳපොළෙහි එය 76.54 විය.

  • සජිත්ගේ දේශපාලන සතිය: IMF නියෝජිතයින් සජිත් හමුවූ හේතුව

    IMF නියෝජිතයින් සහ රජය අතර පැවති සාකච්ජාව පිළිබඳ පැහැදිලි තොරතුරක් රජය පාර්ශවයෙන් හෙළිදරව් නොවූ පසුබිමක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා ඇතුළු නියෝජිත පිරිස විපක්ෂ නායක සජිත් හමුවීමට ද පැමිණියේ ය.

  • සදාචාර, ශිෂ්ට සම්පන්න, උගත්, බුද්ධිමත්, දරු පරපුරක් නිර්මාණය කළ හැකි ද යන්න සැක සහිතයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

    ශීලාචාර මෙන් ම ශිෂ්ටසම්පන්න විශිෂ්ට පුරවැසියකු බවට පත් කිරීමට දෙමාපියන් කෙතරම් උත්සාහ කළ ද, අද රට යන දිශාව දෙස බලන විට: සදාචාර, ශිෂ්ට සම්පන්න, උගත්, බුද්ධිමත්, දරු පරපුරක් නිර්මාණය කරන්න අවශ්‍ය පසුබිම සකස් වෙනවා ද යන්න ගැටලුසහගත යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

  • සමගිය සහ එජාපය එක්වීමට කකුල් මාට්ටු දමන අවස්ථාවාදී පරාජිත කල්ලියක් - සංඛ චන්දිම අභයවර්ධන

    සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්වීමේ ජනතාවාදී අපේක්ෂාව ඉටුවනවා දැකීමට නොහැකි අවස්ථාවාදී මෙන් ම පරාජිත කල්ලියක් විපක්ෂය අතර ඇති වන එකඟතා කඩාකප්පල් කිරීමේ ක්‍රියාවලියට නිරතව සිටින බව සමගි ජනබලවේගයේ දිවුලපිටිය, සම සංවිධායක සංඛ චන්දිම අභයවර්ධන පැවසී ය.

  • සමාජයක් ලෙස අප දැනුමින් සවිබල ගැන්වූ සමාජයක් බවට පත්විය යුතු යි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

    පුරවැසි පරපුර නිසි දැනුවත්භාවයක් නොමැති බැවින් සමාජයක් ලෙස අප දැනුමින් සවිබල ගැන්වූ සමාජයක් බවට පත්විය යුතු යැයි විපක්ෂ නායකවරයා පැවසී ය.

  • සිවරාසා අනෝජන් ගේ දෙමාපියන් විපක්ෂ නායකවරයා හමුවෙයි

    සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන් ගේ දෙමාපියන් අද (21) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයට පැමිණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවුණා.

  • සූර්ය බලශක්තිය අධෛර්යමත් කරන්න එපා; පෙර ගෙවපු මුදලම ගෙවන්න - සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලයි

    2030 වන විට 70%ක් පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කරන්න ඉලක්ක කර තිබුණ ද සූර්ය බලශක්තියට

Page 3 of 3

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න