#sajith premadasa

  • ආංශික අධීක්ෂණ කාරක සභාව වහාම රැස්කරන්න - විපක්ෂ නායකගෙන් ඉල්ලීමක්

    දඬුවමකට යටත්ව බන්ධනාගාරගත කර ඇති ගරුතර ස්වාමීන් වහන්සේලා සහ අන්‍යාගමික පූජා ප්‍රසාදින් වහන්සේලා බන්ධනාගරයේදී සහ ඉන් පිටතට රැගෙන යාමේදී පැළදිය යුතු වස්ත්‍රය පිළිබඳව මතුව ඇති ගැටලුව සකච්ඡා කිරීම සඳහා රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වහාම රැස්කරන ලෙස ඉල්ලා විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස ගරු කථානායක මගින් එම කාරක සභාවේ සභාපති වෙත ලිපියක් යොමුකොට තිබේ.

  • එජාපය සහ සජබය සහයෝගයෙන් වැඩ කිරීමට එකග වෙයි

    එක්සත් ජාතික පක්ෂය සමග සහයෝගයෙන් වැඩ කිරීම සඳහා සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය එකග වූ බව එහි මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර  පවසයි.

    ඊයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි ඔහු ඒ බව සදහන් කළේය.





    එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේ සමගි ජන බලවේගය  කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී සහ ඊට පෙර පැවැති කළමනාකරණ කමිටු රැස්වීම් දෙකකදී ඒකමතික තීන්දුවක් හරහා සමගි ජන බලවේගයේ නායකත්වයෙන් මූලිකත්වයෙන් සහ මෙහෙයවීමෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ පොදු වැඩපිළිවෙළකට ක්‍රියාමාර්ගයකට දේශපාලන වශයෙන් ප්‍රවේශ වීමට තීරණය කළ බවයි.



  • එල්නීනෝ ප්‍රධාන වශයෙන් ක්ෂේත්‍ර 03කට බලපෑම් සිදු කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

    එල්නීනෝ ලානීනා තත්ත්වයේ බලපෑම ප්‍රධාන ක්ෂේත්‍ර 03කට සහ ප්‍රතිපත්ති මාලා 03කට බලපාන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

  • ඕනෑ ම මැතිවරණයක දී ජයග්‍රහණය සඳහා අඩිතාලම දමා අවසන් - රංජිත් මද්දුම බණ්ඩාර

    විරුද්ධ පක්ෂයේ සියලුම කණ්ඩායම් සියයට 57 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ඇති බවත්, ඒ අනුව සමගි ජනබලවේගයේ පක්ෂ ප්‍රවර්ධන වැඩසටහන සමඟ ඊළඟට පැමිණෙන ඕනෑම මැතිවරණයක දී ජයග්‍රහණය සඳහා අඩිතාලම දමා අවසන් යැයි සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පැවසී ය.

  • කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කරන්න ස්ථාපිත කළ ස්වාධීන කාන්තා කොමිසමටත් රජයේ අත පෙවීම් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

    කාන්තාවන් පිළිබද ජාතික කොමිෂන් සභාවේ හිටපු සභාපතිනිය වූ ආචාර්ය රමණි ජයසුන්දර සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇත්තේ අදාළ අමාත්‍යාංශය විසින් කොමිසමේ ස්වාධිනත්වයට හානි කරන අයුරින් පරිපාලනමය මැදිහත්වීම් සිදු කරමින් කොමිසම අමාත්‍යාංශය යටතට ගැනීමට උත්සාහ කරන බැවින් යැයි මාධ්‍ය වාර්තා කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

  • කුණාටුවෙන් විනාශ වූ රට ගොඩනගනවා වෙනුවට මේ රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහෝසි කරන්න හදනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

    මේ රජයට රට ගොඩනගන දැක්මක් වැඩපිළිවෙළක් මාර්ග සිතියමක් නොමැති බවත් මොවුන් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහෝසි කිරීම බවත් රජයේ වගකීම වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හැකිලිම නොව විපතට පත් මාතෘභූමියට සහනයක් ගෙනවිත් ජන ජීවිත ශක්තිමත් කළ හැකි නව ගමනක් යාම වුවත් රජය මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග අනුව නම් එවැනි දෙයක් නොපෙනෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

  • ගුරු සංවර්ධන නිලධාරීන්ට සහ රැකියා විරහිත උපාධිධාරීන්ට සාධාරණය ඉටු කරන්න - සජිත් ප්‍රේමදාස

    අගමැතිවරිය ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුව මේ වන විට රට තුළ උපාධි රැකියා 50000ක පමණ පවතින ගුරු සංවර්ධන නිලධාරීන්ට සහ රැකියා විරහිත උපාධිධාරීන්ට නිසි සාධාරණය ඉටු විය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

  • ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම ගැන සජිත්ගෙන් විශේෂ නිවේදනයක්

    සිරදඬුවම් නියම වී සිටින සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (06) දින අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේ උන්වහන්සේ ගිහි ඇඳුමින් සැරසී අධිකරණය වෙත රැගෙන ඒමේ සිදුවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තම අදහස දක්වමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

  • නොරොච්චෝලේ Real Time Data අනුව 9 වැනි ගල් අගුරු නැවත් බාලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස 

    මෙතෙක් දකුණු අප්‍රිකාවෙන් ගෙන ආ ගල් අගුරු නැව් 8ම බාල ගල් අගුරු බවට සාක්ෂි සහිතව ඔප්පු වී ඇති මොහොතක 9 වැනි ගල් අගුරු නැවත් බාල ගල් අගුරු සහිත නැවක් බවට දත්ත කේන්ද්‍රීයව වාර්තා වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

  • පරිසරය සහ තිරසර සංවර්ධනය අනිවාර්ය විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් විය යුතුයි - සජිත් ප්‍රේමදාස

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන මොහොතක කාලගුණික දේශගුණික විපර්යාස ගැන කතා කරන මොහොතේ පරිසරය සහ තිරසර සංවර්ධනය විෂය අනිවාර්ය විෂයක් ලෙස 1 වසරේ සිට ක්‍රියාත්මක කිරීම අතිශය වැදගත් බවට යෝජනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

  • පිට රටින් සහල් ආනයනය කිරීම මහා ඛේදවාචකයක් - සජිත් ප්‍රේමදාස

    අප රටේ සහල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 2.8ක් වුව ද වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 2.4ක් බවත්, රට තුළ සහල් අතිරික්තයක් තිබුණ ද අපි අදටත් සහල් ආනයනය කිරීම ජාතික ඛේදවාචකයක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

    ඔහු මෙම අදහස් පළ කළේ කෘෂිකර්මාන්තයේ වී වගාව කේන්ද්‍රීයව පැවැති පාර්ලිමේන්තු විවාදයේ දී ය.

    එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

    මුල්‍ය ශක්තිය ලබා දීම රජයේ වගකීමක්

    ''වත්මන් රජය නිර්මාණය කරනවා කියපු ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය කඩදාසියට පමණක් සීමා නොකර මහ පොළොවේ යථාර්ථයක් කරන්න. එසේ කරන තෙක් ගොවි ජනතාවගේ අයිතිය වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටිනවා. මේ වන විට වී වගාවේ ඵලදායීතාව අඩු වන්න බලපෑ හේතු කවරේ ද කියා අප සිතා බැලිය යුතුයි.

    පසුගිය කාලයේ අප රටේ වී නිෂ්පාදනය සහ කෘෂිකර්මාන්තය ඉහළ මට්ටමේ ඇති අවස්ථාවේ රසායනික පොහොර තහනමක් පැමිණියා. ඒ වන විට වී නිෂ්පාදනය 34% ක පහළ වැටීමක් සිදු වුණා. අදටත් පොහොර භාවිත වෙන්නෙ නිර්දේශ වූ ප්‍රමාණයට වඩා 35%ක් අඩුවෙන්. මේ නිසා ඊළග කන්න කිහිපයේ හෝ නිර්දේශිත ප්‍රමාණයෙන් පොහොර යෙදවීමට ගොවියා පොලඹවා මුල්‍ය ශක්තිය ලබා දීම රජයේ වගකීමක්. ව්‍යාප්ති සේවා හරහා එය සොයා බැලිය යුතු යි.

    සහතික මිල අදටත් ගැටලුවක්

    සහතික මිල ගැන ගැටලුවක් තිබෙනවා. රු. 120ක සහතික මිලක් දෙනවා කිව්වත් මෙය සහතික මිල ලබා දීමක් නෙවෙයි; සහතික මිල පාලනයක්. කිසිදු රජයක් කවදාවත් සම්පූර්ණ අස්වැන්න මිලදී ගන්නෙ නැහැ. අස්වැන්න මිල දී ගන්නේ සීමිත ප්‍රමාණයක යි. ඒකත් ගන්නෙ මිල පාලනයට යටත්ව යි. මේ ස්ථාවර මිල රු 140-150 විය යුතුයි කියා රජයේ ඇමතිවරු කිව්වා.

    වී වගාවේ පිරිවැය අදටත් වැඩියි

    පාර්ලිමේන්තු අණ පනත් හරහා මේ සහතික මිල නීතියක් කරනවා කිව්වට එය සිදු වුණේ නැහැ. පිරිවැය ගැන කිය කිය සිටියත් බීජවල සිට යෙදවුම් තෙල් පොහොර උපකරණ මිල මෙන්ම අනෙකුත් ක්‍රියාකාරකම්වල මිල නිසා ගොවියාට සාධාරණයක් ඉටු වෙන්නෙ නැහැ. මේ නිසා ඒකාධිකාරය බිඳ වට්ටවා කුඩා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් ශක්තිමත් කරන්න වැඩපිළිවෙළක් අවශ්‍ය යි.

    මේ දේවල් රජය කළ යුතු යි. අද කුඩා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් ශක්තිමත් කරන්න පැහැදිලි වැඩපිළිවෙළක් මෙන්ම මූල්‍ය ශක්තිය ද ලබා දිය යුතු යි. ඊට අමතරව අගය දාමයේ ප්‍රධාන ක්‍රියකරුවන් නිසි කළමනාකරණය කළ යුතු යි. වී වගාවට අවශ්‍ය සහතික බීජ වීවල හිඟයක් තිබෙනවා. දැනට 16%ක් සපයන එක 25% දක්වා ඉහළ දමා හොඳ ප්‍රභේද බිහි කළ යුතු යි.

    නවීන තාක්ෂණ ක්‍රම භාවිත කරන්න

    නවීන තාක්ෂණය උපයෝගී කර ගෙන නෙදර්ලන්තයේ මෙන් ඉහළ ගුණාත්මක අස්වැන්නක් ලබා ගත යුතු යි. ඒ වෙනුවෙන් පොහොර සහනාධාරය ප්‍රමාණවත්ව වේලාවට ලබා දිය යුතු යි. සත්‍ය කතා කළොත් පොහොර සහනාධාරයට ලබා දෙන මූල්‍ය ශක්තිය ප්‍රමාණවත් නැහැ. මෙට්‍රික් ටොන් 350000ක ගබඩා පහසුකම් තිබුණත් රාජ්‍ය ක්ෂේත්‍රය තුළ ද ගබඩා පහසුකම් වැඩි කළ යුතු යි.


    අලි මිනිස් ගැටුමට විසදුම් අවශ්‍ය යි

    ඊට අමතරව වන අලි මිනිස් ගැටුමට විසදුම් දිය යුතු යි. මේ ගැටුමට විසදුම් ලබා දී වගා හානි, ජීවිත හානි සහ දේපළ හානි අවම කිරීමේ හෝ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු යි. සමස්ත කෘෂිකර්මාන්ත චක්‍රය තුළ විවිධ අවස්ථාවල දී නිෂ්පාදනයේ සිට අලෙවිය දක්වා සැලසුම් සහගත වැඩපිළිවෙළක්, ජාතික වගා සැලසුමක් සහ ජාතික කෘෂිකාර්මික සැලසුමක් ක්‍රියාත්මක කළ යුතු යි.''

     

     

    The leader.lk

  • පොලිස් සහතික ගන්න ගමේ NPP ප්‍රජා පොලිස් කමිටු සභාපතිගේ චරිත සහතිකය මොකට ද...?

    පොලිස් සහතික ලබාදීමට මාලිමාවේ ග්‍රාමීය ප්‍රජා පොලිස් කමිටු සභාපතිගේ චරිත සහතිකය ඉල්ලා සිටීම බරපතල කාරණයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

  • පොලිස්පතිවරයා, ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා - සජිත් ප්‍රේමදාස

    පොලිස්පතිවරයා, ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් විතාන සම්බන්ධයෙන් සිදු කළ අදහස්වලින් පැහැදිලි වන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

  • බුද්ධ ශාසනය සුරකිමින් අන්‍ය ආගම් හා සංස්කෘතීන්ට රැකවරණය දීම සැමගේ වගකීමක් – සජිත් ප්‍රේමදාස

    රටේ උත්තරීතර නීතියට අනුව සම්බුද්ධ ශාසනයට ප්‍රමුඛස්ථානය ලබාදෙමින් සුරක්ෂිත කර පෝෂණය කිරීම මෙන්ම, සෙසු ආගම්, ජන කොට්ඨාස, සංස්කෘතීන් හා ආගමික සිද්ධස්ථානවලට නිසි රැකවරණය ලබා දීම සියලු දෙනාගේම වගකීම සහ යුතුකම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.


    රට සැබවින්ම ඒකීය, භෞමික අඛණ්ඩතාව හා සෛරීත්වය සුරැකුණු, දේශපාලන නිදහස ඇති රටක් බවට සුරක්ෂිත කිරීම සැමගේ වගකීම බව ද විපක්ෂ නායකවරයා පැවසුවේය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ ඊයේ(15) මහා විහාර වංශික අමරපුර මහා නිකායේ සිරි සද්ධම්මවංස පාර්ශ්වයේ අනුනායක ධුරය හෙබවූ අතිපූජ්‍ය වැල්ලවත්තේ පඤ්ඤාසිරි අභිධාන මාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජ්‍යෝත්සවය හා එක්වෙමිනි.

  • යල කන්නයේ වී මිලදී ගැනීමට රජයෙන් නව චක්‍රලේඛයක්

    2026 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් පසුගියදා (12) විශේෂ චක්‍රලේඛයක් නිකුත් කළේ ය.

  • රට අන්තරාදායක තත්ත්වයකට පත්වුණේ ඇයි? - සජිත් කරුණු පැහැදිලි කරයි

    2024 ජනාධිපතිවරණයේ දී: බොරුව සහ මුළාව නිසා රට අන්තරාදායක තත්ත්වයට පත් වුණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

    ඔහු මේ බව පැවසුවේ මාතලේ දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රි සංසදය අමතමිනි.

    එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...



    2028 මුහුණ දීමට නියමිත අභියෝගය පිළිබඳව අවබෝධයක් අපිට තිබෙනවා


    ''සමගි ජන බලවේගය ජනතාවගේ දුක කඳුළ වේදනාව ප්‍රශ්න ගැටලු අවබෝධ කර ගන්නා ශක්ති සම්පන්න බලවේගයක් විය යුතු යි. ලක්ෂ 220ක් අප රටේ ජනතාව මෑත කාලයේ ජනාධිපතිවරණ දෙකක දී රැවටුණා. 2019 ජනාධිපතිවරණයෙන් පසු රට බංකොලොත් වුණා. 2024 ජනාධිපතිවරණයේ දී බොරුව සහ මුලාව නිසා රට අන්තරාදායක තත්ත්වයට පත් වුණා. 2028 රට මුහුණ දීමට නියමිත අභියෝගය ගැන හොඳ අවබෝධයක් අපිට තිබෙනවා. 2028 වන විට වාර්ෂිකව ඩොලර් බිලියන 5ක ණය ගෙවීමට සිදුවෙනවා. එය සිදු කිරිම නම් රටේ ආර්ථික වර්ධන වේගය වේගවත් විය යුතු යි. කර්මාන්ත, කෘෂිකර්මාන්ත, සංචාරක, සේවා ආදී සෑම ක්ෂේත්‍රයකම දියුණුවක් සිදුවිය යුතු යි.

     එසේ කළහොත් පමණක් 2028 සිට ණය ගෙවීමට හැකි වුනත් මේ යන වේගයට ගියොත්, මේ යන ආකාරයට ආර්ථිකය වර්ධනය නොවුනහොත් ලැබිය යුතු සෘජු විදේශ ආයෝජනවලින් ලැබෙන්නේ තුනෙන් එකක් නම්, ණය ගෙවිය නොහැකිව නැවත වරක් බංකොලොත් වෙනවා.


    මේ රජයත් පසුගිය රජයේ අදූරදර්ශී ප්‍රතිපත්තියම අනුගමනය කරනවා


    පසුගිය රජයේ අයි. එම්. එෆ්. ගිවිසුම ගැන උපදෙස් දුන් ආර්ථික උපදේශකවරු කියන ආකාරයට මේ යන ක්‍රමයට නම් ණය ගෙවන්න බැරි බව කියනවා. ඒ අයම තමයි 2033 සිට ණය ගෙවිය යුතුව තිබිය දී 2028 ණය ගෙවිය යුතු වසර ලෙස තීන්දු කළේ. පසුගිය රජය ගිය ගමනම වත්මන් රජයත් යනවා. මේ රජයට ජනාධිපති පුටුව 159ක බහුතරයක් තියාගෙන, පළාත් පාලන ආයතනවල බහුතරයක් තියා ගෙන තවමත් පසුගිය රජයේ ගිවිසුම ම අනුගමනය කරමින් යනවා. පසුගිය රජයේ අදූරදර්ශී ප්‍රතිපත්තියම අනුගමනය කරනවා.

    2028 දී ණය ගෙවන්න බැරි වුවහොත් 'බංකොලොත්' යන නාමය රටට ලැබෙනවා. අයි. එම්. එෆ්. එක 2033 සිට ණය ගෙවන්න ප්‍රමාණවත් යැයි කියද්දීත් 2028 ණය ගෙවන්න පොරොන්දු වෙලා තිබෙනවා. ඒ සඳහා මේ වසර තුනේ ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ලබා ගත යුතු යි. විදේශ සංචිත පවත්වා ගෙන යා යුතු වුවත් සිදු වන්නේ රැවටිල්ල බොරුව පමණයි.''

    මේ අවස්ථාවට සමගි ජන බලවේගයේ මහලේකම් පා.ම. රංජිත් මද්දුම බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිනී කවිරත්න ඇතුළු දේශපාලන නායකයන් රැසක් එක්වූහ.

     
     
  • රනිල් - සජිත් ආශිර්වාදයෙන් රටේ තීරණාත්මක දේශපාලන කඳවුරක් - හර්ෂණ රාජකරුණා

    සජිත් ප්‍රේමාදස ගේ නායකත්වයෙන්, රනිල් වික්‍රමසිංහ ගේ ආශිර්වාදයෙන් ගොඩනැගෙන කඳවුර රටේ තිරණාත්මක දේශපාලන කඳවුරුක් බවට පත්වෙන බවත්, ඒ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට දක්ෂිණාශික දේශපාලනය පිළිගන්නා සියලුම දෙනාට ආරාධනා කරනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂන රාජකරුණා පැවසී ය.

  • රනිල් කොලම: සජිත්ගෙන් රනිල්ට දුරකථන ඇමතුමක්

    රනිල්ගේ ආරක්ෂකයාට පහරදීමක්: ඉලක්කය වී තිබුණේ රනිල් ද?

    රනිල් නඩුවට පෙනී සිට නැවත අධිකරණයෙන් පිටතට එන අවස්ථාවේ වූ සිදුවීමක් සමාජ මාධ්‍ය මෙන්ම විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය කලඹන්නට හේතු විය.ඒ එක්තරා විද්‍යුත් මාධ්‍ය නාලිකාවක කැමරා ශිල්පියකු විසින් රනිල්ගේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සිටි ආරක්ෂක නිලධරයකුගේ හිසට කැමරාවෙන් පහර දීමයි. පහරදීම සිදුවූ ස්ථානයේ සිට රනිල් සිටි තැනට තිබුණේ අඩි තුන හතරක පරතරයක් පමණි.

    ranilwi

    ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සභාපති වජිර කීවේ රනිල් අධිකරණයට එන විට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයා නොතිබූ බවට මෙය හොඳම සාක්ෂියක් බවයි. අධිකරණයේ සිට රනිල්ට පෙර එළියට පැමිණියේ අදාළ ආරක්ෂක නිලධාරීන්ය.රනිල් ආවේ ඊට පසුවයි.අදාල පුද්ගලයාගේ ඉලක්කය වී තිබුණේ රනිල් ද?ආරක්ෂක නිලධරයා මඟ හරස් කිරීම නිසා පහර දීම සිදුවීදැයි සැක සංකා මතුවන බවද සභාපතිවරයා සඳහන් කළේය.

  • රාජ්‍ය සේවකයා රවටා බලය ගත් වත්මන් රජය අද වන විට රාජ්‍ය සේවකයා ඇතුළු සමස්ත රටම අන්ත අසරණ කර අවසන් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

    දේශපාලන පළිගැනීම්වලට ලක්වු සියලු දෙනාට සමගි ජන බලවේග රජයක් තුළ යුතුකම් ඉටු කරන බවත් ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල ස්ථාපිත කර කම්කරු ජනතාව ⁣එම අධ්‍යක්ෂ මණ්ඩලවල නියෝජිතයන් ලෙස පත් කරන බවත් මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  ප්‍රතිඥා දුන්නේය.

  • ලක්ෂ 25, 50 දෙනව කිව්වට මරණයක් සඳහා දෙන ලක්ෂ 10වත් හරියට දීල නැහැ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

    පූර්ණ හානි සඳහා ලක්ෂ 50ක සහනයක්, අර්ධ හානි සඳහා රු. ලක්ෂ 25ක සහනයක් දෙනවා යැයි පැවසුව ද අවම වශයෙන් මරණයක් සඳහා වන රු. ලක්ෂ 10 හෝ නිසි පරිදි ලබා දි නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න