අගමැතිවරිය ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුව මේ වන විට රට තුළ උපාධි රැකියා 50000ක පමණ පවතින ගුරු සංවර්ධන නිලධාරීන්ට සහ රැකියා විරහිත උපාධිධාරීන්ට නිසි සාධාරණය ඉටු විය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
මෙතෙක් දකුණු අප්‍රිකාවෙන් ගෙන ආ ගල් අගුරු නැව් 8ම බාල ගල් අගුරු බවට සාක්ෂි සහිතව ඔප්පු වී ඇති මොහොතක 9 වැනි ගල් අගුරු නැවත් බාල ගල් අගුරු සහිත නැවක් බවට දත්ත කේන්ද්‍රීයව වාර්තා වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
අප රටේ සහල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 2.8ක් වුව ද වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 2.4ක් බවත්, රට තුළ සහල් අතිරික්තයක් තිබුණ ද අපි අදටත් සහල් ආනයනය කිරීම ජාතික ඛේදවාචකයක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ කෘෂිකර්මාන්තයේ වී වගාව කේන්ද්‍රීයව පැවැති පාර්ලිමේන්තු විවාදයේ දී ය.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
මුල්‍ය ශක්තිය ලබා දීම රජයේ වගකීමක්
''වත්මන් රජය නිර්මාණය කරනවා කියපු ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය කඩදාසියට පමණක් සීමා නොකර මහ පොළොවේ යථාර්ථයක් කරන්න. එසේ කරන තෙක් ගොවි ජනතාවගේ අයිතිය වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටිනවා. මේ වන විට වී වගාවේ ඵලදායීතාව අඩු වන්න බලපෑ හේතු කවරේ ද කියා අප සිතා බැලිය යුතුයි.
පසුගිය කාලයේ අප රටේ වී නිෂ්පාදනය සහ කෘෂිකර්මාන්තය ඉහළ මට්ටමේ ඇති අවස්ථාවේ රසායනික පොහොර තහනමක් පැමිණියා. ඒ වන විට වී නිෂ්පාදනය 34% ක පහළ වැටීමක් සිදු වුණා. අදටත් පොහොර භාවිත වෙන්නෙ නිර්දේශ වූ ප්‍රමාණයට වඩා 35%ක් අඩුවෙන්. මේ නිසා ඊළග කන්න කිහිපයේ හෝ නිර්දේශිත ප්‍රමාණයෙන් පොහොර යෙදවීමට ගොවියා පොලඹවා මුල්‍ය ශක්තිය ලබා දීම රජයේ වගකීමක්. ව්‍යාප්ති සේවා හරහා එය සොයා බැලිය යුතු යි.
සහතික මිල අදටත් ගැටලුවක්
සහතික මිල ගැන ගැටලුවක් තිබෙනවා. රු. 120ක සහතික මිලක් දෙනවා කිව්වත් මෙය සහතික මිල ලබා දීමක් නෙවෙයි; සහතික මිල පාලනයක්. කිසිදු රජයක් කවදාවත් සම්පූර්ණ අස්වැන්න මිලදී ගන්නෙ නැහැ. අස්වැන්න මිල දී ගන්නේ සීමිත ප්‍රමාණයක යි. ඒකත් ගන්නෙ මිල පාලනයට යටත්ව යි. මේ ස්ථාවර මිල රු 140-150 විය යුතුයි කියා රජයේ ඇමතිවරු කිව්වා.
වී වගාවේ පිරිවැය අදටත් වැඩියි
පාර්ලිමේන්තු අණ පනත් හරහා මේ සහතික මිල නීතියක් කරනවා කිව්වට එය සිදු වුණේ නැහැ. පිරිවැය ගැන කිය කිය සිටියත් බීජවල සිට යෙදවුම් තෙල් පොහොර උපකරණ මිල මෙන්ම අනෙකුත් ක්‍රියාකාරකම්වල මිල නිසා ගොවියාට සාධාරණයක් ඉටු වෙන්නෙ නැහැ. මේ නිසා ඒකාධිකාරය බිඳ වට්ටවා කුඩා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් ශක්තිමත් කරන්න වැඩපිළිවෙළක් අවශ්‍ය යි.
මේ දේවල් රජය කළ යුතු යි. අද කුඩා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් ශක්තිමත් කරන්න පැහැදිලි වැඩපිළිවෙළක් මෙන්ම මූල්‍ය ශක්තිය ද ලබා දිය යුතු යි. ඊට අමතරව අගය දාමයේ ප්‍රධාන ක්‍රියකරුවන් නිසි කළමනාකරණය කළ යුතු යි. වී වගාවට අවශ්‍ය සහතික බීජ වීවල හිඟයක් තිබෙනවා. දැනට 16%ක් සපයන එක 25% දක්වා ඉහළ දමා හොඳ ප්‍රභේද බිහි කළ යුතු යි.
නවීන තාක්ෂණ ක්‍රම භාවිත කරන්න
නවීන තාක්ෂණය උපයෝගී කර ගෙන නෙදර්ලන්තයේ මෙන් ඉහළ ගුණාත්මක අස්වැන්නක් ලබා ගත යුතු යි. ඒ වෙනුවෙන් පොහොර සහනාධාරය ප්‍රමාණවත්ව වේලාවට ලබා දිය යුතු යි. සත්‍ය කතා කළොත් පොහොර සහනාධාරයට ලබා දෙන මූල්‍ය ශක්තිය ප්‍රමාණවත් නැහැ. මෙට්‍රික් ටොන් 350000ක ගබඩා පහසුකම් තිබුණත් රාජ්‍ය ක්ෂේත්‍රය තුළ ද ගබඩා පහසුකම් වැඩි කළ යුතු යි.
අලි මිනිස් ගැටුමට විසදුම් අවශ්‍ය යි
ඊට අමතරව වන අලි මිනිස් ගැටුමට විසදුම් දිය යුතු යි. මේ ගැටුමට විසදුම් ලබා දී වගා හානි, ජීවිත හානි සහ දේපළ හානි අවම කිරීමේ හෝ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු යි. සමස්ත කෘෂිකර්මාන්ත චක්‍රය තුළ විවිධ අවස්ථාවල දී නිෂ්පාදනයේ සිට අලෙවිය දක්වා සැලසුම් සහගත වැඩපිළිවෙළක්, ජාතික වගා සැලසුමක් සහ ජාතික කෘෂිකාර්මික සැලසුමක් ක්‍රියාත්මක කළ යුතු යි.''
The leader.lk
පොලිස් සහතික ලබාදීමට මාලිමාවේ ග්‍රාමීය ප්‍රජා පොලිස් කමිටු සභාපතිගේ චරිත සහතිකය ඉල්ලා සිටීම බරපතල කාරණයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
පොලිස්පතිවරයා, ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් විතාන සම්බන්ධයෙන් සිදු කළ අදහස්වලින් පැහැදිලි වන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
2024 ජනාධිපතිවරණයේ දී: බොරුව සහ මුළාව නිසා රට අන්තරාදායක තත්ත්වයට පත් වුණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මේ බව පැවසුවේ මාතලේ දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රි සංසදය අමතමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
සජිත් ප්‍රේමාදස ගේ නායකත්වයෙන්, රනිල් වික්‍රමසිංහ ගේ ආශිර්වාදයෙන් ගොඩනැගෙන කඳවුර රටේ තිරණාත්මක දේශපාලන කඳවුරුක් බවට පත්වෙන බවත්, ඒ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට දක්ෂිණාශික දේශපාලනය පිළිගන්නා සියලුම දෙනාට ආරාධනා කරනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂන රාජකරුණා පැවසී ය.
දේශපාලන පළිගැනීම්වලට ලක්වු සියලු දෙනාට සමගි ජන බලවේග රජයක් තුළ යුතුකම් ඉටු කරන බවත් ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල ස්ථාපිත කර කම්කරු ජනතාව එම අධ්‍යක්ෂ මණ්ඩලවල නියෝජිතයන් ලෙස පත් කරන බවත් මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රතිඥා දුන්නේය.
පූර්ණ හානි සඳහා ලක්ෂ 50ක සහනයක්, අර්ධ හානි සඳහා රු. ලක්ෂ 25ක සහනයක් දෙනවා යැයි පැවසුව ද අවම වශයෙන් මරණයක් සඳහා වන රු. ලක්ෂ 10 හෝ නිසි පරිදි ලබා දි නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
අපේ රටේ ජාතික තේ නිෂ්පාදනයට 60%ක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක් කුඩා තේවතු හිමියන් දායකත්වය ලබා දෙන අතර ඔවුන්ට තේ වතු ඉඩම්වලින් 30%ක හෝ 40%ක හිමිකම් තිබෙන බවත්, මෙසේ අඩු ඉඩම් ප්‍රමාණයක් ඇති අය විශාල දායකත්වයක් ලබා දෙන විට වැඩි ඉඩම් අයිතියක් ඇති රාජ්‍ය සමාගම් හෝ පෞද්ගලික වතු සමාගම් ලබා දෙන්නේ අඩු දායකත්වයක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්වප්‍රකාශයට අනුව සෞඛ්‍ය මානව අයිතිවාසිකමක් ලෙස සලකන බැවින් කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ඇති කිරිමටත් ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල සෞඛ්‍ය සේවාවක් සැලසීමටත් රෝගීන්ගේ අයිතිය සහ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන බවට වත්මන් රජය සිය ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා පොරොන්දු වූ ඇති නමුත් වත්මන් සෞඛ්‍ය සේවාවේ ඇති විශාල ගැටලු නිසා රෝගීන් මෙන්ම සෞඛ්‍ය සේවකයන්ට දැඩි අපහසතාවට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
මේ වන විට රට තුළ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල මුදල් දිට්වා සුළි කුණාටුවට සහන සහන දීම සඳහා භාවිත කරන නිසා එම ආධාර ලබා නොගෙන නව ආධාර ලබා දෙන ලෙස ඒ ඒ ආයතනවලින් ඉල්ලා සිටින ලෙසට රජයේ අවධානය යොමු කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලීමක් කළේ ය.
ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන භූ දර්ශනය තුළ වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය වන්නේ ආණ්ඩුවේ ශක්තිය නොව, ශක්තිමත් විපක්ෂයක් තිබිය යුතු තැන පවතින ගැඹුරු රික්තකයයි.
සමගි ජන බලවේගය (SJB) සහ එක්සත් ජාතික පක්ෂය (UNP) ප්‍රමුඛ විරුද්ධ පාර්ශ්වය, ආණ්ඩුවට අභියෝග කිරීමේ තම මූලික කාර්යභාරය ඉටුකිරීමට අපොහොසත් වී ඇති බව පොදු නිරීක්ෂණයකි.

මෙය හුදෙක් දේශපාලන දුර්වලතාවයක් පමණක් නොව, රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයේ සමබරතාවයටද බලපාන තත්ත්වයකි.
ප්‍රධාන විපක්ෂයේ ක්‍රියාකලාපය දෙස බලන විට, පැහැදිලි උපායමාර්ගික සැලැස්මක අඩුවක් පෙනෙන්නට තිබේ. සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ යන නායකයින්ගේ දේශපාලන ප්‍රවේශයන්, තමන්ගේම ඡන්ද පදනම ශක්තිමත් කරනවා වෙනුවට එය තවදුරටත් ඛාදනය වීමට හේතු වී ඇති බවක් පෙනේ.
ජාතික වශයෙන් වැදගත් වන කරුණු සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක් ගැනීමට හෝ අඛණ්ඩ පීඩනයක් එල්ල කිරීමට ඔවුන් දක්වන මැලිකම, ඔවුන්ගේ අරමුණු පිළිබඳව ජනතාව තුළ සැක සංකා මතුකරවයි. මෙම ක්‍රියාකලාපය, දේශපාලනමය වශයෙන් ස්වයං-විනාශකාරී ගමනක යෙදෙන බවට හැඟීමක් ඇතිකරවයි.

මෙම අකර්මණ්‍යතාවයට ගැඹුරු හේතුවක් ලෙස ජනතා විශ්වාසය බිඳ වැටීම පෙන්වා දිය හැකිය. ප්‍රධාන විපක්ෂයේ නායකත්වය, මහජන අපේක්ෂා ඉටු කිරීමට අපොහොසත් වූ පෙර ආණ්ඩු සමග සෘජුවම සම්බන්ධ වීම, ඔවුන්ට ඇති ප්‍රධානතම බාධකයකි. එම නිසා, වත්මන් ආණ්ඩුව දූෂණය හෝ ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් විවේචනය කරන විට, ජනතාව ඔවුන් දෙස බලන්නේ ද එම දේශපාලන ක්‍රමයේම කොටස්කරුවන් ලෙසය.
මෙය ඔවුන්ගේ විවේචනවලට ඇති විශ්වසනීයත්වය දැඩි ලෙස හීන කරන අතර, ඔවුන්ට නැවුම් විකල්පයක් ලෙස පෙනී සිටීමට ඇති ඉඩකඩ අහුරා දමයි.
අරගලයෙන් පසු නිර්මාණය වූ දේශපාලන අවකාශය..

විශේෂයෙන්ම 2022 මහජන අරගලයෙන් පසු නිර්මාණය වූ දේශපාලන අවකාශය ප්‍රයෝජනයට ගැනීමට විපක්ෂය අපොහොසත් වීමද මෙහිදී කැපී පෙනේ. පද්ධතිමය වෙනසක් ඉල්ලා සිටි ජනතා රැල්ලට සැබෑ නායකත්වයක් හෝ නව දැක්මක් ලබා දීමට ඔවුන්ට නොහැකි විය.
එම ඓතිහාසික මොහොතේදී, ජනතා බලය මෙහෙයවනවා වෙනුවට, ඔවුන් පසෙකට වී බලා සිටින පිළිවෙතක් අනුගමනය කළ බවට විවේචනයක් පවතී. මෙය, නව දේශපාලන සංස්කෘතියක් අපේක්ෂා කළ තරුණ පරපුර ඇතුළු විශාල පිරිසක් ඔවුන්ගෙන් තවදුරටත් දුරස් කිරීමට හේතු විය.
මෙම අකර්මණ්‍යතාවය ප්‍රධාන පක්ෂවලට පමණක් සීමා වී නොමැත. විපක්ෂයේ අනෙකුත් පාර්ශ්වයන්ද විවිධ ආකාරයේ අකාර්යක්ෂමතාවන් ප්‍රදර්ශනය කරයි. නාමල් රාජපක්ෂගේ නායකත්වය යටතේ නැවත සංවිධානය වීමට උත්සාහ දරන පොදුජන පෙරමුණ, නව දැක්මක් ඉදිරිපත් කරනවා වෙනුවට තම පැරණි ඡන්ද පදනම නැවත එක්කර ගැනීමට උත්සාහ කරන බවක් නිරීක්ෂණය කළ හැකිය.
දෙමළ ජාතික සන්ධානය තුළ, ශානකියන් රාසමාණික්කම් වැනි කිහිප දෙනෙකුගේ හඬ හැරුණු විට, සමස්තයක් ලෙස පක්ෂයේ ක්‍රියාකාරීත්වය අපේක්ෂිත මට්ටමක නොමැත. ඒ අතර, කඳුකරයේ සහ මුස්ලිම් ප්‍රජාවන් නියෝජනය කරන පක්ෂවල නායකයින්, ජාතික ප්‍රශ්නවලට වඩා පටු දේශපාලන අරමුණු වලට මුල්තැන දෙන බවට විවේචන පවතී.
මෙම විපක්ෂ රික්තකය, ජාතික ජන බලවේගය වැනි විකල්ප දේශපාලන බලවේගයන්ට වර්ධනය වීමට සෘජු අවස්ථාවක් සලසා දී ඇත. ආණ්ඩුව සහ සාම්ප්‍රදායික විපක්ෂය යන දෙපාර්ශ්වය පිළිබඳවම කලකිරී සිටින ඡන්දදායකයින්, වෙනත් විකල්ප වෙත යොමු වීම ස්වභාවිකය.

එබැවින්, එම පක්ෂවල ජනප්‍රියතාවය වර්ධනය වීමට ඔවුන්ගේම ප්‍රතිපත්ති මෙන්ම, ප්‍රධාන විපක්ෂයේ අකාර්යක්ෂමතාවය සහ අසාර්ථකත්වයද ප්‍රබල ලෙස ඉවහල් වී ඇති බව පැහැදිලිය.
සම්ප්‍රදායික විපක්ෂය වෙනුවට ඩිජිටල් සමාජ මාධ්‍ය

මේ අතර, ශ්‍රී ලංකාවේ දේශපාලන කතිකාව පාර්ලිමේන්තුවෙන් පිටතට, එනම් සමාජ මාධ්‍ය වැනි ඩිජිටල් අවකාශයන්ට සංක්‍රමණය වීමද සුවිශේෂී ප්‍රවණතාවයකි. ආණ්ඩුව පවා විපක්ෂයේ විධිමත් විවේචනවලට වඩා සමාජ මාධ්‍ය තුළ මතුවන මහජන මතයට වැඩි ප්‍රතිචාරයක් දක්වන බවක් පෙනී යයි. මෙයින් ගම්‍ය වන්නේ, සාම්ප්‍රදායික විපක්ෂය විසින් නිර්මාණය කළ යුතු දේශපාලන පීඩනය, දැන් අවිධිමත් ලෙස ජනතාව විසින්ම නිර්මාණය කරමින් සිටින බවයි.
ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය නිර්වචනය වන්නේ මෙම විපක්ෂ රික්තකය මගිනි. ශක්තිමත් සහ සංවිධානාත්මක අභියෝගයක් නොමැති වීම ආණ්ඩුවට පැහැදිලි වාසියක් සලසා දෙයි. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක නිරෝගී පැවැත්ම සඳහා, ආණ්ඩුවේ බලය තුලනය කිරීමට සහ වගකීමට ලක් කිරීමට හැකි ශක්තිමත් විපක්ෂයක් අත්‍යවශ්‍ය වේ. වත්මන් තත්ත්වය, එම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයේ අනාගතය පිළිබඳව බරපතල ප්‍රශ්න මතුකරයි.
(රාධිකා රත්නායක)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමෙන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් සහ විපක්ෂයේ මන්ත්‍රීවරු හමුවූහ.
ඉදිරි දේශපාලන කටයුතු සහ නව සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (18) පැවැත්විණි.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කිසිදු මන්ත්‍රීවරයකුට සිය පාර්ලිමේන්තු කතාවක් තුළ තවත් මන්ත්‍රීවරුන්ට අපහාසාත්මක ලෙස කතා කළ නොහැකි බව සඳහන් වුව ද සභානායකවරයා ගේ කතාවේ දී විපක්ෂයේ මන්ත්‍රීවරුන් 5 ශ්‍රේණිය අසමත් යැයි පැවසූ බැවින් එය අපහාසයක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතීන් ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක Mark Andre Franche අතර සුවිශේෂ හමුවක් අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ කොරියානු ජනරජයේ මෙරට තානාපතිනිය වන ගරු මියෝන් ලී අතර සුවිශේෂී හමුවක් අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු කෙරිණ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්, මහලේකම්වරුන් ඇතුළු ප්‍රධානීන් සමග අද (23) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත ය.
ඇමරිකාව සහ ඉරානය අතර ඇතිකර ගත් සාම ගිවිසුම ප්‍රකාරව පසුගිය දින කිහිපයේ ලෝක වෙළඳපොළෙහි බොර තෙල් මිල ගණන් අඛණ්ඩව අඩුවනු දක්නට ලැබුණි. මෙම සටහන ලියන දිනයේ බ්‍රෙන්ට් වෙළඳපොළෙහි බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ, ඇමරිකානු ඩොලර් 80.57 ලෙස ය. WTI වෙළඳපොළෙහි එය 76.54 විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

