කොරියානු ජනරජය සමග බැදී ඇති Employment permit system (EPS) යටතේ වන ද්වි පාර්ශ්වික ගිවිසුම් යාවත්කාලීන කිරීමට රජයේ මැදිහත්වීම අත්‍යාවශ්‍ය බවත්, මෙය 2026 මාර්තු මාසයේ සිට අලුත් වීම සිදු නොවන්නේ නම් මෙරට තරුණ තරුණියන් 10,000ක් පමණ අනාථ වන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
වෙනසක් අපේක්ෂාවෙන්, අලුත් ක්‍රමයක් වෙනුවෙන් ඡන්දය ලබා දුන් ලක්ෂ ගණනින් ජනතාව අද වඩාත් හොඳ විකල්පයක්, වඩාත් ශක්තිමත් ගමන් මාර්ගයක්, පළාත් සභා මැතිවරණ හරහා නිර්මාණය කරනු ඇතැයි අපේක්ෂා කරන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
*රනිල් පොරොන්දු වුණු දේපොළ බද්ද දාන්න කිව්වාම අනුරට තදවෙයි!
*IMF එකත් එක්ක පළමුවරට අනුර වාදකරයි!
*ආදායම වැඩිකරගන්න විදිහ පෙන්වද්දී IMF එකත් හොල්මන් වෙයි!
පසුගිය සතියේ ''රාජ්‍ය රහස්'' තීරය ඔස්සේ අතිවිශේෂ අනාවරණයක් කරමින් මාලිමා ආණ්ඩුව පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට තීරණය කොට ඇති බව අනාවරණ කළෙමු. එම හෙළිදරව්වෙන් පසු දේශපාලන පක්ෂ ඇතුළේත්, ආණ්ඩුව ඇතුළේත් ඡන්ද උණුසුම කෙමෙන් කෙමෙන් වර්ධනය වෙමින් පැවැති ආකාරයක් පසුගිය සතිය වනවිට දැකගන්නට ලැබිණි.

එම අනාවරණයේදී අප ආණ්ඩුව හදිසියේම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තීරණය කළ හේතූන්ද එකින් එක සඳහන් කළෙමු. පිටින් සිට බලන බොහෝ දෙනා ආණ්ඩුව මේ වනවිට ජනප්‍රියත්වයෙන් පහළ වැටී ඇති නිසා හෝ ඉන්දියාවේ බලපෑම නිසා හෝ පළාත් සභා මැතිවරණය ඉක්මනින් පැවැත්වීමට කටයුතු කරන බව සඳහන් කළත් ඇත්ත කතාව එසේ නොවේ.
ආණ්ඩුව හදිසියේම පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ගත් තීරණය පසුපස ඇති කතාව සොයාගැනීමට රාජ්‍ය රහස් තීරය පසුගිය සතියේ ආණ්ඩුවේ අභ්‍යන්තරයටම ගොස් කරුණු සොයාබැලීමක නිරත විය. එහිදී අපට අනාවරණ වූයේ කිසිවකුට ඇති බයක් නිසා හෝ ජනප්‍රියත්වයෙන් පහළ වැටී ඇති නිසා හෝ නොව ආණ්ඩුව කිසියම් සැලැස්මකට අනුව මෙම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තීරණය කොට ඇති බවකි. ඒ අනුව ආණ්ඩුව පළාත් සභා ඡන්දය පැවැත්වීමට සූදානම් වන්නේ ඉතා ශක්තිමත් තුරුම්පු කිහිපයක් අතේ තබාගෙන බව අප කළ සොයාබැලීමේදී අනාවරණය විය.
අප අවස්ථා කීපයකදීම රාජ්‍ය රහස් තීරය ඔස්සේ අනාවරණ කළ පරිදි 2026 වසර සඳහා ආණ්ඩුව ලබන නොවැම්බරයේ ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත්තේ ඉතා ජනප්‍රිය අයවැයකි. නැතහොත් ඡන්ද අයවැයකි. එහිදී අප අනාවරණ කර සිටියේ මෙම අයවැය හරහා ආණ්ඩුව ඉතා ශක්තිමත් බව රටට පෙන්වීම සඳහා ජනතාවාදී තීන්දු තීරණ රැසක් ගැනීමට සැලසුම් කර ඇති බවකි.
බදු සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් කරමින් අප කියා සිටියේ මෙවර අයවැයෙන් අලුතින් කිසිදු බදු පැනවීමක් සිදු නොකිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවකි. අප එම අනාවරණය කරද්දී ආණ්ඩුව පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් සිතාවත් තිබුණේ නැත. නමුත් මේ වනවිට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති නිසා තවත් පියවර කිහිපයක් ඉදිරියට තබමින් ජනාධිපතිවරයා අයවැයෙන් අලුතින් බදු නොපැනවීම පමණක් නොව, පළමු වතාවට ජනතාව මත පටවා ඇති බදු අඩුකිරීමේ සැලසුමක සිටින බව ආරංචිය.

ලංකාවේ මාධ්‍ය අතරින් මෙම තොරතුර වාර්තා කරන පළමු මාධ්‍යය වන්නේ ‘මව්රට’ පුවත්පත සහ ‘රාජ්‍ය රහස්’ තීරයය. ඒ අනුව ජනාධිපතිවරයා මෙවර අයවැයෙන් ජනතාව විශාල වශයෙන් බලාපොරොත්තු තබා ඇති සුවිශේෂ ක්ෂේත්‍ර කිහිපයක බදු අඩුකිරීමක් සිදුකිරීමට මේ වනවිටත් තීරණය කොට අවසානය. එම බදු අඩුකිරීම ජනතාවගේ ජීවන තත්ත්වයට විශාල වශයෙන් බලපෑමක් කරන විශාල සහනයක් ලැබෙන එකක් බව පමණක් අපට මේ අවස්ථාවේ සඳහන් කිරීමට පුළුවන.
මීට අමතරව අයවැයෙන් තවත් සහන කීපයක්ම ජනතාවට ලබාදීමට ජනාධිපතිවරයා මේ වනවිටත් තීරණය කොට අවසානය. ආණ්ඩුවට එසේ කිරීමට අවශ්‍ය පසුබිම සැකසී ඇත්තේ අනවශ්‍ය වියදම් කපාහරිමින්, දැවැන්ත ආයෝජන සිදු නොකරමින් අතිවිශාල මුදල් කන්දරාවක් මහා භාණ්ඩාගාරයට එකතු කරගැනීමට හැකිවීම නිසාය. ජනාධිපතිවරයාම වරෙක ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මේ වනවිට ට්‍රිලියන ගණනක මුදලක් භාණ්ඩාගාරය සතුව ඇතැයි කියාය. අපද පසුගිය සතියක විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ ප්‍රාග්ධන වියදම් විශාල වශයෙන් සිදු නොකිරීම හරහා සහ වෙනත් කරුණු මත ආණ්ඩුව දැවැන්ත මුදල් කන්දරාවක් ඉතිරිකොට ගෙන ඇති බවත්, ඉදිරි මැතිවරණයක් ඉලක්ක කොටගෙන එම මුදල් වියදම් කිරීමේ සැලසුමකින් සිටින බවත්ය.

මේ අතර, පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ අප තවත් අතිවිශේෂ අනාවරණයක් කරමින් 6 වැනි සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට පැමිණි අවස්ථාවේදී ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාව ඉතා උණුසුම් වාදවිවාද සහිත එකක් වූ බව අනාවරණ කර සිටියෙමු. ජනාධිපතිවරයා සහ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා වෙනදාට වඩා දැඩි බවකින් යුතුව ආණ්ඩුවේ මතය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන්ට දැනුම්දීමට කටයුතු කිරීම විශේෂ සිදුවීමක් විය.
එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් ඉදිරිපත් කළ ඇතැම් යෝජනාවන්ට සහ කොන්දේසිවලට පළමු වතාවට ජනාධිපතිවරයා සිය විරෝධය ප්‍රකාශ කරමින් කරුණු පැහැදිලි කිරීම හේතුවෙන් අවස්ථා කීපයකදීම සාකච්ඡාව උණුසුම් වූ ආකාරයක් දැකගත හැකි විය. එහිදී ජනාධිපතිවරයා එක් අවස්ථාවකදී ඍජුවම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ඉදිරිපත් කළ කොන්දේසියක් ප්‍රතික්ෂේප කිරීමට පියවර ගත්තේය.
දේපොළ බද්ද අනුරට තද වෙයි
උදාහරණයක් ලෙස සාකච්ඡාවේ එක් අවස්ථාවකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් ඉතා දැඩිව කියා සිටියේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉකුත් මාර්තු මාසය වනවිට දේපළ බද්ද ක්‍රියාත්මක කරන බවට ප්‍රතිඥා දී තිබුණත් මෙතෙක් එය ඉටුකොට නොමැති බවය. එහිදී දේපළ බද්ද වශයෙන් මූල්‍ය අරමුදල දැනුම්දී තිබුණේ කිසියම් අයකු ඉඩමක් හෝ නිවසක් හෝ වාහනයක් මිලදී ගතහොත් ඊට ප්‍රතිශතයක් වශයෙන් අලුත් බද්දක් අයකිරීමත්, දැනටමත් ඉඩමක්, නිවසක් හෝ වාහනයක් හිමි අයගෙන් තවත් බද්දක් අයකිරීමත්ය.
එම බද්ද ඉකුත් මාර්තු මාසයේ සිට අයකිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රතිඥා දී තිබූ බවක් ඒ වනතුරුත් කිසිවකු දැන සිටියේ නැත. නමුත් මාර්තු වනවිට ඔහු බලයේ නොමැති වුවද අනුර විසින් එම පොරොන්දුව ක්‍රියාත්මක කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ස්ථාවරය වී තිබිණි.මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ගෙන ආ මෙම යෝජනාවට එරෙහිව ජනාධිපතිවරයා දැඩි ස්ථාවරයක සිටිමින් අදහස් දැක්වීමය. ජනාධිපතිවරයා පැහැදිලිවම කියා සිටියේ කිසිසේත්ම එම යෝජනාව ඉටුකිරීමට නොහැකි බවකි. එමෙන්ම එය අසාධාරණ බද්දක් බවද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
‘අපිට ඒ බද්ද කිසිසේත්ම මේ වෙලාවේ පනවන්න බෑ. මොකද ඒක අසාධාරණ බද්දක්. මිනිස්සු සල්ලි දීලා ඉඩමක්, ගෙයක්, වාහනයක් ගන්නකොට අපි කොහොමද ඒකට අලුත් ටැක්ස් එකක් ගහන්නේ. දැනටමත් අපේ රටේ ජනතාව ඉඩකඩම්වලට, ගෙවල්වලට ආණ්ඩුවට වරිපනම් ගෙවනවා. එහෙම තියෙද්දී අපිට ඒවටම තවත් ටැක්ස් එකක් ගහන්න බෑ…’ යනුවෙන් ජනාධිපතිවරයා දැඩිව කියද්දී මූල්‍ය අරමුදලේ නිලධාරීන්ද සිය ස්ථාවරයේ සිටිමින් ජනාධිපතිවරයා සමග තර්ක කරන ආකාරයක් දැකගත හැකි විය.

‘අපිට ආණ්ඩුව කරන්නේ රනිල් වික්‍රමසිංහද, අනුර කුමාර දිසානායකද කියන එකේ කිසිම ප්‍රශ්නයක් නෑ. අපි ගිවිසුම්ගත වුණේ ලංකාවේ ආණ්ඩුවත් එක්ක. එදා හිටපු ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යාංශය තමයි මුදල් හොයාගන්න මේ දේපළ බද්ද ක්‍රියාත්මක කරනවා කියලා අපිට පොරොන්දු වුණේ. ඒක පසුගිය මාර්තු මාසයේ කරනවා කියලයි කිව්වේ. ඉතින් ඒ කොන්දේසිය අනිවාර්යයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ලබන වසර සඳහා ඉදිරිපත් කරන අයවැයේදී මේ කොන්දේසිය අනිවාර්යයෙන්ම ඇතුළත් වෙන්න ඕනේ. ඒ වගේම ක්‍රියාත්මක වෙන්න ඕනේ…….’ යනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් දැඩිව කියද්දී අනුර පළමු වතාවට දේශපාලන කරුණක් ඉස්මතු කරමින් මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ගෙනා යෝජනාව දැඩිව ප්‍රතික්ෂේප කිරීමට පියවර ගත්තේය.
‘අපිට මෙතැනදී එකඟ වෙන්න පුළුවන් කොන්දේසි තියෙනවා. එකඟ වෙන්න බැරි කොන්දේසි තියෙනවා. කරන්න පුළුවන් කියලා හිතෙන දේවල්වලට අපිට එකඟ වෙන්න පුළුවන්. හැබැයි කරන්න බැරි දේවල්වලට අපිට එකඟ වෙන්න බෑ. මොකද, අපි මේ මහපොළොවේ දේශපාලනය කරන්න ඕනේ. මහපොළොවේ යථාර්ථය තේරුම් ගන්නත් ඕනේ. මේ වගේ බද්දක් දානවා කියන එක මහපොළොවේ යථාර්ථය නෙවෙයි. ඒක හින්දා මේක අපිට කරන්න බෑ. ඒ නිසා ඔබතුමාලා ගේන මේ යෝජනාවට මම කිසිසේත්ම එකඟ නෑ. නමුත් මට මෙහෙම දෙයක් කියන්න පුළුවන්. මේ රටේ මහපොළොවේ යථාර්ථය එක්ක අපිට දේශපාලනය කරන්න පුළුවන් වෙලාවක මේ යෝජනාව ගැන සාකච්ඡා කරන්න අපි සූදානම්. හැබැයි මේ ඒකට වෙලාව නෙවෙයි…’ යනුවෙන් ජනාධිපතිවරයා සිය ස්ථාවරය දැඩිව පැහැදිලි කරද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ද දැඩි ස්ථාවරයක සිටිමින් එසේ නම් ආණ්ඩුව මෙම බද්ද ප්‍රතික්ෂේප කිරීම හරහා අහිමි වන මුදල සොයාගන්නා ආකාරය පිළිබඳ ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය. ඊටද ජනාධිපතිවරයා අදාළ බද්ද නොපැනවීමෙන් අහිමි වන ආදායම සොයාගන්නා ක්‍රමවේදය පිළිබඳ පැහැදිලි විස්තරයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන්ට ඉදිරිපත් කළේය.
මෙන්න සල්ලි හොයන හැටි
‘අපි ඒකට දැනටමත් ක්‍රමවේදයක් සකස් කරලයි තියෙන්නේ. ඔබතුමාලා දැනටමත් අපිට නිර්නායකයක් ලබාදීලා තියෙනවා ලබන අවුරුද්ද වෙද්දී දළ දේශීය නිෂ්පාදිතය 15%ක මට්ටමට ගේන්න ඕනේ කියලා. හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුව භාරගනිද්දී දළ දේශීය නිෂ්පාදිතය තිබ්බේ 8%ට. අපි ආණ්ඩුව භාරගනිද්දී ඒක 13% දක්වා ඉහළට ඇවිත් තිබුණා. අපි මේ වෙද්දී පැහැදිලිවම සැලසුම් හදලා ඉවරයි ලබන වසර වෙනකොට ඔබතුමාලා අපිට ලබාදුන්නු 15%ක ඉලක්කය ඉක්මවා යමින් 16% දක්වා දළ දේශීය නිෂ්පාදිතය ඉහළට අරන් එන්න. අපි ඒකට අවශ්‍ය සියලු සැලසුම් මේ වනවිට සකස් කරලයි තියෙන්නේ. ඒ ගැන කිසිම සැකයක් සහ ප්‍රශ්නයක් තියාගන්න එපා…’ යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමත් සමගම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ගේ මුහුණුවර සම්පූර්ණයෙන්ම වෙනස් වී ගිය ආකාරයක් දැකගත හැකි විය.
ඔවුන් මෙතෙක් සිටි දැඩි ස්ථාවරය වහාම වෙනස් කරමින් ජනාධිපතිවරයාට ඉතා සුබවාදී ප්‍රතිචාරයක් පළකළ ආකාරයක්ද දැකගත හැකි විය. මාධ්‍යයක් වශයෙන් මේ තොරතුර පළමු වතාවට රටට හෙළිකිරීමට කටයුතු කරන්නේද ‘මව්රට’ පුවත්පත සහ ‘රාජ්‍ය රහස්’ තීරයය. ඒ අනුව ජනාධිපතිවරයා කළ මෙම ප්‍රකාශයත් සමග කවුරුත් නොදැන සිටි තවත් අතිවිශේෂ කාරණාවක්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීහු ජනාධිපතිවරයාට දැනුම් දී සිටියහ.
‘ඒ වගේ තැනකට ඔබතුමාට මේ රට අරන් යන්න පුළුවන් නම් ඒකෙන් මේ රටට කවුරුත් නොදන්නා ලොකු සහනයක් ලැබෙනවා. මොකද එවැනි සංවර්ධනයක් ළඟ කරගත හැකි නම් ඔබතුමාලට ණය ආපසු ගෙවීමේදී ලොකු සහනයක් හිමි වෙනවා. ඔබතුමාලා දළ දේශීය නිෂ්පාදිතය ඉහළ නංවන්න නංවන්න ඩොලර් මිලියන ගණනකින් ණය කපාහැරීමක් සිදුවෙනවා. ඒ අනුව 16%ක ඉලක්කයකට ගියොත් ඩොලර් මිලියන ගණනක ණය කපා හැරේවි…’ යනුවෙන් කියමින් කිසිවකුත් දැන නොසිටි රහසක් මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීහු ජනාධිපතිවරයාට පෙන්වා දුන්හ.
ඇත්තම කියනමා නම් අපද එම තොරතුර වාර්තා වන තෙක් එවැන්නක් සිදුවන බව දැන සිටියේ නැත. විපක්ෂයේ බොහෝ දෙනා මේ වනවිට ප්‍රශ්න කරමින් සිටින්නේ 2028 වසරේ සිට ලංකාව නැවත වතාවක් විදේශ ණය පොලිය ගෙවීමේ කටයුතු ආරම්භ කළ යුතු නිසා පවතින ආර්ථික වර්ධන වේගය හමුවේ එවැන්නක් සිදුකිරීම දැඩි අසීරු තත්ත්වයක් බවටය. ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ රට නැවත වතාවක් 2028දී බංකොලොත් වීමේ අනතුරක් මතුවෙමින් පවතින බවකි. නමුත් මේ ආකාරයට දළ දේශීය නිෂ්පාදිතය ඉහළ නංවාගතහොත් විදේශ ණය ඩොලර් මිලියන ගණනින් කපාහැරීමට නියමිත බව කිසිවකුත් දැන සිටියේ නැත. ඒ අනුව එම තත්ත්වය 2028 වසරේදී ණය ගෙවීම ආරම්භ කිරීමේදී විශාල රුකුලක් වනු ඇති බව නොඅනුමානය. ඒ අනුව එයින් ද පැහැදිලි වන යම් ඉඟියක් වන්නේ ලබන වසරේ අයවැය ස්ථිරවම මැතිවරණ අයවැයක් බවට පත්වනු ඇති බවය.

අනුර භයානක ඉසව්වකට
ආණ්ඩුව හදිසියේම පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ගැසීමට සැලසුම් කර සිටින ඊළඟ ලොකුම තුරුම්පුව වන්නේ කුඩු ඇල්ලීමේ තුරුම්පුවය. කිසිවකුත් දැන නොසිටියද රටෙන් මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ මේ මෙහෙයුමට ජනාධිපතිවරයා මේ වනවිට සිටින්නේ සිය සම්පූර්ණ අවධානය යොමුකොටය. මෙහිදී දැකගන්නට ඇති විශේෂම සිදුවීම වන්නේ වෙනත් කිසිම ආණ්ඩුවක් හෝ වෙනත් කිසිම ජනාධිපතිවරයකු සිදු නොකළ ආකාරයට ජනාධිපතිවරයා මෙම කුඩු තුරන් කිරීමේ මෙහෙයුමට නායකත්වය ලබාදී තිබීමය.
ඕනෑම කෙනකු දන්නා කාරණාවක් වන්නේ මේ රටේ සිටි ජනාධිපතිවරුන් සියලු දෙනාම පාහේ යම් යම් රාජකාරීන් ඉටුකිරීමේදී ඒවාට විශාල නායකත්වයක්, දායකත්වයක් ලබාදී ඇති ආකාරයය. උදාහරණයක් වශයෙන් රටේ ආර්ථිකය ගොඩනගන අවස්ථාවලදී කිසිදු තර්කයකින් තොරව ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ වැන්නවුන් ඒ ඒ කාලවකවානුවලදී විශාල දායකත්වයක් ලබාදුන්හ. යුද්ධය අවසන් කිරීමේදී ජනාධිපතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ දැවැන්ත දේශපාලන නායකත්වයක් ලබාදුන්නේය.

නමුත් මෙවර මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ගෙන යන සටනේ පැහැදිලි වෙනසක් ජනතාවට දැකගැනීමට පුළුවන. මෙහි කැපීපෙනෙන සිදුවීම වන්නේ මාධ්‍ය ඉදිරියට පැමිණ මහ ඉහළින් වොයිස් කට් දෙන දේශපාලනඥයන් හෝ පොලිස් නිලධාරීන් දක්නට නොමැති වීමය. නමුත් මත්ද්‍රව්‍ය ජාවාරම රටෙන් තුරන් කිරීම සඳහා කිසිවකුත් නොසිතන දැවැන්ත මෙහෙයුමක් මේ වනවිටත් වත්මන් ජනාධිපතිවරයා විසින් තිරය පිටුපස දියත් කොට අවසානය.

රාජ්‍ය රහස් තීරයට දැනගන්නට ඇති ආකාරයට මෙම මෙහෙයුම ආරම්භ කිරීමේදී ජනාධිපතිවරයා ඉතා බරපතළ ප්‍රකාශයක්ද සිදුකොට තිබේ. එහිදී අදාළ වගකිව යුතු අංශවලට නියෝග විධිවිධාන නිකුත් කරමින් ජනාධිපතිවරයා දැඩි වගකීමකින් යුතුව ප්‍රකාශ කොට ඇත්තේ, ‘මට කවුරු නැති වුණත් මොන ප්‍රතිවිපාක ආවත් මම මේ තීන්දුව ගන්නවා. මම ආයේ ආපස්සට හැරෙන්නේ නෑ…’ යැයි කියාය.
මීට අමතරව වරාය සමග ගනුදෙනු කරන දැවැන්ත ව්‍යාපාර කරන පිරිස් හට බිමල්ගෙන් බලපෑම් එල්ල වෙමින් පැවැති බවටත්, වරාය සහ රේගුව අතර ප්‍රශ්න මතුවෙමින් පැවැති බවටත්, බිමල් සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ නිලධාරීන් අතර ප්‍රශ්න මතුවෙමින් පැවැති බවටත් විවිධ පිරිස් ඊට හේතු පාඨ සපයමින් ප්‍රකාශ සිදුකර තිබූ ආකාරයක්ද දැකගත හැකි විය. නමුත් ඒ සියල්ල නිල ප්‍රකාශ නොව, නිල නොවන ප්‍රකාශයන්ය. ඒ කොයිහැටි වෙතත් කැබිනට් සංශෝධනයෙන් අනතුරුව බිමල් මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මෙය ආණ්ඩුව ඇතුළේ මාස කීපයක් පුරා සාකච්ඡා කොට සියලු දෙනාගේම එකඟතාව අනුව සිදුකළ කැබිනට් සංශෝධනයක් යැයි කියාය.
කෙසේ වෙතත් මෙවැනි ආකාරයේ කැබිනට් සංශෝධනයක් සිදුකළ යුතු බව රට හමුවේ පළමු වතාවට ප්‍රකාශ කළේ වෙන කවුරුවත් නොව බිමල්මය. පළාත් පාලන මැතිවරණයෙන් පසු රාජ්‍ය මාධ්‍යයක් වන ස්වාධීන රූපවාහිනියට පැමිණි බිමල් එහිදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඉතා ඉක්මනින්ම අමාත්‍ය මංණ්ඩල සංශෝධනයක් සිදුවිය යුතු යැයි කියාය. එහිදී බොහෝ ඇමැතිවරුන්ගේ වගකීම් වෙනස් විය හැකි බව කී බිමල්, තමාගේ අමාත්‍යාංශයද වෙනස් විය හැකි බව සඳහන් කර සිටියේය. එහිදී විශේෂ වචනයක් භාවිත කිරීමටද බිමල් කටයුතු කළේය. බිමල් කියා සිටියේ ආණ්ඩුවේ එන්ජිමද වෙනස් කළ යුතුව ඇතැයි කියාය. ඒ හරහා නොකියා කියූ කතාව වූයේ අගමැති ධුරයේද වෙනසක් සිදුවීමේ ඉඩකඩක් පවතින බවකි.
නමුත් බිමල්ද නොසිතූ ලෙස ඔහු කළ ප්‍රකාශයට ඊට සතියකට පමණ පසු ආණ්ඩුව ඇතුළෙන්ම ප්‍රබල ප්‍රහාරයක් එල්ල විය. ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු වන සුනිල් හඳුන්නෙත්ති පෞද්ගලික නාලිකාවකට පැමිණ ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රසිද්ධියේම කියා සිටියේ මේ මොහොතේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවකි. සියලු ඇමැතිවරුන් තමන්ගේ වගකීම නිසි අයුරින් කරමින් සිටින බවද හඳුන්නෙත්ති එහිදී කියා සිටියේය. මීට අමතරව කැබිනට් මාධ්‍ය හමුවේදී නලින්ද ජයතිස්ස ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කිසිසේත්ම සිදු නොවන බවකි. මෙම ප්‍රකාශයන් දෙකම බිමල් කළ ප්‍රකාශයට ඍජුවම ප්‍රතිචාර දැක්වීමක් බව පැහැදිලිවම දැකගන්නට තිබිණි.
කෙසේ වෙතත් එම සිදුවීම සිදුවී මාස ගණනාවකට පසු කිසිවකුත් කතා නොකරන මොහොතක ජනාධිපතිවරයා හදිසියේම අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකරමින් බිමල් යටතේ තිබූ වරාය කොටස ඔහුගෙන් ගලවා ඉවත් කිරීමට පියවර ගැනීම විශේෂ සිදුවීමකි. ඒ අනුව ඊට පෙර බිමල් ආණ්ඩුවේ එන්ජිම වෙනස් විය යුතු බවටත්, තමන් ඇතුළු ඇමැතිවරුන්ගේ වගකීම් වෙනස් වන බවටත් ප්‍රකාශයක් සිදුකර තිබුණද අවසානයේදී වෙනස් වී තිබුණේ බිමල්ගේ අමාත්‍යාංශය පමණක් වීමද විශේෂ සිදුවීමකි. ඒ අනුව විවිධ පිරිස් බිමල් ඉලක්ක කරමින් විවිධ ප්‍රකාශ සිදුකර තිබූ අතර, ඊට විවිධ අර්ථකථන ලබාදීමට පියවර ගෙන තිබූ ආකාරයක්ද දැකගන්නට ලැබිණි.
බිමල් කෝ?
කෙසේ වෙතත් රාජ්‍ය රහස් කියවන පාඨකයන්ට මේ සම්බන්ධයෙන් නිවැරැදි තොරතුරු ලබාදිය යුතු නිසා අප වෙනස් ආකාරයකින් බිමල්ගේ මේ සිදුවීම පිළිබඳ තොරතුරු සොයා බැලීමට කටයුතු කළෙමු. එහිදී අපට මෙම සිදුවීම පසුපස ඇති ගැටලුසහගත තැන් රැසක්ම සොයාගත හැකි විය. උදාහරණයක් ලෙස බිමල්ගෙන් වරාය කොටස ඉවත් කොට නාගරික සංවර්ධන අධිකාරියට භාරදී තිබුණද එහි වැඩ බාර ගැනීමෙන් අනතුරුව බිමල් ප්‍රසිද්ධියේ කාටවත් දැකගන්නට ලැබුණේ නැත. දිවුරුම් දී පැය ගණනකට පසු බිමල් හදිසියේම විදෙස්ගත වීම පුදුමසහගත සහ ගුප්ත සිදුවීමක් බවට පත්ව තිබිණි. ඒ සම්බන්ධයෙන් විවිධ සොයාබැලීම් සිදුකළද බිමල් ගිය රටක් සොයාගැනීමට අපට නොහැකි විය. එමෙන්ම අමාත්‍යාංශය පැත්තෙන් සොයා බලද්දී අපට දැකගන්නට ලැබුණේ බිමල් විදේශගත වී සිටින බවත්, අමාත්‍යාංශ රාජකාරිවලට වාර්තා කර නොමැති බවත්ය.
සාමාන්‍යයෙන් බිමල්ගේ ෆේස්බුක් ගිණුමේ නිතරම ඔහුගේ වැඩ රාජකාරි කටයුතු සම්බන්ධයෙන් යාවත්කාලීන වීමක් වන නිසා ඊට පිවිස බැලුවද අපට එහි අලුත් යාවත්කාලීන කිරීම් කිසිවක් දැකගන්නට ලැබුණේ නැත. එහි අවසන් වරට දක්නට ලැබුණේ ඉකුත් ඔක්තෝබර් 09 වැනිදා මෙට්‍රෝ බස් ආයතනය ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවයට බිමල් සහභාගි වී සිටි එකකි. ඊට පෙර 07 වැනිදා සහ 06 වැනිදාද බිමල් සහභාගි වූ උත්සව දෙකක තොරතුරු එහි සඳහන්ව තිබිණි. නමුත් ඉන් අනතුරුව එහි යාවත්කාලීන වීමක් දැකගන්නට ලැබුණේ නැත.
ඉන් අනතුරුව අප නාගරික සංවර්ධන අධිකාරියේ වෙබ් අඩවියටද පිවිස ඒ පිළිබඳ සොයාබැලීමක් සිදුකළෙමු. එහි බිමල් නව අමාත්‍යවරයා ලෙස වැඩ භාරගැනීමේ කිසිදු ඡායාරූපයක් දැකගන්නට ලැබුණේ ද නැත. බිමල්ගේ නම පමණක් එහි සඳහන්ව තිබුණු නමුත් අඩුම තරමින් බිමල්ගේ ඡායාරූපය හෝ එහි පළකොට නොතිබිණි.
මීට අමතරව මේ දිනවල බාබඩෝස්හි පොදුරාජ්‍ය මණ්ඩල සැසිවාරය පැවැත්වීම හේතුවෙන් බිමල් ඊට සහභාගි වී ඇද්ද යන්න පිළිබඳවද අපි සොයාබැලීමක නිරත වීමු. එහිදී දැනගන්නට ලැබුණේ බිමල් ඊටද සහභාගි වී නොසිටි බවකි.
කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු ලොකුම අර්බුදය වූයේ බිමල්ගේ පත්වීම සම්බන්ධයෙන් මාධ්‍ය ලාල්කාන්තගෙන් ප්‍රශ්න කරද්දී ලාල්කාන්ත ඊට ලබාදුන් පිළිතුරය. සාමාන්‍යයෙන් ලාල්කාන්ත සැලකෙන්නේ ජවිපෙ දේශපාලන මණ්ඩලය ඇතුළේ සිටින ප්‍රධාන නායකයන් පස්දෙනාගෙන් එක් අයකු ලෙසටය. ජවිපෙ ඇතුළේ හෝ ආණ්ඩුව ඇතුළේ යම්කිසි වෙනසක් සිදුවන්නේද, යම්කිසි විශේෂ සාකච්ඡාවක් සිදුවන්නේද ලාල්කාන්තට හොරෙන් එවැන්නක් සිදුවිය නොහැක. කෙසේ වෙතත් පක්ෂය ඇතුළේ මාස කීපයක සාකච්ඡාවකින් පසු අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුකළ බව බිමල් කියා සිටියද, ලාල්කාන්ත කියා සිටියේ එවන් සාකච්ඡාවක් පිළිබඳ කිසිදු තොරතුරක් තමන් නොදන්නා බවකි. ලාල්ගේ මෙම කතාවෙන් බිමල්ගේ වරාය ඇමැතිකම ඉවත් කිරීම පක්ෂය ඇතුළේ සාකච්ඡා කොට ගත් එකක් නොවන බව පැහැදිලිය. ඒ කැබිනට් මාරුව හරහා එළියට පැන්නේ ආණ්ඩුව ඇතුළේ පවතින යම් අර්බුදයක පිළිබිඹුවක් බව බොහෝ දෙනාගේ අදහසය. එමෙන්ම කැබිනට් මාරුවෙන් පසු බිමල්ගේ අතුරුදන් වීමද ප්‍රශ්නසහගතය. කෙසේ වෙතත් ලබන සතියේ පාර්ලිමේන්තු සතිය ආරම්භ වීමට නියමිත බැවින් බොහෝ දෙනා බිමල්ගේ හැසිරීම දෙස දැඩි අවධානයෙන් යුතුව බලා සිටිනවා නොඅනුමානය.
සජබ-එජාප එකතුව
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මතුවූ සිදුවීම් පෙළ හරහා බොහෝ දෙනා බලාපොරොත්තු වූයේ සජබය සහ එජාපය අතර එකමුතුවක් ගොඩනැගෙනු ඇතැයි කියාය. ඒ සඳහා සජබයෙන් අවංක උත්සාහයක් දැරුණු අතර, අවසන් වරට පැවැති සජබ කළමනාකරණ රැස්වීමේදී සහ සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේ ඊට තවත් පියවරක් ඉදිරියට තබමිනි. නමුත් එහිදී ඉදිරිපත් කෙරුණු එකම කොන්දේසිය වූයේ සජබය විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වීම නිසා සජබ නායකත්වයෙන්, මූලිකත්වයෙන් සහ ප්‍රධානත්වයෙන් එම එකතුව සිදුවිය යුතු යැයි කියාය.
එය සාධාරණ ඉල්ලීමක් බව ඕනෑම අයකුට පෙනී යන්නේ එජාපය රනිල්ගේ නායකත්වය යටතේ මේ වනවිට පත්ව ඇති තත්ත්වය දෙස බලන විටය. මෙවර පාර්ලිමේන්තුවේදී එජාපයෙන් කිසිදු නියෝජනයක් නොමැති අතර එජාපය මහමැතිවරණයට ඉදිරිපත් වූයේද සිලින්ඩරය ලකුණෙන් යුතුවය. 2020 පාර්ලිමේන්තුවේදී එජාපයට හිමිවූයේ එකම එක ජාතික ලැයිස්තුවක් පමණි. ලැබුණු ඡන්ද ප්‍රමාණය වූයේ ලක්ෂ දෙකහමාරක් පමණි. නමුත් දේශපාලනය පිළිබඳ මෙලෝ හසරක් නොදන්නා ඔළමොට්ටලයන් කිහිප දෙනකු මෝඩ තර්ක ඉදිරිපත් කරමින් කියා සිටින්නේ ඉකුත් ජනාධිපතිවරණයේදී සජිත් හා රනිල් ගත් ඡන්ද ප්‍රමාණයන් එකතු කළ විට සජබයට දිනන්නට තිබුණා යැයි කියාය.
නමුත් මොවුන් අමතක කරන කරුණ වන්නේ රනිල්ට ජනාධිපතිවරණයේදී බහුතරයක්ම ලැබුණේ එජාප ඡන්ද නොව පොහොට්ටුවේ ඡන්ද යන කාරණාවය. සජබ ඡන්දද රනිල්ට ගියේ නැත. නාමල් ජනාධිපතිවරණයේදී ලක්ෂ දෙකහමාරට පොහොට්ටු ඡන්ද අඩු කරගත්තද එය මාස 5ක් ඇතුළත ලක්ෂ 10 දක්වා පළාත් පාලන මැතිවරණයේදී ඉහළ නංවා ගැනීමට නාමල්ට හැකියාව ලැබිණි. එහි තේරුම වන්නේ රනිල්ට ගිය පොහොට්ටු ඡන්ද නැවත පොහොට්ටුවට ලබාගැනීමට නාමල්ට හැකිවී ඇති බවකි. බොහෝ දුරට ඉදිරි පළාත් සභා මැතිවරණයේදී නාමල් මෙම ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 15-16 දක්වා ඉහළ නංවාගනු ඇති බව බොහෝ දෙනාගේ අදහසය. එහි තේරුමද රනිල්ට ගිය පොහොට්ටු ඡන්ද සියල්ලම පොහොට්ටුවට ලබාගැනීමට නාමල්ට හැකිවනු ඇති බවය.
ඒ අනුව දැන් රනිල් සිටින්නේ 2020 මහ ඡන්දයෙන් ගත් ලක්ෂ දෙකහමාරක ඡන්ද ප්‍රමාණයට නැවතත් වැටීය. වරක් රටේ ජනාධිපති බවට පත්වූ රනිල් මේ වනවිට මුහුණදී ඇත්තේ එවැනි ඉරණමකටය.
නමුත් සජබයේ තත්ත්වය ඊට හාත්පසින් වෙනස්ය. සජබය පසුගිය ජනාධිපතිවරණයේදී ගත් ඡන්ද සංඛ්‍යාව මහ මැතිවරණයේදීද ආරක්ෂා කරගන්නට සමත් විය. පළාත් පාලන මැතිවරණයේදීත් මෙම ඡන්ද පදනම ආරක්ෂා කරගැනීමට සජබයට හැකි විය. මේ වනවිට සජබය ගම් මට්ටමින් පවත්වන සමුපකාර ඡන්දවලින් දිගින් දිගටම ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ. ඇතැම් ස්ථානවල තනිවම මෙම ජයග්‍රහණ ලැබීමට සජබය සමත්ව ඇති අතර, ඇතැම් ස්ථානවල විපක්ෂයේ අනෙකුත් පක්ෂ සමග එක්ව ජයග්‍රහණය කිරීමට සජබය සමත්ව ඇත.
ජනාධිපතිවරණයට පෙර මාලිමාවද මේ ආකාරයෙන් ගම් මට්ටමේ සමුපාකාර එක දිගට ජයග්‍රහණ කළ අතර, ඒ අවස්ථාවේදී අනුර ප්‍රසිද්ධියේම කියා සිටියේ ගමේ ජයග්‍රාහී සමුපකාර ඡන්ද රැල්ලෙන් රටේ ජයග්‍රාහී ඡන්ද රැල්ල හඳුනාගත හැකි යැයි කියාය. ඒ අනුව මේ වනවිට සජබයද ගමේ සමුපකාර ඡන්ද එක දිගට ජයග්‍රහණය කරමින් ජයග්‍රාහී රැල්ලක් ආරම්භ කර තිබේ. නමුත් මේ සමුපකාර ඡන්දවල ඉහළින් සජබය සහ පොහොට්ටුවේ නම කියැවුණද ඒ කිසිදු තැනක එජාපයේ නමක් සඳහන් වන්නේ නැත. ඒ තරමටම ගමේ එජාපය දියවී ගොස් හමාරය.
අනෙක රනිල්ට දැන් වයස අවුරුදු 77කි. රනිල්ගේ නායකත්වය යටතේ හෝ සම නායකත්වය යටතේ හෝ ආණ්ඩු අල්ලන්න සන්ධාන හදන්න කවුරු හෝ කතා කරනවා නම් එය වසරේ හොඳම විහිළුව ලෙස සැලකිය හැකිය. මේ සියලු කරුණු දෙස බලන විට සජබය සහ එජාපය එකතුවේදී එහි මූලිකත්වය හිමිවිය යුතු වන්නේ සජබයටය. එජාප පාක්ෂිකයොත් මේ වනවිට සඳහන් කරන්නේ සජිත්ට අවශ්‍ය වේලාවේදී එජාප නායකත්වය ලබාදීමට රනිල් කටයුතු නොකිරීමෙන් එජාපය දෙකට කැඩුණු බවය. එජාපය දිගින් දිගටම පරාජයට පත්වී එකදු මන්ත්‍රීවරයකුවත් පාර්ලිමේන්තුවට පත්විය නොහැකි තැනට පත්වූ බවය. දැන් හෝ සජිත්ට නායකත්වය ලබාදී මේ පක්ෂ දෙක එකතු කළ යුතු බව එජාප පාක්ෂිකයන්ගේ ද ස්ථාවරයය.
මේ මතය එජාප පාක්ෂිකයන් තුළ ගොනුවූයේ රනිල් අත්අඩංගුවට ගැනීමෙන් පසු සජිත් ඔහු නිදහස් කරගැනීම වෙනුවෙන් අවංකව පෙනීසිටීමෙන් පසුවය. නමුත් රනිල් රෝහලේ ඇඳෙන් නැගිට්ට මොහොතේ සිට කළේ ඇතිවීමට තිබූ සජබ-එජාප එකතුව කඩාබිඳ දැමීමට කුමන්ත්‍රණ කිරීමය. සිය පවුලේ පත්තරවලින් බොරු පුවත් පළකරමින් සජිත් හිරේ යන බවටත්, සජිත් මුදල් අවභාවිත කර ඇති බවටත්, සජිත් අත්අඩංගුවට ගන්නා බවටත් කියමින් තමන්ට සමීප නිවුස් ප්ලාන්ට් කල්ලියත්, තම පවුලට අයත් පත්තරවලත් බොරු පුවත් මැවීමය.




වර්තමාන ආණ්ඩුව හොබවන අය විපක්ෂයේ සිටින කාලයේ සිදු කළ ගුරු අරගලය සත්‍යවාදී නම් අද ඔවුන් බලයේ සිටින විට මේ ගුරුවරුන්ට සාධාරණයක් ඉටු කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේ ඊයේ (05) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී Citizen Voice වැඩසටහන යටතේ සමස්ත ලංකා පාසල් සංවර්ධන නිලධාරි සංගමයේ නිලධාරීන් හමුවූ අවස්ථාවේ දී ය.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
2018, 2020, 2022 බඳවා ගත් පිරිස අද අන්ත අසරණ වෙලා
''පුරා වසර 6ක් පාස්කු ප්‍රහාරය, කොරෝනා වසංගතය සහ බංකොලොත්භාවය යන ඛේදවාචකයන් ගණනාවක් මැද රටේ ඇති වූ බරපතළ ගුරු හිඟයත් සමග, කොරෝනා අභියෝගය සමග මෙරට අධ්‍යාපන ක්‍රමය දැවැන්ත ලෙස බරපතල ලෙස කඩා වැටෙමින් තිබුණා. 2020 බඳවා ගත් උපාධිධාරින් 53000න් 22000ක් මේ ඛේදවාචකයෙන් අප රටේ දරු පරපුර බේරා ගන්න ගුරුවරු ලෙස බඳවා ගත්තා.
අද මේ 22000 රජයේ වැරදි තීන්දු මත 16600ට අඩු වෙලා. මේ 16600 වසර 5ක 6ක අධ්‍යාපන ක්‍රියාවලියේ ප්‍රායෝගික පුහුණුවක් සහ අත්දැකීමක් සහිතව එම ක්‍රියාවෙහි ම නිරතව ලැබුවා. මේ අය ඇත්ත වශයෙන්ම අභ්‍යාසලාභී ගුරු සංවර්ධන උපාධිධාරින්. මේ 53000ක් බඳවා ගන්නා විට ග්‍රාමීය හා වතු පාසල්වල ඇති අධ්‍යාපන ප්‍රශ්න ද පදනමක් වී තිබෙනවා. මේ ක්‍රියාවලිය තුළ 2018, 2020, 2022 බඳවා ගත් අය අද අන්ත අසරණ වෙලා.
එදා ගුරුවරුන්ගේ වේතනය වැඩි කිරීමක් වෙනුවෙන් මහපාරට බැස අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින විට මේ උපාධිධාරින්ට සේවයට පැමිණිම අනිවාර්ය ලෙස නිවේදන නිකුත් කර තිබුණා. වත්මන් රජයේ මන්ත්‍රීවරුන් පවා මහපාරට බැස සංවර්ධන නිලධාරින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීමේ අරගලයේ සිටියා. ඔවුන් විපක්ෂයේ සිටින කාලයේ සිදු කළ අරගලය සත්‍යවාදී නම් අද බලයේ සිටින විට මේ ගුරුවරුන්ට සාධාරණයක් සිදු කල යුතු යි.
උපාධිධාරින් 52000කට ඇබෑර්තු තිබෙනවා
අභ්‍යසලාභී ගුරුවරු ලෙස ප්‍රායෝගික පර්යේෂණයක් හරහා මේ අය බදවා ගෙන වසර 3ක් තුළ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ලබා ගෙන 2.2 ශ්‍රේණියට බදවා ගැනීම සමථකරණ තීන්දුව වුවත් මේ රජය එම තීන්දුව පවා උල්ලංඝනය කර කර තිබෙනවා. එදා සිදුවූ ගරා වැටීම, කඩා වැටීම හරහා පාසල් පද්ධතිය ගොඩගැනීමට මේ අයගෙන් උදව් ගත්තත් අද මේ අයට ගුරු වෘත්තියට සාධාරණ ක්‍රමයක් ලෙස අන්තර්ග්‍රහණය කිරීම සිදු කරන්නේ නැහැ.
රටේ උපාධිධාරින් 52000කට පමණ ඇබෑර්තු තිබෙනවා. මේ සඳහා මොවුන් මෙන්ම රැකියා විරහිත උපාධිධාරීන්ද බඳවා ගත හැකි යි. දැනටත් පාසල් පද්ධතිය තුළ ඉගැන්වීමේ ක්‍රියාවලියේ සිටින්නේ මේ අය යි. දැනටත් වැටුප් ගෙවන නිසා බඳවා ගැනීමේ අලුත් බරක් ඇති නොවුවත් අද මේ අයගේ ඡන්දයෙන් පර්ලිමේන්තු ගිය ජනතා විමුක්ති පෙරමුණේ අය අද මේ ගුරුවරු බලහත්කාරයෙන් ගුරු වෘත්තියෙන් ඉවත් කර වෙන වෙන ආයතනවලට යොමු කරන්න උත්සාහ කරනවා. මෙය අසාධාරණ ක්‍රියාවක්. මේ දේවල් ක්‍රියාත්මක කිරීම අමාරු නැහැ; ඒ සඳහා ඔ්නෑ තරම් පූර්වාදර්ශ තිබෙනවා.
වසර 5ක් 6ක් හෝ ඊටත් වැඩි කාලයක් කළ සේවය අමතක කළ යුතු ද...?
අභ්‍යාසලාභීන් ලෙස 2004ට පෙර බඳවා ගත් ගුරුවරු 2005 පළමු මස සිට විභාගයකින් තොරව බඳවා ගත්තා. මීට පෙර ද එවැනි දේ සිදු වුණ බවට සාක්ෂි තිබෙනවා. එසේ කරන විට පවා ගුරු ව්‍යවස්ථාව ඒ ආකාරයෙන්ම තිබුණා. එම නිසා මෙය බාධාවක් කියා කාටවත් කියන්න බැහැ. පූර්වාදර්ශ ඇති මොහොතක ලක්ෂ ගණනක් අප රටේ පාසල් දූදරුවන්ට සාධාරණයක් කරන්න. මොවුන් වසර 5ක් 6ක් හෝ වැඩි කාලයක් ගුරුවරු ලෙස කළ සේවය අමතක කරන්න බැහැ. මේ අයට දිය යුතු සුදුසු වටිනාකම දිය යුතු යි.
සමගි ජන බලවේග රජයක් යටතේ මේ අයට හිමි අයිතිය ලබා දී යුතුකම් ඉටු කරනවා; මේ අය වෙනුවෙන් කළ හැකි උපරිම ප්‍රජාතන්ත්‍රවාදී බලපෑම සිදු කරනවා; ඒ අයගේ අයිතිය වෙනුවෙන් පෙනි සිටිනවා. මේ අය අයිතින් වෙනුවෙන් මහපාරට බැස්සට පස්සෙ මිලේච්ඡ ආකාරයට පහර දුන්නා. එම නිසා මේ අයට නිසි සාධාරණත්වය ඉටු කරන්න කියා අපි ඉල්ලා සිටිනවා."
The leader.lk
ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් තමා කොළඹ නිවාස ප්‍රශ්නයට මහල් නිවාස හා නගර නිවාස සංකල්පය ඔස්සේ ස්ථිර වශයෙන් ම විසඳුමක් ලබා දෙන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස කිරුලපන පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියකදී පැවසීය.
අගනුවර බල ප්‍රදේශයේ නවීනතම සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ත් තමාගේ රාජ්‍ය පාලනයක් යටතේ ඉදිරියේදී සිදු කරන මානව ජනාවාස වැඩසටහන යටතේ මුඩුක්කුවල, වතු නිවාසවල, ජීවත් වන දුක්විඳින ජනතාවට විසඳුම් ලබා දෙන බව ත් විපක්ෂ නායකවරයා පැවසීය.
රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගෙන් පසු අගනුවරට කුඩම්මාගේ සැලකිල්ලක් පමණක් ලැබුණු බව ත් වර්තමාන අනුප්‍රාප්තික ජනාධිපතිවරයා කොළඹ නිවාස ගැටලුවට කිසිදු විසඳුමක් නොදුන් බව ත් ප්‍රේමදාස චෝදනා කළේ ය.
වාර ගණනාවක් අගමැති වී රටේ ජනාධිපති වූ නමුත් නිවාස ප්‍රශ්නයට තිරසර වැඩපිළිවෙලක් දියත් කිරීමට රනිල් වික්‍රමසිංහට නොහැකි වූ බව විපක්ෂ නායකවරයා පැවසීය.
මේ අතර, පාසල් දූ දරුවන්ට දිවා ආහාර ලබා දෙන ලෙස ඉල්ලීම කළ නමුත් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව තමාට හිනා වූ බව ත් සජිත් ප්‍රේමදාස මහතා ජන රැලියේදී මතු කළේ ය.
දැරියන්ගේ සෞඛ්‍ය ගැන කතා කළ විටදීත් ජනතාවට සහන දෙන්නැයි කී අවස්ථාවේදීත් ඇතැම් අය තමාට විවිධ පද හැදූ බව ත් කී විපක්ෂ නායකවරයා සත්‍ය කවදා හෝ ජය ගන්නා බව ත් වැඩිදුරට ත් කීය.
මේ රජය දිව දෙකේ රජයක් බවත්, මේ අය වැය ජනතා සහන නොලැබෙන IMF එක ලියු අයවැයක ස්වරූපය ගන්නා අතර ම දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

''අප රටෙන් ගෙවන්නට තිබූ ඩොලර් ලක්ෂ 25ක වාරිකයක් පසුගිය දිනවල අතුරුදන් වී වංචනික ලෙස රටට අහිමි වුණ බවත්, මෙහි බර රටේ බදු ගෙවන්නන්ට දරන්නට සිදුවන නමුත් මේ ගැන තවමත් හරිහමන් තොරතුරක් නොමැති අතර මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට විධිමත් වාර්තාවක් ඉදිරිපත් කිරීම රජයේ යුතුකම යැයි විපක්ෂ නායකවරයා පැවසී ය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු විය යුත්තේ විවිධ පාර්ශ්ව සමග සාකච්ඡා කර වුව ද අද ඒ සියල්ල පැලවත්ත පක්ෂ කාර්යාලයේ කැමැත්ත මත සිදු වන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසී ය.
Smart board, computers නැති පාසල්වලට සක්වල වැඩසටහන හරහා ඒවා ලබා දී ඉංග්‍රීසි හින්දි චීන ජපන් භාෂා ඇතුළු තවත් භාෂා මෙන්ම STEAM education ඇතුළු පැතිකඩවලට යොමුවිය යුතු බවට මුලින්ම කිව්වේ සමගි ජන බලවේගය යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
2024 ජනාධිපතිවරණය මුල් කරගනිමින් ජාතික ජනබලවේගය පක්ෂය සහ සමගි ජනබලවේගය පක්ෂය අතර පැවැත්වීමට නියමිත විවාදයට අදාළ තවත් දින කිහිපයක් සමගි ජනබලවේගය පක්ෂය විසින් නියම කර ඇත.
එම ලිපිය අනුව එම ලිපිය අනුව දෙපාර්ශ්වයේ ආර්ථික කමිටු අතර විවාදය 2024 මැයි මස 27, 28, 29, 30, 31 යන දිනවලින් එකකදීද නායකයින් අතර විවාදය 2024 ජුනි මස 03, 04, 05, 06 හෝ 07 යන දිනවලින් එක් දිනයකදී පැවැත්වීමටත් යෝජනා කර ඇත.
නමුත් ගැටලුව වී තිබෙන්නේ මේකී විවාදය සඳහා ජාතික ජනබලවේගය නියම කළ අවසන් දිනය හෙට (20) වීමය. එම දිනය ප්‍රකාශයට පත්කරමින් ජාතික ජනබලවේගය පක්ෂය දැනුම්දී සිටියේ මැයි 20 ට පෙර ඕනෑම මොහොතක ඕනෑම විවාදයකට තම පාර්ශ්වය සූදානම් බවත් ඉන් අනතුරුව විවාද සම්බන්ධ කතා අවසන් කරන බවය.
මේ අතර දේශපාලන විචාරකයන් පවසන්නේ ජාතික ජනබලවේගය නියම කළ දිනය අවසන් වන මොහොතේ තවත් දින නියම කිරීම සජබ විසින් සිදුකළ අපරිණත දේශපාලන ක්‍රියාවක් බවයි. අවසාන දිනයට පෙර අදාළ දිනය සංශෝධනය කර ගැනීමට අවස්ථාව පැවති බවත් එහිදේ පෙන්වාදෙන විචාරකයන් වැඩිදුරටත් පවසන්නේ දෙපාර්ශ්වයම අදාළ විවාදය සඳහා සත්භාවයෙන් කැපවූ බවක් නොපෙන්නු බවයි. එබැවින් දැන් මෙය හරවත් විවාදයකට වඩා නාඩගමක් බවද ඔවුන් පවසයි.
අප රටට ජාතික වන සංරක්ෂණ සහ වන ජීවි ප්‍රතිපත්තියක දැඩි අවශ්‍යතාවක් ඇති බවත් අප රටේ දැනට ඇත්තේ ඒ ඒ වෙලාවට නිර්මාණය වන ඛේදවාචක හමුවේ තාවකාලික පැලැස්තර ලෙස නිර්මාණය වන පරිසර ප්‍රතිපත්තියක් වුවත් අප රටට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ආණ්ඩුව අයි.එම්.එෆ් රූකඩයක් බවට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී පැවසීය.
අලුත් කොන්දේසි සහිත අයි.එම්.එෆ් ගිවිසුමක් මේ අය පොරොන්දු වුණා. ඒක ක්‍රියාත්මක කළේ නෑ. අද මේ රජය ඉදිරියට යන්නේ පහුගිය රජයේ අයි.එම්.එෆ් කොන්දේසිය යටතේ.ඒ මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ක්‍රියාත්මක නොකළ එක දෙයක්. ඒ වගේම විදුලි බිල සීයට 33කින් අඩු කරන බව කිව්වා.නමුත් හෙට අනිද්දා විදුලි බිල සීයට 6.8 කින් අඩු කරන්න හදනවා.මේවා කරන්න හදන්නේ නිසි පිරිවැය ගණනය කිරීමකින් තොරවයි.මෙච්චර ජනවරමක් අරගත්තේ අයි.එම්.එෆ් කියන පදයට නටන්නද? අද මේ ආණ්ඩුව අයි.එම්.එෆ් එකේ රූකඩයක් බවට පත්වෙලා.අප රටේ දරිද්‍රතා කම්පන නිර්මාණය වී තිබෙන බව ලෝක බැංකුව කියනවා.ගෘහයක භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ හැකියාව අර්බුදකාරී තත්ත්වයකට පත්වෙලා යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.
මේ මොහොත වන විට දරුවන්ට ලබා දිය හැකි ලොකුම සම්පත වන, කිසිවකුට සොරාගත නොහැකි අධ්‍යාපන අයිතිය උල්ලංඝනය කර, පැහැර ගෙන, උදුරා ගෙන ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය .
දූෂණයට, වංචාවට, හොරකමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් රට බංකොලොත් කිරිම පිළිබඳ මූලික අයිතිවාසිකම් නඩු පවරා තීන්දු ලබා ගත්තේ සමගි ජන බලවේගය යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (29) විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂයේ පක්ෂ නායකයින් සමග පැවැති හමුවක දී ය.
එම හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
ඒකාබද්ධ ගමනකට එක්වන්න
''මේ ගමනේ අරමුණ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර දේශපාලන දඩයම නතර කිරීම යි. ඒ තුළ මෙරට දූෂණය වංචාව හොරකම පිටුදැකීමේ ක්‍රියාවලියට සහයෝගය ලබා දෙනවා. අපි ඉන් බැහැර වන්නේ නැහැ. දූෂණයට, වංචාවට සහ හොරකමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් රට බංකොලොත් කිරිම පිළිබඳ මූලික අයිතිවාසිකම් නඩු පවරා තීන්දු ලබා ගත්තේ සමගි ජන බලවේගය යි.
රජය සහ රජය සම්බන්ධ පාර්ශ්ව වලට හොරකම් නොකරන අය ඉන්නවා කියා සුජාත භාවයක් ගත නොහැකි යි.
සමගි ජන බලවේගය පැහැදිලිවම මර්දනයට සහ තර්ජනයට විරුද්ධ යි. මූලික අයිතිවාසිකම් උත්තරීතර නීතියේ සඳහන් වෙලා තියෙනවා. භාෂණයේ නිදහස, දේශපාලනය කිරීමේ නිදහස, ආගමක් ඇදහීමේ නිදහස සංස්කෘතික නිදහස තිබෙනවා. මේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න සියලු දෙනා පෙළගැසී සිටිනවා. ඒ නිසා විපක්ෂ නායක කාර්යාලය මූලික කර ගෙන ඒකාබද්ධ ගමනක් යන්නට එක්වන්න.
පක්ෂග්‍රාහී නොවන වැඩසටහනක් පොදු යහපත ප්‍රජාතන්ත්‍රවාදය මානව හා මූලික අයිතිවාසිකම් සුරක්ෂා කිරීමේ ගුණාංගය කේන්ද්‍ර කර ගෙන යන විට එකතු විය හැකි අය මේ ගමනට එක්විය හැකි යි.
නිදහස් මාධ්‍ය අයිතිය සුරකිමු
එසේම මෙරට නිදහස් මාධ්‍ය ආරක්ෂා කර ගත යුතු යි. ප්‍රජාව සමඟ සෘජුව අදහස් හුවමාරු කර ගන්නවා සේම ප්‍රජාවගේ අදහස් ද අප දැනගත යුතු යි. මේ සන්නිවේදනයට අත තියන්න රජය විවිධ උත්සාහයන් දරනවා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න සත්භාවයෙන් ක්‍රියාත්මක වන මේ වැඩසටහන තුළින් නිදහස් මාධ්‍ය ද සුරක්ෂා කරවා.''
අත්තනෝමතික ලෙස ඉහළ අධිකරණ විනිසුරුවන්ගේ ධූර කාලය දීර්ඝ කිරීමට ආණ්ඩුවේ උත්සාහයට එරෙහිව නැගී සිටීමේ අවශ්‍යතාවය පැහැදිලි කරමින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂය සමග සහයෝගයෙන් වැඩ කිරීම සඳහා සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය එකග වූ බව එහි මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.
ඊයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි ඔහු ඒ බව සදහන් කළේය.
එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේ සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී සහ ඊට පෙර පැවැති කළමනාකරණ කමිටු රැස්වීම් දෙකකදී ඒකමතික තීන්දුවක් හරහා සමගි ජන බලවේගයේ නායකත්වයෙන් මූලිකත්වයෙන් සහ මෙහෙයවීමෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ පොදු වැඩපිළිවෙළකට ක්‍රියාමාර්ගයකට දේශපාලන වශයෙන් ප්‍රවේශ වීමට තීරණය කළ බවයි.
එල්නීනෝ ලානීනා තත්ත්වයේ බලපෑම ප්‍රධාන ක්ෂේත්‍ර 03කට සහ ප්‍රතිපත්ති මාලා 03කට බලපාන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
කාන්තාවන් පිළිබද ජාතික කොමිෂන් සභාවේ හිටපු සභාපතිනිය වූ ආචාර්ය රමණි ජයසුන්දර සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇත්තේ අදාළ අමාත්‍යාංශය විසින් කොමිසමේ ස්වාධිනත්වයට හානි කරන අයුරින් පරිපාලනමය මැදිහත්වීම් සිදු කරමින් කොමිසම අමාත්‍යාංශය යටතට ගැනීමට උත්සාහ කරන බැවින් යැයි මාධ්‍ය වාර්තා කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
මේ රජයට රට ගොඩනගන දැක්මක් වැඩපිළිවෙළක් මාර්ග සිතියමක් නොමැති බවත් මොවුන් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහෝසි කිරීම බවත් රජයේ වගකීම වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හැකිලිම නොව විපතට පත් මාතෘභූමියට සහනයක් ගෙනවිත් ජන ජීවිත ශක්තිමත් කළ හැකි නව ගමනක් යාම වුවත් රජය මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග අනුව නම් එවැනි දෙයක් නොපෙනෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

