'සභාපති ඝාතනය වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීමට ගත් උත්සාහයක් ද සැකයි.'- මහින්ද අමරවීර

'සභාපති ඝාතනය වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීමට ගත් උත්සාහයක් ද සැකයි.'- මහින්ද අමරවීර

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරය ඝාතනය කිරීම විපක්ෂයේ ක්‍රියාකාරී දේශපාලනඥයන්ට එල්ලකළ තර්ජනයක් බවත්, එම ක්‍රියාව තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.

ඒම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ මහින්ද අමරවීර...

''වැලිගම ප්‍රාදේශීය සභාව රටේ මහත් ආන්දෝලනාත්මක ප්‍රාදේශීය සභාවක් බවට පත් වන්නේ එහි බලය ලබා ගැනීම සඳහා ආණ්ඩුව බොහෝ උපක්‍රම භාවිතා කරපු ප්‍රාදේශීය සභාවක් නිසා. වෙඩි තබා ගැනීම්, පැහැර ගැනීම් මුල් සභා වාරයේ සභාපති කෙනෙක් පත්කර ගැනීමට නොහැකි වීම යන කරණා වගේ ම සභාපති තෝරන අවස්ථාවේ ආණ්ඩුවේ මැති ඇමතුරු සභාවේ රැඳී සිටියා. ඒ ආකාරයෙන් ආණ්ඩු පාර්ශ්වය වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීමට උත්සාහ කරා. ඒ කිසිම දෙයක් සාර්ථක නොවෙන අවස්ථාවේ විපක්ෂයෙන් පත් වූ සභාපතිවරයාව ඝාතනය කරලා සභාවේ බලය ලබා ගැනීමට ගත් උත්සාහයක් ද යන්න අපට සැකයි.''

වීඩියෝ

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න