සීතාවක සහ ආනමඩුව ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවීමේදී මතුව ඇති ගැටලුව විසඳා ගැනීම සඳහා නීතිපතිවරයාගෙන් මත විමසීමක් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අභයරත්න පැවසීය.
නීතිපතිවරයාගේ මතය ලැබුණු වහා එම සභා පිහිටුවීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
පළාත් පාලන ඡන්ද විමසීම පසුගිය මැයි මස 6 වැනිදා පැවැත්විණි. එම මැතිවරණයේදී මෙම ප්‍රාදේශීය සභා දෙකේ කිසිදු කණ්ඩායමක් සියයට පනහකට වැඩි බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත් නොවීය.
සීතාවක ප්‍රාදේශීය සභාවේ මුල් පුටු අර්බුදයට කඩිනමින් විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලා නව ජනතා පෙරමුණ, සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු විසින් පසුගියදා (29) මැතිවරණ කොමිෂන් සභාවට, ආණ්ඩුකාර කාර්යාලයට හා රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත සංදේශයක් බාර දෙනු ලැබිය.
සබැඳි පුවත් :
සීතාවක ප්‍රාදේශීය සභාවේ මුල් පුටු අර්බුදයට කඩිනමින් විසඳුමක් දෙන්න - නව ජනතා පෙරමුණ ඉල්ලයි

