හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ, ශිරන්ති රාජපක්ෂ විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හෙට(27) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවට කැඳවා ඇත.
මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ සමයේ ‘සිරිලිය’ නමින් පවත්වාගෙන ගිය ගිණුමේ මූල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන ක්‍රියාවලියට අදාළව මෙම ප්‍රකාශය ලබා ගැනීමට නියමිතව තිබේ.
යහපාලන ආණ්ඩුව සමයේ එවක පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබිණි.
එම විමර්ශනයට අදාළව ශිරන්ති රාජපක්ෂගෙන් එවක ප්‍රකාශ ලබා ගැනීම පවා සිදුවූයේ කථානායක නිල නිවසේදීයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
