Language Switcher

V2025

සන්ලයිට්, ‘මනුදම් වියමන’ හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරි ගන්වයි

සුළු හා මධ්‍ය පරිමාණ ඇඟළුම් ක්ෂේත්‍රය නඟා සිටුවීම වෙනුවෙන් රුපියල් මිලියන 5ක් ආයෝජනය කර ඇති අතර, ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන්ගේ හදවත් දිනූ යුනිලිවර් හි ප්‍රමුඛතම සන්නාමයක් වන සන්ලයිට්, මනුදමින් බැඳුණු ශ්‍රී ලාංකේය බැඳීම් සවිමත්ව ඉදිරියට ගෙන යාමේ තවත් පියවරක් පසුගියදා සනිටුහන් කරනු ලැබීය. ඒ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ වූ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය (SEDD) සහ සිංගර් ෆැෂන් ඇකඩමි සමඟ එක්ව සන්ලයිට් මනුදම් වියමන සමාජ සත්කාරක වැඩසටහන හරහා ඇඟළුම් ක්ෂේත්‍රයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් යළි නගා සිටුවීමේ සුවිසල් වැඩපිළිවෙලත් සමඟිනි.

මෙම වැඩසටහන තුළින් විශේෂයෙන් ඇඟළුම් ආශ්‍රිත කර්මාන්තයන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කර ඇති සන්ලයිට්, සිංගර් ෆැෂන් ඇකඩමිය සමඟ එක්වෙමින් ඔවුන්ගේ ප්‍රවීන දේශක මඩුල්ලකගේ සහභාගීත්වයෙන් ඇඟළුම් ක්ෂේත්‍රයේ නිරතව සිටින 10,000ක පමණ ව්‍යවසායකයන් පිරිසකගේ කුසලතාවන් සහ හැකියාවන් ඔප් නැංවීම වෙනුවෙන් ඔන්ලයින් වැඩමුළු සංවිධානය කිරීමට කටයුතු යොදා ඇත. එහිදී මෙම වැඩසටහන සමඟ ලියාපදිංචි වූ 250 දෙනෙකුට ඔවුන්ගේ ව්‍යාපාර තත්වයන් ඉහළ නංවා ගැනීම වෙනුවෙන් මුදල් ආධාර ලබා දීමට කටයුතු කිරීමද මෙහි විශේෂත්වයකි. වැඩමුළුව සඳහා සහභාගී වීමට කැමති ව්‍යවසායකයන් හට www.manudamviyamana.lk වෙත පිවිසීමෙන් ඒ සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාවද මෙහිදී උදා කර දී ඇත.

මෙම සුවිශේෂී උපාය මාර්ගික සබැඳියාව යථාර්තයක් බවට පත් කරමින් ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තරුණ හා ක්‍රීඩා අමාත්‍ය හා ඩිජිටල් තාක්ෂණ හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ එක් වූ අතර තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ කුඩා ව්‍යවසාය සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ සුධීර ජයරත්න , යුනිලිවර් ශ්‍රී ලංකාහි Homecare, Foods & Refreshments and Water පිළිබද අලෙවි අධ්‍යක්ෂිකා ෂර් මිලා බණ්ඩාර ඇතුළු පිරිසක් ද ඊට එක් වූහ.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වූ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ‘මනුදම් වියමන’ වැඩසටහන පිළිබද අදහස් දක්වමින් පවසා සිටියේ “ මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නඟා සිටුවීම තුළින් සමස්ත ආර්ථීකය නඟා සිටුවීමේ හැකියාව උදා වනවා. පැවති Covid 19 වසංගත තත්වයත් සමඟ බොහෝ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් දැඩි බලපෑමට ලක් වූ බව රහසක් නෙවෙයි. අපි රජයක් ලෙස ඔවුන්ගේ ව්‍යාපාරයන් යළි ශක්තිමත්ව නඟා සිටුවීම වෙනුවෙන් අවශ්‍ය දායකත්වය ලබා දෙන අතරම යුුනිලිවර් ශ්‍රී ලංකාහි සන්ලයිට් ‘මනුදම් වියමන’ වැඩසටහන තුළින් ද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් මෙවන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව මාගේ කෘතඥතාව පළ කර සිටිනවා. මෙය Covid 19 වසංගතයෙන් බලපෑමට ලක්වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හට නැවත තම ව්‍යාපාරයන් ශක්තිමත්ව ගොඩ නඟා ගැනීම සඳහා සුවිසල් අවස්ථාවක් වනු ඇතැයි මගේ විශ්වාසයයි. විශේෂයෙන් තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය ලෙසත්, අමාත්‍යවරයා ලෙසත් ඒ වෙනුවෙන් අපගේ උපරිම සහයෝගය සන්ලයිට් ‘මනුදම් වියමන’ වෙත ලබා දීමට අපි කටයුතු කරනවා ” යනුවෙනි.

මෙහිදී අදහස් දැක්වූ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ( SEDD) අධ්‍යක්ෂ සුධීර ජයරත්න සඳහන් කර සිටියේ ‘මනුදම් වියමන’ වැඩසටහන තූළින් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සහාය දැක්වීමට කටයුතු කිරීම පිළිබඳව සන්ලයිට් වෙත අපගේ ස්තුතිය පුද කිරීමට කැමතියි. මෙරට ගණනය කර ඇති මිලියනයක් පමණ වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් රටේ සමස්ත ව්‍යාපාරයන්ගෙන් 75% ක් පමණ නියෝජනය කරනවා. ඒ අතර සුළු හා මධ්‍ය පරිමාණ ඇඟළුම් ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ සුවිශේෂී හැකියාවන් ඇති බව අප දැක තිඛෙනවා. පහසුවෙන් ප්‍රවේශ විය හැකි මෙම වැඩමුළු තම ව්‍යාපාරය දියුණුව කරා ගෙන යාමට ව්‍යවසායකයන් වෙත අවශ්‍ය දැනුම ලබා දීමට මෙන්ම ව්‍යාපාර තත්වයන් ඉහළ නංවා ගැනීමටත් ඉවහල් වනු ඇතැයි අපි විශ්වාස කරනවා” යනුවෙනි.

 මීට වසර 135කට පෙර හඳුන්වා දුන් සන්ලයිට් රෙදි සේදුම් වෙළෙඳපොල තුළ ප්‍රමුඛයා බවට පත්ව ඇත්තේ ශ්‍රී ලාංකේය පාරිභෝගික විශ්වාසය නොමදව හිමිකර ගනිමිනි. සන්ලයිට් ‘මනුදම් වියමන’ ශ්‍රී ලාංකිකයන් එකමුතුව කටයුතු කිරීම තුළින් ලැඛෙන ඉමහත් ශක්තිය ලොවට ප්‍රදර්ශනය කිරීම වෙනුවෙනි. මේ වෙනුවෙන් සීමිත කාලයක් සඳහා විශේෂිත සන්ලයිට් පැකට්ටුවක් හඳුන්වා දීමට කටයුතු කළ අතර එම සෑම සන්ලයිට් පැකට්ටුවකින්ම රුපියලක (රු.1/-) මුදලක් ‘මනුදම් වියමන’ අරමුදලට බැර කරනු ලබයි. ඇඟළුම් කර්මාන්තයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගා සිටුවීම වෙනුවෙන් සියලු දෙනා හට තම තමන්ගේ කාර්යභාරය ඉටු කිරීමට මේ සමග සන්ලයිට් ‘මනුදම් වියමන’ අරමුදලට හැකිව ඇත.