බොර තෙල් බැරලය මිල ඉහළට : බලාගාර 8ක් කොට උඩ !

බොර තෙල් බැරලය මිල ඉහළට : බලාගාර 8ක් කොට උඩ !

අද (2) වන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් තෙල් මිල බැරල් එකක් ඩොලර් 108ත් 110ත් අතර මිලක පවතින බව වාර්තා වෙයි.

ඒ අනුව බ්‍රෙන්ට් කෘඩ් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 109.83 වී ඇති අතර ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 108.10 වී තිබේ.

මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදය හදිසි උපාය මාර්ගික ක්‍රියා මාර්ගයක් ලෙස ඇමෙරිකාවේ ඛනිජ තෙල් අතිරේක සංචිතයෙන් බොරතෙල් බැරල් මිලියන 30ක් ලෝක බොරතෙල් වෙළඳපොල වෙත නිදහස් කරන බව නිවේදනය කර තිබේ.

ඒකාබද්ධ ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ (IEA) රැස්වීමකින් පසුව රුසියානු-යුක්රේන යුද්ධය හේතුවෙන් අහස උසට නගින බොරතෙල් බැරලයක මිල පාලනය කිරීම සඳහා සාමාජික රටවල් 30ක් විසින් තම අතිරේක බොරතෙල් සංචිතවලින් බොරතෙල් බැරල් මිලියන 60ක් ලෝක වෙළඳපොල වෙත නිදහස් කිරීමට එකඟ වී ඇත.

බලාගාර 08ක් කොට උඩ !

මේ අතර ජාතික විදුලි පද්ධතියට විදුලිය ජනනය කරන ඉන්ධන විදුලිබලාගාර 10න් අටක්ම ඉන්ධන නොමැතිවීම නිසා අක්‍රීය වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එම බලාගාර 08 අක්‍රීය වීමෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 424ක් අහිමිවී ඇති බව කී එම නිලධාරියා සපුගස්කන්ද A සහ B බලාගාර දෙක සහ ‘සොජිට්ස්’ බගාලාරය පමණක් මේ වනවිට ක්‍රියාත්මක වන බවද සඳහන් කළ බව lanka truth වෙබ් අඩවිය වාර්තා කරයි.

එම පුවතේ වැඩිදුරටත් සඳහන් වන්නේ යුගදනවි බලාගාරය සඳහා ඉන්ධන අද දිනයේ ලබාදෙන බවට ඛනිජ තෙල් සංස්ථාව පවසා තිබූ බවත් නැප්තා මේ වනවිට විදුලිබලාගාරයට පොම්ප කරමින් සිටීම නිසා එම ප්‍රමාණය අද දිනයේ පාවිච්චි කළ හැකි බව අදාළ නිලධාරියා පැවසූ බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න