කොටස් වෙළඳපොළ ගනුදෙනු තාවකාලිකව නවතී

කොටස් වෙළඳපොළ ගනුදෙනු තාවකාලිකව නවතී

කොළඹ කොටස් වෙළඳපොලේ දෛනික ගනුදෙනු අද දහවල් හදිසියේ අත්හිටුවීමට සිදුවිය. අද පස්වරු 1.45 සිට මිනිත්තු 30 ක කාලයක් ගනුදෙනු අත්හිටවූ බවයි වාර්තා වෙයි.

ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකයෙහි තනි දිනක් තුළ දක්නට ලැබුණු දෙවැනි විශාලතම පහළ යාම අද දිනයේ වාර්තා වී ඇත.

එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 542.67 කින් පහළ ගිය අතර එය දෙවැනි වන්නේ 2021 පෙබරවාරි 02 වැනි දින ඒකක 561.75කින් සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වූ කඩා වැටීමට පමණි.

දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 11,591.37 ක් ලෙසින් සටහන් වූ අතර 2021 දෙසැම්බර් 21 දිනෙන් පසු වාර්තා වූ අඩුම සියලු කොටස් මිල දර්ශක අගය වේ.

මේ අතර දිනයේ ගනුදෙනු අතරවාරයේ දී S&P SL20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 5% ක ප්‍රමාණයක් ඉක්මවා පහළ යාම හේතුවෙන් පස්වරු 1.44 ට මිනිත්තු 30 ක කාලයක් සඳහා කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පද්ධතියේ ස්වයංක්‍රීයව අත්හිටුවීමක් ද වාර්තා වුණි.

S&P SL20 දර්ශක අගය දිනය අවසානයේ දී ඒකක 3,932.78 ක් ලෙසින් දැක්වුණේ ඒකක 207.88 ක පහළ යාමක් සමඟිනි.

රුපියල් බිලියන 4.22 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න