මහ බැංකුව අති අවධානමක !

මහ බැංකුව අති අවධානමක !

පසුගිය වසර අවසන් වනවිට ඩොලර් කෝටි 200ක වත්කම් ඍණ ශේෂයක් තිබූ ශ්‍රී ලංකා මහ බැංකුව දිගටම ස්වැප් ණය පහසුකම් යටතේ විදේශ විනිමය ලබා ගැනීම නිසා අති අවදානමකට පත්ව ඇති බව ආර්ථික විශ්ලේෂකයන් විවිධ අවස්ථාවල පෙන්වා දී ඇත.

හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මාධ්‍යයට අදහස් දක්වමින් දිගින් දිගටම පෙන්වා දෙන්නේ මෙම තත්වය ඉතාමත්ම අනතුරුදායක බවය.

මහාචාර්ය සිරිමල් අබේරත්න, ආචාර්ය අමින්ද මෙත්සිල, ආචර්ය නන්දසිරි කිහිඹියහෙට්ටි, ආචාර්ය නිශාන් ද මෙල් ඇතුළු විශ්ලේෂකයන් කිහිප දෙනෙකුම මෙම තත්වය පෙන්වාදී තිබේ. පසුගිය සතියේ ඉන්දීය සංචාරයක යෙදුණු විදේශ ඇමති ජී. එල්. පීරිස් ප්‍රකාශ කර තිබෙන්නේ ඉන්දියාවෙන් තවත් ඩොලර් කෝටි 250ක හදිසි ණය මුදලක් ලබා දෙන බවය.

මෙම වසරේ පසුගිය මාස එක හමාරක කාලය තුළ ස්වැප් ණය පහසුකම් යටතේ ඩොලර් මිලියන 5,000ක පමණ විදේශ විනිමය ලබා ගැනීමේ එකඟතා ඇතිකර ගෙන තිබිණි. මෙසේ ලබා ගන්නා ණය සඳහා අධික පොලියක් ගෙවීමට සිදුවීම සහ ඒ මගින් වත්කම් ඉපදවීමක් සිදු නොවන බැවින් විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව අති අවදානමකට පත්වන බව පෙන්වාදී ඇත.

මෙම වසර අවසන්වන විට විදේශ ණය සහ පොලිය වශයෙන් ඩොලර් මිලියන 6,903.7ක් ගෙවීමට සිදුවී තිබෙන අතර කෙටි කාලීනව එදිනෙදා ගණුදෙනු සඳහා විදේශ විනිමය ලබා ගැනීමෙන් අති විශාල පොලී ප්‍රමාණයක් එකතුවේ.

රටේ මූල්‍ය පද්ධතිය හසුරවන ශ්‍රී ලංකා මහ බැංකුව හෝ ආණ්ඩුවේ වගකියයුත්තන් මේ පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකිරීම ඉතා විනාශකාරී ප්‍රතිඵල අත්කරදීමට හේතුවන බව අවධාරණය කර තිබේ.

Lanka truth

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න