ෆිච් රේටිං ලංකාව පහතට දායි : මහ බැංකුව නහයෙන් අඬයි !

ෆිච් රේටිං ලංකාව පහතට දායි : මහ බැංකුව නහයෙන් අඬයි !

ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීම ආයතනයක් වන ‘ෆිච් රේටිං’ ආයතනය විසින් නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ‍්‍රී ලංකාව CC දක්වා පහත හෙළා ඇත.

වාර්තා වල දැක්වෙන ආකාරයට CCCහි සිට මෙම පහත හෙළීම කර ඇත.

ශ්‍රී ලංකාවේ නරක අතට හැරෙන බාහිර ද්‍රවශීලතා තත්ත්වය අනුව ඉහළ විදේශ ණය ගෙවීම් සහ සීමිත මූල්‍ය ගලා ඒම් හේතුවෙන් විදේශ විනිමය සංචිතවල පහත වැටීමක් පෙන්වන ඔවුන් ඉදිරි මාසවලදී ණය පැහැර හැරීමේ සිදුවීමක වැඩි සම්භාවිතාවක් ඇතැයිද කියා සිටී.

මූල්‍ය ආතතියේ බරපතලකම රජයේ බැඳුම්කර ඵලදාව ඉහළ යාම සහ මුදල් ඒකකයේ පහළට යන පීඩනය මගින් නිරූපණය කරනු ඇතැයිද වාර්තාව සදහන් කරයි.

මීට අදාළ ෆිච් රේටිං වාර්තාව පහත සබැඳියෙන් කියවිය හැකිය.

https://www.fitchratings.com/research/sovereigns/fitch-downgrades-sri-lanka-long-term-foreign-currency-idr-to-cc-17-12-2021

මහ බැංකුව නහයෙන් අඬයි !

කෙසේ වුවත් ෆිච් රේටින් ශ්‍රේණි ගත කිරීම් වලින් ශ‍්‍රී ලංකාව පහළට හෙළීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සිය නොසතුට පළ කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ ධනාත්මක ආර්ථික වර්ධනයන් හඳුනා ගැනීමට මෙම ශ්‍රේණිගත කිරීම අසමත් වී ඇති බවයි.

ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පහත හෙලීම සිතාගත නොහැකි බවද මහ බැංකු විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

ශ්‍රී ලංකා ආර්ථිකයේ සියලුම අංශවල නවතම වර්ධනයන් සහ ආසන්න විදේශ විනිමය ගලා ඒම් පිළිබඳව නිරන්තරයෙන් යාවත්කාලීන කර ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.

https://www.cbsl.gov.lk/si/node/11624

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න