මෙම වසර ආරම්භයේ ජනවාරි මස කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වැඩිවීම් අනුපාතය 3.0%ක් වී තිබූ අතර එය නොවැම්බර් මස අවසන් වනවිට 9.9%ක් දක්වා තුන්ගුණය ඉක්මවා ගිය වැඩි වීමක් සිදුවී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව නොවැම්බර් 30 වෙනි දින නිකුත් කර තිබෙන නිවේදනයකින් මේ බව හෙළි වේ. ජනවාරි මාසයේ 3.0%ක තිබූ උද්ධමනය අප්‍රේල් මස අවසන්වනවිට 3.9% දක්වා උච්චාවචනයන්ට යටත්ව ඉහළ ගොස් තිබිණි. නමුත් අප්‍රේල් මාසයෙන් පසුව එය අඛණ්ඩව ඉහළ යමින් 9.9% දක්වා පැමිණ තිබේ.
උද්ධමණයට ප්‍රධාන වශයෙන්ම අතිවිශාල මුදල් ප්‍රමාණයක් අච්චු ගසා වෙළඳපොළට නිකුත්කිරීම, රුපියල කඩා වැටීම සහ භාණ්ඩ හිගය යන මූලික කරුණු පදනම් වී ඇති බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
