ශ්‍රී ලංකාවේ වන අලි ඇතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ උග්‍ර වෙමින් පවතින මිනිස්-අලි ගැටුම පාලනය කිරීම අරමුණු කරගනිමින්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රිවිධ හමුදාව එක්ව දියත් කර ඇති විශේෂ "හස්ති සේනා" ඒකාබද්ධ මෙහෙයුම මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වේ.
මෙම මෙහෙයුම තවදුරටත් පුළුල් කරමින් එය විධිමත් ප්‍රතිපත්තිමය හා නීතිමය රාමුවක් තුළ තවදුරටත් ස්ථාපිත කිරීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් අද (09) පරිසර අමාත්‍යාංශයේදී පැවැත්විණි.
පරිසර අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු මෙහෙයුමට අදාළ ත්‍රිවිධ හමුදාවේ ඉහළ පෙළේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී "හස්ති සේනා" මෙහෙයුමේ ඉදිරි ක්‍රියාමාර්ග විධිමත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල සටහනක් ඉදිරිපත් කිරීමට තීරණය වූ අතර, එහිදී ප්‍රධාන උපායමාර්ගික ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි විශේෂ අවධානය යොමු විය:
ක්ෂේත්‍ර ආරක්ෂාව සහ අධීක්ෂණය: අධික අවදානම් සහිත සංක්‍රමණික කලාප සහ පරිසර පද්ධති ආශ්‍රිතව සැරිසරන තනි ඇතුන් සහ පැටවුන් සහිත අලි රංචු නිරන්තර නිරීක්ෂණයට ලක්කිරීම සහ ඔවුන් ගමන් කරන මාර්ගවල යුද හමුදා විශේෂ ආරක්ෂක අනුඛණ්ඩ යොදවා ක්ෂේත්‍ර ආරක්ෂාව සැලසීම.
නීතිවිරෝධී වනජීවී අපරාධ මර්දනය: වන අලින්ට තර්ජනයක් වන හක්කපටස්, බඳින තුවක්කු සහ නීතිවිරෝධී ගිනිඅවි භාවිතය, නිෂ්පාදනය සහ බෙදාහැරීමේ ජාල බුද්ධි අංශ තොරතුරු මත පදනම්ව වැටලීම් මඟින් මුලිනුපුටා දැමීමට පියවර ගැනීම.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
