Language Switcher

V2025

චීනය ට එරෙහිව කසකස්ථාන ජනතාව නැගිටියි

චීනය විසින් තම රටට සිදු කරන බලපෑම් වලට එරෙහිව කසකස්තාන ජාතිකයන් විසින්  සුල්තාන් සහ අල්ටිමාට් යන ප්‍රධාන නගර දෙකකදී විරෝධතා පවත්වා ඇත.

එහිදී විරෝධතාකරුවන් බහුතරයක්  පොලිස්භාරයට ගෙන ඇති අතර අනෙකුත් පිරිස විසිරුවා හැරීමට කටයුතු කර ඇත.

මධ්‍යම ආසියානු ජනරජයක් වන කසකස්තානයේ විශාලතම ආයෝජකයෙක් මෙන්ම වෙෙළඳ සහකරුවෙක්ද ලෙස චීනය කටයුතු කරනු ලබයි.

එහි තවත් කර්මාන්තශාලා රැසක්ම ආරම්භ කිරීමට චීනය සැලසුම් කර සිටින බව විදෙස් වාර්තා සදහන් කර සිටියි.

කෙසේ නමුත් කසකස්තානය තුල චීන ව්‍යාපාර මෙලෙස ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් එරට වැසියන් දක්වන්නේ දැඩි විරෝධයක් එල්ල කරනු ලබන්නේ චීනය තම රට තුළ සිය ව්‍යාපාර ව්‍යාප්ත කිරීම මගින් රට ආර්ථික වශයෙන් ග‍්‍රහණයට ගැනීමට කටයුතු කරන බවට සදහන් කරමිනි.