ඉන්දුනීසියාවේ ඊයේ හටගත් භූ කම්පනයෙන් පුද්ගලයන් විසිදෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.
ඉන් තුවාල ලැබූ සංඛ්‍යාව සියය ඉක්මවන බව සදහන් වේ.
නැගෙනහිර මලුකූ පළාතේ හටගත් භූ කම්පනයේ ප්‍රබලත්වය මැග්නිටියුට් ඒකක 6.5 ක් වන අතර, එම කම්පනයත් සමග ප්‍රදේශයේ ජනතාව දැඩි ලෙස භීතියටත් කලබලයටත් පත්ව ඇති බවද වාර්තා වේ.
කෙසේ නමුත් ඉන් සුනාමි අවධානමක් නොමැති බව බලධාරීන් තහවුරු කර ඇත.
භූ කම්පනයෙන් ගොඩනැඟිලි ඇතුළු දේපළ රැසක් විනාශ වී ඇති බවත්, කඩාවැටුණු ගොඩනැගිලිවල සුන්බුන් තුළ සිරවී සිටින පිරිස් සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදු කරන බවත් එම වාර්තා සදහන් කරයි.