Language Switcher

V2025

අයහපත් කාලගුණය ඉන්දියාවේ 147කට මරු කැදවයි

ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකට පසුගිය දින කිහිපයේ සිට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 147 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

කර්නාටක,කේරළ සහ මහාරාෂ්ට්‍රා ප්‍රාන්තවලට මෙම අයහපත් කාලගුණික බලපෑම් එල්ල වී ඇති අතර ඒ හේතුවෙන් විශාල ප‍්‍රමාණයක් අවතැන් වී ඇති බවද වාර්තා වේ.

දින කිහිපයක සිට ඇඳ හැලෙන අධික වර්ෂාපතනයත් සමඟ මෙම ගංවතුර හා නායයෑම් තත්වයක් හට ගැනුනේ කේරළ ප‍්‍රාන්තයට වැඩි බලපෑමක් එල්ල කරමිනි.