Language Switcher

V2025

පිලිපීනයේ ජාතික ඩෙංගු වසංගත තත්ත්වයක්

පිලිපීනය තුළ මේ වන විට උග‍්‍ර තත්වයකට පත්ව ඇති ඩෙංගු වසංගත තත්වය හේතුවෙන් රට තුළ ජාතික ඩෙංගු වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට පිලිපීන බලධාරීන් පියවර ගෙන ඇත.

ඩෙංගු උණ වැළඳීම නිසා සිදුවූ ජීවිත හානි ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් පිලිපීන බලධාරීන් මෙම පියවර ගනු ලැබීය.

ඉකුත් ජූලි මාසයේදී පිලිපීනයෙන් ඩෙංගු උණ රෝගීන් එක්ලක්ෂ හතළිස් හයදහසක් පමණ වාර්තා වී තිබූ අතර එම අගය පසුගිය වසරේ ජුලි මාසයේදී එරටින් වාර්තාවූ ඩෙංගු ආසාදිතයන් ගණන මෙන් සියයට අනූ අටක වැඩිවීමක් බව සෞඛ්‍ය බලධාරීන් පවසති.

මදුරුවන්ගෙන් බෝවන රෝග හේතුවෙන් මේ වසර තුළදී පිලිපීනයේ පුද්ගලයන් හයසීයකට අධික පිරිසක් මියගොස් ඇති බවද පැවසේ.