ට්‍රම්ප්ගෙන් ඉරානයට නව සම්බාධක

ට්‍රම්ප්ගෙන් ඉරානයට නව සම්බාධක

ඉරානයට නව සම්බාධක පැනවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඇමරිකානු ජනාධිපතිවරයාගේ මෙම තීරණය සම්බන්ධව එරට භාණ්ඩාගාර ලේකම්වරයා මාධ්‍ය වෙත අනාවරණය කළ බවත් ඊට අනුව මෙම නව සම්බන්ධක පැණවීම ඉරානයේ ඉහළ පෙළේ නියෝජිතයන් ඉලක්ක කර සම්බන්ධක පැණවීම ට්‍රම්ප්ගේ සැළසුම බවද එම වාර්තා වල සඳහන්ව ඇත.

මේ අයුරින් ට්‍රම්ප් ඉරානය වෙත සම්බාධක පැණවීමට සුදානම් වන්නේ 2015 වසරේ ඇතිකර ගත් ගිවිසුම පරිදි මේ වන විටත් ඉරානයට පනවා ඇති සම්බාධක ඉවත් කිරීමට නියමිතව තිබියදී බවත් ඒ හේතුවෙන් එම ගිවිසුමද අවධානමක ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන්ව ඇත.

එසේම ට්‍රම්ප් ගේ මෙම තීරණය හේතුවෙන් න්‍යෂ්ටික ගිවිසුම අවධානමට පත්වන බව යුරෝපා බලවතුන්ද ඇමරිකා එක්සත් ජනපද බලධාරීන් දැනුවත් කර ඇති බවත් ඒ හේතුවෙන් මෙම තීරණය සම්බන්ධව නැවත සිතා බලන ලෙසද ඔවුන් එක්සත් ජනපද බලධාරීන්ට අවධාරණය කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන්ය.

කෙසේ වුවත් ඇමරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම්වරයා සඳහන් කර ඇත්තේ ඉරානය සමඟ ඇති න්‍යෂ්ටික ගිවිසුමෙන් මුළුමනින්ම ඉවත්වීම ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ අදහස බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න