ඇමරිකාව සීමාව ඉක්මවා යනවා - ඉරානය

ඇමරිකාව සීමාව ඉක්මවා යනවා - ඉරානය

ඇමරිකා එක්සත් ජනපදය විසින් තම අධිකරණ ප්‍රධානියා වන සධීක් අමොලි ලාර්ජානිට එරෙහිව සම්බාධක පැනවීම සීමාව ඉක්මවා යාමක් ලෙස ඉරානය නිවේදනය කර ඇත.

විදෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට මීට අදාලව ඉරානයේ ප්‍රතිචාරය බරපතල විය හැකි බවත් ඒ සම්බන්ධව සියළු වගකීම් ට්‍රම්ප් ප්‍රමුඛ ඇමරිකාව විසින් දැරිය යුතු බව ඉරාන විදේශ අමාත්‍යංශයද නිවේදනය කර ඇත.

එසේම එක්සත් ජනපදය සමඟ කවර ප්‍රශ්නයක් ඇතිවුවත් තමන් ලෝක බලවතුන් සමඟ න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධව ඇතිකරගෙන තිබෙන සම්මුතියේ කිසිඳු වෙනසක් නොකරන බවද අදාළ නිවේදනය නිකුත් කරමින් ඉරාන විදේශ අමාත්‍යංශය සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න