Image

ට්‍රම්ප් ඉරානයෙන් වන්දි ඉල්ලයි

 ට්‍රම්ප් ඉරානයෙන් වන්දි ඉල්ලයි

එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (10) සාම ගනුදෙනුවක් පිණිස ඉරාන කොන්දේසිවලට ස්වකීය  ප්‍රතිචාරය දැක්වී ය.

ඒ  අනුව,  යුද්ධයෙන්, ප්‍රහාර හේතුවෙන්, මෙන්ම, අරගල හේතුවෙන් ද ජීවිතක්ෂයට පත් ජනතාවට ඉරානය වන්දි ගෙවිය යුතු බවට ඔහු බල කර සිටියේ ය. නවතම තත්ත්වය ප්‍රකාරව, හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවර කිරීමේ ප්‍රයත්න තව දුරටත් වියැකෙන'යුරක් දක්නේ වේ.

ට්‍රම්ප්, දෝලන ප්‍රතිපත්තියක

ට්‍රම්ප් ගේ යෝජනාව, මීට පෙර ඉදිරිපත් නොකළ යෝජනාවකි. එය, වන්දි ගෙවන ලෙස  සහ, සම්බාධක ඉවත් කරන ලෙස ටෙහ්රානය විසින් ඉදිරිපත් කරන ලද කොන්දේසිවලට එදිරිව දක්වන ලද ප්‍රතිචාරයකි. ඉරාන කොන්දේසි බහුතරය ජුනි මස අත්සන් තැබුණු සාම ගනුදෙනුවට අනුගතව සිදු කෙරෙන ඉල්ලීම් වේ. මේතාක්, එම සාම ගිවිසුමද කඩාකප්පල් ව පවතී.

පෙබරවාරි මස යුද්ධය ඇරඹි දා සිට, ජනපති ට්‍රම්ප්, දෝලන ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරන්නේය. වරෙක ඔහු ප්‍රහාර තීව්‍ර  කරන බව පවසයි. තවත් වරෙක කඩිනම් සාම සැලැස්මක අවශ්‍යතාව අවධාරණය කරයි.

"පනස් අවුරුද්දක් පුරා උන් කළ දේවලට මුදලින් හානි පූර්ණ ඉල්ලන්නයි අපේ සූදානම," ට්‍රම්ප් ධවල මන්දිරයේ දී පැවසී ය. ඉරාන මූලධර්මවාදී රජයට එරෙහි කුමන්ත්‍රනයේ දී ඝාතනය කළ ජනතාවට මෙන්ම, කලාපීය ගැටුමින් ජීවිතක්ෂයට පත් එක්සත් ජනපද හමුදාවන්ට ද ඉරාන රජය වන්දි ගෙවිය යුතු බව ට්‍රම්ප් කියා සිටියේය.

"වන්දි ගෙවන්න ඇත්නම්, ඉරානය ඒවා ගෙවල දාන එක තමා හොඳ," ඔහු කීය.

ඉරාන රජය, අරගලකරුවන් ඝාතනය උත්සන්න කළා

2025 වසර අග භාගයේ සිට 2026 වසර මුල තෙක් ඉරානය තුළ ඇවිළි රාජ්‍ය විරෝධී අරගලයෙන් ඉරාන වැසියන් 52,000ක ට ආසන්න පිරිසක්   ඝාතනය ව ඇතැයි, නවතම වාර්තා උපුටා දක්වමින් ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේය. එම ගණන දස දහස් සංඛ්‍යාවක් බව, ඉරාන විපක්ෂ කණ්ඩායම් පවසයි. ඉරාන රජය  අරගලකරුවන් 6,500ක් ඇතුළු 7000කට අධික ජන සංහාරයක් සිදු කර ඇතැයි, එක්සත් ජනපදයේ මානව හිමිකම් ක්‍රියාකාරී ප්‍රවෘත්ති ඒජන්සිය (HRANA)  ඉකුත් පෙබරවාරි මස කියා සිටියේය.

ඊශ්‍රායල සහ එක්සත් ජනපද ගුවන් ප්‍රහාර හමුවේ ඉරාන යුද්ධය ඇරඹි දා, එම රජය බිඳ හෙලීමට වීදි බසින ලෙස ට්‍රම්ප්, ඉරාන ජනතාවට දන්වා සිටියේය. එතැන් සිට, ඉරාන රජය, අරගලකරුවන් ඝාතනය උත්සන්න කළ බව, ඉහත මානව හිමිකම් සංවිධානය පවසයි.

හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවර කිරීම සම්බන්ධයෙන් ඕමානය සමග සාකච්ඡා සාර්ථක වර්ධනයේ

2000 වසරේ ඔක්තෝබරයේ යේමන දේශ සීමාවේ යාත්‍රා කළ යූ. එස්. එස්. කොලී නාවික යාත්‍රාවේ වූ එක්සත් ජනපද නාවික භටයින් 17 දෙනකු ඝාතනය  සම්බන්ධයෙන් ඉරාන රජය එම පවුල් සාමාජිකයින්ට වන්දි ගෙවිය යුතු බව, ට්‍රම්ප් පැවසීය. කෙසේ වෙතත්, එම ප්‍රහාරයේ වගකීම ඉරාන රජය නොව, අල් ඛයිඩා සංවිධානය මත  පටවා තිබේ.

එමතු නොව,  ඉරාන සාකච්ඡා අනුව, ලෙබනනය, සිරියාව, යේමනය සහ ගාසා හි සිදු වූ විනාශයට සහ ජීවිත හානිවලට ඉරානය වගකිව යුතු බව ට්‍රප්ම් ටෘත් සමාජ මාධ්‍ය සටහනක පසුව සඳහන් කළේය.

මේ අතර,  හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවර කිරීම සම්බන්ධයෙන් ඕමානය සමග සාකච්ඡා සාර්ථක වර්ධනයේ පවතින බව, ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයෙල් බඝේ ඊයේ පැවසීය. ඒ අනුව, එහි නව නෞකා මාර්ගයක් නිර්දේශ කිරීමට නියමිතය. සාකච්ඡා ප්‍රමාදය තාක්ෂණික ගැටලු කිහිපයක් නිසා බව ද බඝේ දන්වා ඇත.

සටහන: Reuters  ඇසුරින්;  හර්ෂ උදයකාන්ත පීරිස්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න