රුසියාවෙන් යුක්‍රේනයට මිසයිල සහ ඩ්‍රෝන වැස්සක්

රුසියාවෙන් යුක්‍රේනයට මිසයිල සහ ඩ්‍රෝන වැස්සක්

රාත්‍රිය පුරා ඊයේ හැළුණු රුසියානු මිසයිල සහ ඩ්‍රෝන වර්ෂාවකින් යුක්‍රේනයේ 05 දෙනකුවත් ජීවිතක්ෂයට පත් වී ඇතැයි වාර්තා වේ. රුසියානු ප්‍රහාරයෙන් නිවාස සහ විදුලි ජනන මධ්‍යස්ථාන ඇතුළු පොදු දේපළ රැසක් ද විනාශ වී තිබේ.

මිය ගිය පස් දෙනාගෙන් සිව් දෙනෙක් එකම පවුලේ සාමාජිකයෝ වෙති.

පෝලන්ත දේශ සීමාව ආසන්නයේ පිහිටි ලුවීව් (Lviv) හි කර්මාන්ත උද්‍යානයක් ද ප්‍රහාරයෙන් ගිනිගෙන දැවෙමින් ඇතැයි යුක්‍රේන මාධ්‍ය ප්‍රකාශ කළේය. ප්‍රදේශවාසීන්ට නිවෙස් තුළම ආරක්ෂාව සලසා ගන්නා ලෙස දැනුම් දී තිබේ.

යුක්‍රේනයේ හමුදා කාර්මික උද්‍යාන, ගෑස් සහ බලශක්ති ජනන මධ්‍යස්ථාන ඉලක්ක කර දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළ බව රුසියානු හමුදා ඊයේ (05) ප්‍රකාශ කළහ.
රුසියානු ප්‍රහාරය මිසයිල 50කට සහ ඩ්‍රෝන 500කට අධික සංඛ්‍යාවකින් සමන්විත වූ බව යුක්‍රේන ජනපති වොලොද්මීර් සෙලෙන්ස්කි (Volodymyr Zelenskiy) පැවසීය.

 

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
10/5/2025

Five killed, energy infrastructure damaged in Russian air attack on Ukraine

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න