දකුණු චීනයේ සංචාරයට මැට්මෝ සුළි කුණාටුව හරස් වේ

දකුණු චීනයේ සංචාරයට මැට්මෝ සුළි කුණාටුව හරස් වේ

මැට්මෝ (Matmo) සුළි කුණාටුව හේතුවෙන් ඊයේ (04) රාත්‍රියේ සිට හෙනාන් (Hainan) පළාත වෙත සිදු කෙරෙන ගුවන් ගමන් සහ මගී ප්‍රවාහන යාත්‍රා සේවා තාවකාලිකව නතර කරන බව චීන රජය දැනුම්දුන්නේය. එරට වාර්ෂික නිවාඩු සංචාර සිදු කෙරෙන උච්ඡතම කාලසීමාව මෙය වේ.

ඒ අනුව, හේකු (Haikou) ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිටත්වන සහ ඒ වෙත ළඟා වන සියළු ගුවන් ගමන් එරට වේලාවෙන් ඊයේ ප.ව.11.00 සිට තාවකාලිකව අවලංගු කර තිබේ. සුළි කුණාටුව හේතුවෙන් දකුණු චීනයේ ග්වන්ඩොන් ( Guangdong ) සහ යුනාන් (Yunnan) ඇතුළු ප්‍රදේශ රැසක දැඩි සුළං සහිත තද වැසි හට ගත හැකි බවට අනතුරු අඟවා තිබේ. හෙනාන් සංචාරක කලාපයේ සියලු සංචාරක මගී යාත්‍රා සේවා ද ඊයේ ප.ව.6.00 සිට තාවකාලිකව නතර කර ඇත.


(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
10/5/2025

මුලාශ්‍රය :

China to cancel some flights as Typhoon Matmo nears Hainan during peak holiday travel

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න