බංග්ලාදේශයේ ඩකා අගනුවර මහල් හයක ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 43 දෙනෙකු මියගොස් තිබේ.
අදාළ ගොඩනැගිල්ලේ පිහිටි අවන්හලක මුලින්ම මෙම ගින්න ඊයේ(29) රාත්‍රියේ දී හටගෙන ඇත.
පුද්ගලයන් 75දෙනෙකු පමණ දුම් ආග්‍රහනය වීමෙන් සහ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මහල් හතකින් යුතු මෙම ගොඩනැගිල්ලේ ගින්න පැය දෙකක පමණ කාලයකින් පසු පාලනය කිරීමට හැකිවූ බව ගිනි නිවන නිලධාරීන් පැවසීය.
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 13 ක් යෙදවීමට සිදුවූ බව එරට බලධාරීන් සදහන් කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
