ලෝකයේ ප්‍රධාන ඉන්ධන සැපයුම්කරුවන් වන සෞදි අරාබිය සහ ඔපෙක් සාමාජික රටවල් සිය ඉන්ධන නිෂ්පාදනය
සැලකිය යුතු ලෙස පහළ හෙළීමට තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි.
ඒ අනුව දෛනිකව බැරල් මිලියන 1.16ක් පමණ නිෂ්පාදනය අඩුකිරීමට එම රටවල් තීරණය කර ඇත.
මේ වනවිට රුසියාව සහ අනෙකුත් ඉන්ධන නිෂ්පාදනය කරන රටවල් නිෂ්පාදනය අඩුකිරීමට තීරණය කර ඇති බැවින් දෛනිකව අඩුකර ඇති ඉන්ධන නිෂ්පාදන ධාරිතාව බැරල් මිලියන 3.66ක් හෙවත් ලෝක ඉන්ධන ඉල්ලුමෙන් 3.7% බවද මාධ්‍ය වාර්තා වල දැක්වෙයි.
වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසන්නේ මේ තීරණය සමඟ ලෝක ඉන්ධන මිල ඉහළයාම නොවැළක්විය හැකි බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
