Language Switcher

V2025

චීන විරෝධය නොතකා තායිවාන ජනාධිපති ඇමරිකානු සංචාරය අරඹයි



මාධ්‍ය වාර්තා වල සඳහන් ආකාරයට   සංචාරය ආරම්භ කරමින් තායිවාන ජනාධිපතිනිය නිව්යෝර්ක් නුවරට පැමිණ ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ ඇය මෙලෙස අමෙරිකාවට පැමිණ සිටින්නේ චීනයේ දැඩි විරෝධය හා අනතුරු ඇගවීම් මධ්‍යයේ බවයි.

අමෙරිකාවේ හා තායිවානයේ මෙම ක්‍රියාකලාපය බරපතල ප්‍රතිවිපාක ඇතිකර දෙනු ඇති බවයි චීනය අනතුරු අගවා ඇත.

එමෙන්ම තායිවාන ජනාධිපති සායි ඉන් වෙන්, සිය අමෙරිකානු සංචාරයේදී එරට කථානායක කෙවින් මැකාති හමුනොවිය යුතු බව ද චීනය පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

සිය විරෝධය මධ්‍යයේ එවැනි හමුවීම් ඔස්සේ ඉදිරියට යන්නේ නම් එය බරපතල ගැටුමකට තුඩු දිය හැකි බවට ද චීනය අනතුරු ඇගවීමේ ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

කෙසේවෙතත් චීනයට පිළිතුරු දෙමින් අමෙරිකාව පවසන්නේ තායිවාන ජනාධිපතිනියගේ අමෙරිකානු සංචාරය සම්බන්ධයෙන් තායිවානය සීමාව ඉක්මවා ප්‍රතික්‍රියා නොදැක්විය යුතු බවයි. එමෙන්ම තායිවාන ජනාධිපතිනිය සිය අමෙරිකානු සංචාරය අතරතුර එරට කථානායකවරයා හමුවෙනු ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත .