Kuwait Airways ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් අත්හිටුවයි

Kuwait Airways ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් අත්හිටුවයි

කුවේට් එයාර්‍වේස් සමාගම ( kuwait airways) ශ්‍රී ලංකාව බලා පියාසර කරන ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කර ඇතැයි ඇරැබ් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත.

එහි සදහන් වන ආකාරයට දේශීය නියෝජිත ආයතන හිග මුදල් නොගෙවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවය.

ශ්‍රී ලංකාව තුළ උද්ගතව ඇති ඩොලර් අර්බුදය මෙයට හේතු වී ඇති බවද අදාළ මාධ්‍ය වාර්තාවේ දැක්වේ.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට කුවේට් එයාර්වේස් සමාගම, ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් සතියකට එක් වරක් පමණක් පියාසර කරන පරිදි සිමා කර තිබිණි.

අදාළ මාධ්‍ය වාර්තාවේ දැක්වෙන්නේ, ශ්‍රී ලංකාව වෙත ගුවන් සේවාවක් ක්‍රියාත්මක කිරීමට වැය වන මුදල පියවා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවවය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න