Image

63 වන මානව හිමිකම් සැසිවාරයේ ශ්‍රී ලංකාවට විරුද්ධව ඉතාමත් බරපතළ චෝදනා - ජී. එල්. පීරිස් පවසයි

63 වන මානව හිමිකම් සැසිවාරයේ ශ්‍රී ලංකාවට විරුද්ධව ඉතාමත් බරපතළ චෝදනා - ජී. එල්. පීරිස් පවසයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරමින්, ඒ වෙනුවට අලුත් පනතක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තරයට පොරොන්දු වී ඇති බවත්, මෙම පනත සාධාරණීකරණය කිරීමට නොහැකි බව රජය බොහොම පැහැදිලිව පිළිගෙන ඇති බවත්, එසේ වුව ද නව පනත යටතේ මානව හිමිකම් සුරක්ෂිත කිරීමට කිසිසේත් හැකියාවක් නොමැති බවත් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවේ දී ය.

මේ වන විට ජිනීවා නගරයේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වන සැසිවාරය පවත්වාගෙන යන බවත්, මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්තුමා ශ්‍රී ලංකාව පිළිබඳ සවිස්තර වාර්තාවක් ඒ සැසිවාරයට ඉදිරිපත් කර ඇති අතර එම වාර්තාවේ ශ්‍රී ලංකාවට විරුද්ධව ඉතාමත් බරපතළ චෝදනා එල්ල කර ඇති බවත් මහාචාර්ය ජී. එල් පීරිස් වැඩි දුරටත් පැවසී ය.

WhatsApp Image 2026 09 16 at PM

මෙම මාධ්‍ය හමුවේ දී: ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක, හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් සහ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික දිනුක් කොළඹගේ ද අදහස් දැක්වූහ.

මතු පළ වන්නේ එම මාධ්‍ය හමුවේ දී මොවුන් දැක්වූ අදහස් අන්තර්ගත සම්පූර්න වියමන යි.

කියවන්න පිවිසෙන්න මෙතනින්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න