දිල්ලියට රාත්‍රී ඇඳිරි නීතිය පැනවේ

දිල්ලියට රාත්‍රී ඇඳිරි නීතිය පැනවේ

ඉන්දියාවේ නවදිල්ලි නුවරට අද (27) සිට රාත්‍රී ඇඳිරි නීතිය පැනවීමට නගර බලධාරීන් තීරණය කර තිබේ.

ඒ අනුව  රාත්‍රී 11 සිට පසුදා අලුයම 5 දක්වා ඇඳිරි නීතිය පැනවෙන බව වාර්තා වෙයි.

ගතවූ පැය 24 ක කාලය තුළ නවදිල්ලි නුවරින් වාර්තා වී ඇති ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයින් සංඛ්‍යාව 290 කි.

විදෙස් වාර්තා සඳහන් කළේ, එය පෙර දිනයට සාපේක්ෂව16%ක වැඩි වීමක් බවයි.

නවදිල්ලි නුවර ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතය 0.5% කින් ඉහළ ගොස් ඇති අතර එය බරපතළ තත්ත්වයක් බව සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.

නවදිල්ලි නුවර ආශ්‍රිත ප්‍රදේශවලට අවදානම් තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර ඇත්තේ එම බරපතළ තත්ත්වය හේතුවෙනි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න