ලංකා දේශපාලනයේ ආණ්ඩු පාර්ශ්වය හෝ විපක්ෂ පාර්ශ්වය හෝ මේ වන විට කරමින් සිටින්නේ ලබාගත් දේශපාලන බලය රැක ගැනීම හෝ බලය ලබා ගැනීමට ක්‍රියාශීලීම නොව මුදල් පසුපස හඹා යැමේ තරඟයක යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ රටක විපක්ෂය යනු රාජ්‍යකරණයේ ම කොටසක් වුව ද ලංකාවේ විපක්ෂය යනු ඉතා මන්දගාමී, රාජ්‍යකරණයට මැදිහත් වීමේ ස්වරූපය අවමයෙන් පෙන්නුම් කරන පාර්ශ්වයක් බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
